
රට තුළ උද්ගත වී ඇති කෝවිඩ් -19 අභියෝගය සමීපව නිරීක්ෂණය කරමින් පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (06) තීරණය කළේය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
හෙට (07) දහවල් නැවත රැස්වී පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට ගෙන යාම සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමට පක්ෂ නායකවරු තීරණය කළහ. කෙසේ නමුත් හෙට (07) සිට දැනට කැඳවා ඇති කමිටු රැස්වීම් සියල්ල තාවකාලිකව අත්හිටුවීමට එහිදී තීරණය විය.
ඒ අනුව හෙට දිනයේ දී ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම, වරාය හා ගුවන් තොටුපොල සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම විවාදයට ගනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා ඒ කොහොමද? මුළු රටේම කොරෝනා නම් මිනිස්සුන්ට ආදර්ශයක් විදිහට පාර්ලිමේන්තුවත් කල් තියන්න එපෑයැ මුලින්ම. උසාවිත් වහන්න එපෑයැ. කොරෝනා රට පුරා හතු වගේ පිපෙන්න ගත්තේ 20, 20, 20 කියලලු කියන්නේ ඇත්තද? රටේම ඇඳිරි නීතිය දාගෙන, සමාජ ජාලා බය කරගෙන 20 සම්මත කරගන්නද හදන්නේ? මෙච්චර හදිස්සි ඇමරිකන් ඡන්දය හින්දද? පව් අර හාමුදුරුවරු...
අනේ මිනුවන්ගොඩින් එක්කෙනෙක් යවන්නකෝ. කරුණාකරලා.
අපොයි ඔව්, සුදෝ සුදු ඇඳුමින් සැරසුණු, සත්ගුණවත් නරුම හොර රැල ඔවුන්ගේ දියවන්නාවේ හොල්මන් බංගලාවේ හැමදාම රැස්වෙලා ... මිනිස්සුන්ගෙන් හොරා කාපු දේවල් බෙදා හදා ගනීවි. හරියටම අලි බබා සහ හොරු 40 කතාවේ හොරු වගේ. ඒ කතාවේ හොරු 40 යි. එ්ත් මේ කතාවේ හොරු 200 ගණනක්..!!! කොරෝනා වැඩිවෙන්න, වැඩිවෙන්න මොවුන්ට ජොලි... දෙවියන්ට පින්සිදුවේවා කියලා තමයි වැඩ පටන්ගන්නේ මූලාසනයේ. හදිසි අවශ්‍යතාවක් කියලා 20 සම්මත කරගන්නවා. ජනාධිපතිට පූර්ණ බලතල අවශ්‍ය වෙලා කෝවිඩ් සමග සටනට යන්න. නරුම හොරු ඔක්කොම අත් දෙකම විතරක් නොවෙයි පුලුවන් නම් කකුල් 2ත් උස්සලා ඡන්දය දේවි. එ්කට දොළ පිදේනි තියෙනවා. කාර් පර්මිට්...!!! එකක් නොවෙයි ඕනනම් තව එකක් නෝනටත් පාස් කරලා දෙන්නම්. ජනාධිපතිගේ කාලය කොරෝනා ඉවර වෙනකම් දික්කරන්න පනතක් සම්මත කරගනියි. ලෙඩේ ටිකෙන් ටික බෝකරන ක්‍රමය අසිරිමත් ධර්මද්විපයෙන් සොයා ගැනේ. එතකොට 2075 වෙනකොටත් ලංකාවේ කොරෝනා තියෙයි. ලෙඩේ වවාගෙන කන නිසා රටේ මිනිස්සු වලකජු ගහලා. ඊළඟ ඡන්දෙට ඡන්දෙ දෙන්න ඉන්දියාවෙන් මිනිස්සු,... චීනෙන් හිරකාරයින් ගෙනෙන්න වේවි. බයියන්ට ජයවේවා...!!!
ඔව් ඕක වහලා කොහොමද මයෙ දෙයියෝ. 20සම්මත කරගන්න එපැයි. නැත්නම් කොහොමද රට බේරගන්න තියෙන අවසන් අවස්ථාව උදාකරගන්නේ.