‘තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණයට සිතිවිල්ලක්වත් රජයට නැහැ’ තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ සිතුවිල්ලක්වත් වත්මන් රජයට නැතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (19) පැවැසීය. 19 February 2020
හිටපු ජනාධිපති පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීම ලැජ්ජාවක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොහොට්ටුවෙන් ජන්දය ඉල්ලීමට රෙද්දක් ඇඳගෙන පුළුවන්කමක් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතා පවසයි. 19 February 2020
උසස් තාක්ෂණ ඩිප්ලෝමාධාරීහු රැකියා ඉල්ලති ඌව පළාතේ උසස් තාක්ෂණ ඩිප්ලෝමාධාරීහු පිරිසක් අද(19) බදුල්ල ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයට ඇතුල්වී විරෝධතාවයක නිරතවෙමින් සිටිති. 19 February 2020
ගාල්ල මහ නගර සභාවේ ගාලගෝට්ටියක් ගාල්ල මහ නගර සභාවේ මාසික රැස්වීම අද (19) පැවති අවස්ථාවේ සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. 19 February 2020
ශ්‍රී ලාංකික පර්යේෂකයෝ කොරෝනා පාලනය කළ හැකි බව කියති චීනය ඇතුලූ ලෝකය කැළැඹීමකට ලක්කළ මාරන්තික කොරෝනා වෛරසය ඖෂධ කීපයක් යොදාගෙන මිනිස් සෛලවලට ඇතුලූවීම වැළැක්විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් පවසයි. 19 February 2020
කොරෝනා වැළඳුණ චීන කත සුවය ලබා රෝහලෙන් පිටව යයි කොරෝනා වෛරසය (කොවිඩ්-19) ආසාදනය වීමෙන් ජාතික බෝවන රෝග විද්යායතනයේෙ ප්‍රතිකාර ලබමින් සිටි චීන ජාතික කාන්තාව වන ලිඕ යාන් (43) මහත්මිය සම්පූර්ණයෙන්ම සුවය ලබා අද (19) රෝහලෙන් පිටවගියාය. 19 February 2020
වැඩි කළ විශ්‍රාම වැටුප ඉල්ලා රාජ්‍ය සේවකයෝ වීදි බසිති විශ්‍රාම ගිය රජයේ සේවකයන්ට 2020 ජනවාරි මාසයේ සිට නියමිත වැටුප් වැඩිකිරීම අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ විශ්‍රාමික රාජ්‍ය සේවකයෝ පිරිසක් අද(19) මහනගර සභාවට ආසන්න ප්‍රදේශයේදී උද්ඝෝෂණක නිරතවූහ. 19 February 2020
විද්‍යුත් පරිපථයකින් ක්‍රියාකරන තුවක්කුවක් සමඟ අයෙකු දැලේ විද්‍යුත් පරිපථයක් ආශ්රයෙන් ක්‍රියාත්මක වන සේ සකසා තිබූ තුවක්කුවක් සමඟ රුවන්වැල්ල ප්‍රදේශයේදී පුද්ගලයකු අද(19) අත්අඩංගුවට ගත් බව හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ නිලධාරීහු පවසති. 19 February 2020
අජිත් ප්‍රසන්නට ඇප විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට අද( 19) කොළඹ මහාධිකරණය මගින් ඇප නියම කර තිබේ. 19 February 2020
‘ආමි සමන්ත’ එස්ටීඑෆ් දැලේ දූනගහ, දිවුලපිටිය ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම් හා අපරාධවල නිරත සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ ‘ආමි සමන්ත’ නැමැත්තා දිවුලපිටියේ, බඩල්ගම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකා විශේෂ කණ්ඩායමක් අද (19) අත්අඩංගුවට ගත් බව එම බලකාය පවසයි. 19 February 2020
රංගන ශිල්පී කාවිංග පෙරේරා අත්අඩංගුවට තලංගම වේලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී අද (19) අලුයම මාරක රිය අනතුරක් සිදුකර පළා යමින් සිටි රංගන ශිල්පියකු වන කාවිංග පෙරේරා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 19 February 2020
බස් රියේ ගංජා ගැසූ සිව් දෙනාගේ වැඩ තහනම් පෞද්ගලික බස් රථ තුළ ගංජා පානය කිරිමේ දී පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ රියදුරු හා කොන්දොස්තරවරුන් සිව් දෙනා සේවය කළ මාර්ග අංක 240 මීගමුව කොළඹ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ දෙකේ ධාවනය අද (9) සිට අත්හිටුවා ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. 19 February 2020
පිලපිටියගේ පෙත්සමට කරුණු කියන්න වැඩබලන පොලිස්පතිට නොතීසි තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වැඩබලන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් නොතිසි දන්වා යවන්නැයි අභියාචනාධිකරණය අද (19) පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය. 19 February 2020
රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් 6 දෙනාට මරණ දඬුවම යකඩ පොලු වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් කර තවත් අයෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවේ තින්දුව ප්‍රකාශයට පත්කළ දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා විත්තිකරුවන් හයදෙනාටම අද (19) මරණිය දඬුවම නියම කළේය. 19 February 2020
වයිරසයෙන් මිය ගිය ගණන 2000 ඉක්මවයි කොරෝනා වයිරසයෙන් මිය ගිය ගණන 2000 ඉක්මවා ඇති බව ප්‍රංශ පුවත් සේවය පවසයි. 19 February 2020
සබරගමුව සරසවි සිසුහු ඉඩම් අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වෙති ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සබරගමුව විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් බත්තරමුල්ල පිහිටි ඉඩම් අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී තිබේ. 19 February 2020
සමගි ජනබලවේගය හංසයා ලකුණින් ඡන්දයට එක්සත් ජාතික පක්ෂය ප්රමුණ සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණයට හංසයා ලකුණ යටතේ තරග කිරීමට පක්ෂ උපදේශක කාරක සභාව ඊයේ (18) තීරණය කළේය. 19 February 2020
මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනයේ ජාතික උත්සවය අද මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරු 10.00 ට ගම්පොල දෙල්තොටදී ආරම්භ වේ. 19 February 2020
උප තැපැල් ස්ථානාධිපතිවරු 693කට උසස්වීම් වැඩ බලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස සේවය කළ 693 දෙනෙකු, තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස උසස් කර සේවයේ ස්ථිර කරන ලදැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 19 February 2020
රජය ජනතාවට දුන් බදු සහන බේකරි හෝටල් අවන්හල් හිමියන් කොල්ලකනවා රජයෙන් ජනතාවට දුන් බදු සහන බේකරි, හෝටල් සහ ආපනශාලා හිමිකරුවන් විසින් කොල්ලකනු ලබන බන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා කියයි. 19 February 2020
දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිසමේ කාලය හෙටින් අවසන් දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණිලි බාර ගැනීම හෙට (20) දිනයෙන් පසු අවසන් කරන බව එම කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කළේය. 19 February 2020
‘‘පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන සෑහීමකට පත්වෙන්න බෑ‘‘ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කොළඹදී පැවසූහ. 18 February 2020
විදුලි බලාගාර 5 ක් ඉදිකිරීමට රජය තීරණය කරයි නුදුරු අනාගතයේදී රට තුළ ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණ දීම සඳහා විදුලි බලාගාර 5 ක් කඩිනමින් ඉදිකිරීමට රජය තීරණය කර ඇත. 18 February 2020
පොහොට්ටුව ලකුණින් තරග කරන පක්ෂ අතර අවබෝධතා ගිවිසුමක් ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොහොට්ටුව ලකුණින් තරග කරන පක්ෂ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් අද (18) පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත. 18 February 2020
‘‘මාර්තු 2 – 6 අතර කාලයේ පාර්ලිමේන්තුව විසුරුවනවා‘‘ මාර්තු මස 2 වැනිදා සහ 6 වැනිදා අතර කාලසීමාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (18) පැවසීය. 18 February 2020
සහශ්‍රය සැමරීමට විශේෂ මුද්දරයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙම වර්ෂයේ පෙබරවාරි 20 වැනි දා සහශ්‍රය සැමරීම සඳහා විශේෂ මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් රාජිත රණසිංහ මහතා අද (18) පැවසීය. 18 February 2020
පාස්කු ප්‍රහාරයට පොලිසියේ 8දෙනකුට චෝදනාපත්‍ර කෙටුම්පත් කරලා පාස්කු ප්‍රහාරයට අදාලව වගකීම් පැහැර හැරීම ගැන ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝගය අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් කළ මූලික පරීක්ෂණයෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු අට දෙනකුට එරෙහිව ලබා දිය යුතු චෝදනාපත්‍ර කෙටුම්පත් කර ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කර ඇතැයි පොලිස් කොමිෂන් සභාවේ සහ පොලිසියේ ආරංචි මාර්ගවලින් පැවසේ. 18 February 2020
පොලිසියේ 25,397කට එකවර උසස්වීම් පොලිස් කොස්තාපල් නිලයේ සිට පොලිස් පරීක්ෂක නිලය දක්වා පොලිස් නිලධාරීන් 25,397කට උසස්වීම් ලබා දීමට ඊයේ (18) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර එම තීරණය පොලිස්පතිවරයාට යොමු කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි. 18 February 2020
කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් 20,000 ට වැඩි කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් 20,000 කට වැඩි ප්‍රමාණයක් තිබෙන බව කොළඹ මෙට්‍රෝ කලාපයේ අධ්යක්ෂ ලලිත් විජයරත්න මහතා පැවැසීය. 18 February 2020
කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කරන්න යයි රජයේ ආයතනවලට තාවකාලිකව අනියම් ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගෙන ඇති කාර්යාල සහායක සේවකයන් හා රියදුරන් ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත. 18 February 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026