(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණිය ඉගෙනුම ලබන පාසලේ පන්ති කාමරයේ සිසු සිසුවියන් 42 දෙනා ඇතුළු ඇය ඇසුරු කළ සිසුසිසුවියන් 48දෙනෙකුගෙන් කිසිවෙකුට හෝ වයිසරය ආසාදනය වී නැති බව සෞඛ්‍ය බලධාරීන් විසින් පාසලේ විදුහල්පතිවරයාට දැනුම් දී තිබේ.
එම දියණියගේ පන්තියේ ළමුන් 42දෙනෙකුද, එම පන්තිය අසළ තවත් පන්තියක ළමුන් 6දෙනෙකු ද වශයෙන් ළමුන් 48දෙනෙකු ඊයේ(05) විදුහලේදී පී.සී. ආර්. පරීක්ෂණයට ලක් කෙරිණි. එහි ප්‍රතිඵල අනුව එයින් කිසිවෙකුටත් වයිරසය ආසාදනය වී නැති බව සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබේ.
පන්තියේ සිසුසිසුවියන් 42 දෙනා මීගමුවේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින අතර සෙසු සිසු සිසුවියෝ 6දෙනා ඔවුන්ගේ නිවෙස්වල ම නිරෝධායනය වෙමින් සිටිති.
විදුහලේ ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ද පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබු අතර ඒවායේ ප්‍රතිඵල වාර්තා මෙතෙක් ලැබී නැත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දියණියගේ පන්තියේ ළමුන් 48 ට කොරෝනා නෑ