
“එළියට යන්න, කොරෝනාවට බය වෙන්න” එපා යැයි දින තුනක් රෝහලේ නැවතී ප්‍රතිකාර ලබාගත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.
නව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (6) රෝහලෙන් නික්ම ගියේය.
කෙසේ නමුත් ඇමෙරිකානු ජනාධිපතිවරයා තවමත් පූර්ණ සුවය ලබා නැතැයි වෛද්‍ය ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
නැවත ධවල මන්දිරයට පැමිණි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එහි සඳලුතලයට ගොස් මුඛ ආවරණය ගලවා ආචාර ද කළේය.
ඇමෙරිකානු ජනාධිපතිවරයාට තවමත් වයිරසය ඇතැයි ද ඔහුගෙන් අනෙක් අයට වයිරසය ආසාදනය වීමේ අවදානම ඉතා ඉහළ යැයි ද වෛද්‍යවරුන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ 2,10,000කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇත.
ධවල මන්දිරයට පැමිණීමෙන් පසුව ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය ආධාරකරුවන්ට පණිවුඩයක් ද දුන්නේ ය. ඔහු ධවල මන්දිරයට පැමිණෙන විඩියෝ පටයක් ද හෙතෙම සිය ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කළේය.
ධවල මන්දිරය නැවත පැමිණීමට ලැබීම සම්බන්ධයෙන් ඉතා සතුටට පත්වන බවත් “ඉතාම හොඳ” බවත් ට්‍රම්ප් කීවේය.
ට්‍රම්ප්ට නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව ධවල මන්දිරය තුළින් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරක් නිර්මාණය වී තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට අමතරව ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප්, ඔහුගේ සමීපතම උපදේශකයා වන හෝප් හික්ස් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පසුගිය සතියේදී වාර්තා විය. ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කෙයිලි මැක්නනිට සහ ඇයගේ සහායකයන් දෙදෙනකුට මෙන්ම ධවල මන්දිර වර්තාකරුවන් දෙදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මේ වනවිට දැනගන්නට ලැබේ.
රොයිටර් / ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සො රජ වුණාම ඔහොම තමයි. ලංකාවෙත් එහෙමනේ.
ඔබතුමාගේ දේශපාලන කටයුතු මොනවා වුණත් මෙහිදී පෙන්නුම් කරන ධෛර්යය හා ආත්ම ශක්තිය ගැන මම ඔබතුමාට ගෞරව කරමි. නියම වීරයකු ලෙස ඔබතුමා ඉතිහාසගත වනු ඇති. පිස්සන් තමන්ට පිස්සු බව නොදනිති. අනුකම්පා කරමු...