
(අජන්ත කුමාර අගලකඩ)
පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
දිවුරුම්දීම අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා තවම තනතුරු බෙදාගන්න දඟලනවා. අරෙහේ කොරෝනා රජ කරනවා. විදේශ රටවල ඉන්න මිනිස්සු දුක්විඳිනවා... ලංකාවට එන්නේ කොහොමද කියලා.
අනේ සාදු... මල් පිපියන් සැමදා. මේ වගේ රට ඉක්මණට දියුණු වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ හාමුදුරුවනේ...!!!
අර හමුදුරුවන්ගේ දේහය අාදාහනය කරන්න දෙන්නේ නැතිව නඩු දාපු කෙනා නේද මේ..? ඇත්තටම මෙයා ඒ කාලේ කලේ සාහසික ඩීල් එකක්..
සර් ඔබට මගේ ගෞරවාදරය..
කොහොමද ඒක? සිංහලයන් බෞද්ධයින්ට විරුද්ධකම් කරපු ඔක්කොම දැන් හොඳ වේගෙන යනවා. සිංහල බෞද්ධයින් හැදුවා කියපු ජනාධිපති. බදියුදීන්ට දීපු සංඥාවක් මේක මම හිතන්නේ. දැන් 20න් පස්සේ කරන්න ඉන්න මහා පරිමාණ කැබිනට් සංශෝධනයෙන් පස්සේ සුළු ජාතික මන්ත්‍රීවරුන්ට දෙන අනිකුත් ඇමතිකම් මොනවද? අධිකරණ ඇමතිකම හරි. ඊළඟට සාමාන්‍යයෙන් කැමැත්ත තියෙන්නේ වෙළඳ ඇමතිකම, කර්මාන්ත ඇමතිකම, නාගරික සංවර්ධන, වැවිලි, රාජ්‍ය භාෂා, නිවාස, ආගමික කටයුතු. ඔයි වගේ ඒවාට තමයි කැමැත්ත. දැනට තමන්ට තියෙන ඇමති තනතුරු රාජ්‍ය ඇමති තනතුරු බේරාගන්න කියලා 20ට පක්ෂව ඡන්දෙ දෙන්න හිතාඉන්න ඇමතිවරු ගැන මට හිනායනවා.
ආණ්ඩුව නිකන් දැන් ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ...
තව ටික දවසක් යනකොට, ශ්‍රී ලංකාවෙන් දිනපතා හමුවෙන කොරෝනා රෝගීන්ට වඩා ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු වගේ අය පාර්ලිමේන්තුවේ අසුන් ගන්නවා ඇත. කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙනවා වගේ... මේ අයත් දිනෙන් දින ඉහළ යනවා. ‘‘සෞභාග්‍යයේ දැක්ම‘‘ කියන්නේ මේකටද?
අපරාදෙ රටේ සල්ලි... මේ ගොල්ලන්ට රජමගුල්...
අනේ මැරෙන්න ඉන්න මම පොහොට්ටුවට ඡන්දෙ දීලා අපාගත වෙයිද පුතෝ.. ? අපේ ජනාධිපතිතුමා අපිව රැවටුවාද? මේ මොනවද වෙන්නේ? තවත් ඇමැතිවරු... තව මදිද?
ඇමැති මණ්ඩලය සීමා කරනවා කියලා නේද ඡන්දෙ ගත්තේ?
මේ මනුස්සයා නේද අර අම්පාර පැත්තේ ‘‘කැලේ කපනවා. පුරාවස්තු ඩෝසර් කරනවා‘‘ කියලා විරෝධය පෑව ස්වාමීන් වහන්සේලාට පරිභව කළේ...?
20ට අත උස්සන්න දෙන වරප්‍රසාද දෝ මන්දා.
20 හදන්න යන්නේ මෙහෙම නම්, 69 ලක්ෂයේ ඡන්ද දායකයාට බුදුසරණයි...