(බන්දුල ඉලේපෙරුම)
පාස්කු ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ බවට සැක කරමින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොයුරා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන ගැටලුවක් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මුලින් කී ප්‍රකාශ හා පසුව කළ ප්‍රකාශ පරස්පර බවත් මෙසේ සැකකටයුතු අයෙක් නම් නිදහස් කළේ ඇයි දැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (6) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ බදියුදීන් මන්ත්‍රීවරයාගේ සොයුරා සැකකරුවකු පමණක් බවත් ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමක් කළ බවත් එහිදී සාක්කි අනාවරණය වී නැති බැවින් නිදහස් කර ඇති බවත්ය.
නමුත් මෙම පරීක්ෂණ අවසන්ව නැති බැවින් ඉදිරියටත් විමර්ශන සිදුකරන අතර නැවත සාක්කි ලැබෙන පරිදි ඔහු යළි අත්අඩංගුවට ගෙන වුවද පරීක්ෂණ සිදුකළ හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ වෙනම ඒකකයක් පත්කර පරීක්ෂණ කරන බැවින් දිගින් දිගටම මේ පිළිබඳ විමර්ශන සිදුවන බවත් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා දන්වා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටියේ රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් සාක්කි ඇතොත් අදම ලබාදෙන ලෙසයි. එවිට යළි නව මානයකින් ප්‍රශ්න කිරීම් සිදුකර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවද දන්වා සිටියේය.
එසේම චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නවලට වැඩිදුරටත් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමඟ ආණ්ඩුවට කිසිදු සම්බන්ධයක් නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොදන්න රාජපක්ෂගේ ඇක්ටින්.
එතකොට චමල් මහත්තයා කියන්නේ එයාගේ අය 20ට පක්ෂව ඡන්දේ දුන්නේ නැතිනම් එයාව ආයෙත් අල්ලලා කූඩු කරනවා කියන එකද.?
මෙන්න බොලේ අපෙන් තොරතුරු ඉල්ලනවා. හතර හිනා මේවට.
ඔහෙලා කවුරුවත් අත් අඩංගුවට ගත්තෙත් නැහැ.. පොලිසියෙන් අල්ලාගත් බෝම්බ නිෂ්පාදන ආයතනයේ 18 දෙනා නිදහස් කළෙත් නැහැලු. දැන් ප්‍රශ්න කරනවා. තියෙන මුස්ලිම් ඡන්ද ටිකත් නැතිකරගන්නවා නේද?
ඡන්දෙට විතරයිනේ වැරදි කාරයා කරන්න වුවමනා වුණේ. දැන් කිසි සාක්කියක් නෑ කියලා චමල් මහත්තයාත් කියන්නේ.
රිෂාඩ්ට පාර්ලිමේන්තුවේ සීට් 4 තියෙනවා. 20ට ඒ අයගේ ඡන්දය අරගෙන දිනුවොත් ආණ්ඩුව මොකද කියන්නේ? දේශප්‍රේමී නඩය ආණ්ඩුවෙන් එළියට යනවද? නැතිනම් රිෂාඩ්ලා එක්ක ආණ්ඩු කරනවද? අපිට කියන්න.
මේකනම් 20ත් එක්ක මොකක්හරි සම්බන්ධයක් තියෙනවා. අරයා පක්ෂ ඡන්දය දුන්නේ නැතිනම් මෙයා ඇතුලේ..
ඒ දවස්වල පොහොට්ටුවෝ පාස්කු ප්‍රහාරය විකුණන් කෑවා දැන් මෙයාලා.