
(විනිතා එම් ගමගේ)
මැතිවරණයේ දී ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටියේ 19 වන සංශෝධනයේ ඇති දුර්වලතා නිවැරදි කර ගැනීමට පමණක් බවත් ඉන් ඔබ්බට ගොස් අනාගතයේ නිවැරදි කරගන්නට බැරි විකෘති අංග විකල ව්‍යවස්ථාවක් සකසන්නට ජනතාව වරම් නොදුන් බව සිහි තබා ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයට එන්නට සේදමාවත වූයේ 19 වන සංශෝධනය බව කී රාජපක්ෂ මහතා ඔහු ඒ මාවත ගල් මුල් පහර දී විනාශ කරන්නට හදන්නේ යැයි ද සඳහන් කළේය.
විසිවන සංශෝධනය සම්මත කරගන්නට පියවර ගතහොත් ජනාධිපතිවරයා එය තම ජනාධිපති තනතුර නමැති ගෙල සිඳ ගන්නා අසිපතක් බවට පත් කර ගන්නේ යැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ නුගේගොඩ විජයබා මාවතේ සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා රටේ දැවෙන ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් ඇති බවත් ජීවන බර මෙන්ම කොරෝනා බිය ද ජනතාව පෙළන තත්ත්වයට පත්ව ඇති බවත් ඔහු කියා සිටියේය.
ජනතා ජීවිත සුවපත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙන්ම සියලු මහජන නියෝජිතයන් එක්කරගෙන රට ගොඩනැංවීමේ වැඩපිළිවෙළක් වහා ආණ්ඩුව විසින් ඇරඹිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.
19 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ගැටළුකාරි තත්ත්වයන් ඇතිවූ බවද එහි ප්‍රධානම ගැටළුවක් වන්නේ ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වීම බව ද පෙන්වා දුන් මන්ත්‍රීවරයා තමන් ඊට එරෙහිව සටන් කළ බව ද කීය.
ජනාධිපතිවරයාට කැමති පරිදි ඇමැතිවරුන් නම් කිරීමට නොහැකි වීම මෙන්ම අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් ලබාගෙන ඇමැතිවරුන් නම් කිරීමට සිදුවීම ද ඉකුත් රජයේ දී ප්‍රශ්නයක් වී තිබුණේ ජනපති හා අගමැති පක්ෂ දෙකක සිටීම නිසා යැයි ඔහු සඳහන් කළේය.
නමුත් වර්තමානයේ එවැනි තත්ත්වයක් උදානොවන බවත් වත්මන් ජනාධිපතිවරයාගේ දේශපාලන ගුරුවරයා වන තම සහෝදරයා අතර එවැනි ගැටුම් ඇතිවනු නැතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයාට තනතුරු දැරීමට අවස්ථාව නොමැතිවීම ද වෙනස් කරගත යුතු බවට තමන් විශ්වාස කරන බව කී රාජපක්ෂ මහතා කොමිෂන් සභාවන්හි සාමාජිකයන්ගේ වගකීම හා ඔවුන් පත් කිරීම හා ඉවත් කිරීම ගැන ගැටළු තිබුණේ යැයි ද සඳහන් කළේය.
යෝජිත විසිවන සංශෝධනයෙන් වැඩියෙන්ම බලතල අහෝසි වන්නේ අගමැතිවරයාගේ යැයි ද අනෙක් අතින් 19 සංශෝධනයේ ඇති දුර්වලතා පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ කැමැත්ත ඇතිව සංශෝධනය කර ගත හැකි වන බව ද 2015 දී ආණ්ඩුවේ එජාප මන්ත්‍රීවරු 41 දෙනෙක් සිටිය දී 19 සංශෝධනය ඉතා පහසුවෙන් සම්මත කරගත්තේ සරත් වීරසේකර මහතා හැර අනෙක් සියලු දෙනාගේ කැමැත්ත ඇතිව බව අමතක කළ යුතු නැතැයි ද හෙතෙම කියා සිටියේය.
ජනාධිපතිවරයෙකුට යලි ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකි වාර ගණන 18 වන සංශෝධනයෙන් සීමාරහිත කර තිබිය දී එය යළි දෙවතාවක් බවට පත් කරන ලද්දේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බවත් එසේ නොකලේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් වන්නට අවස්ථාව නොලැබෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ජේ ආර් ජයවර්ධන මහතා පූර්ණ විධායක බලය නමැති අසිපත අතට ගත් නමුත් එය හසුරුවන්නට පටන් ගත්තේ ජනාධිපති ප්‍රේමදාස මහතා යැයි ද එය එවක් පටන් අනෙක් සියලු ජනාධිපතිවරු විධායක බලතල අහෝසි කරන බව කියමින් බලයට ආවේ යැයි ද විධායක බලය ඉවත් කිරීම යන්න ගැන තමන් කිසි අවස්ථාවක එකඟ නොවී යැයි ද කී රාජපක්ෂ මහතා නමුත් ඒකාධිපති වියරුවකින් පෙළෙන්නෙක් වන්නට ඉඩ නොදිය යුතු යැයි ද ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පවතින තුරු රටට විධායක බලතල ඇති ජනාධිපතිවරයෙක් අවශ්‍ය බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිකමක් ගන්න ලැබුණා නම් ඔහොම කියන්න හිතෙන එකක් නෑ නේද මහත්තයෝ..?
මොකක්දෝ ඩීල් එකක් හරි ගිහින් නැහැ වගේ...
ඇත්තෙන්ම ඔබතුමා අප සිතුවාටත් වඩා ඉතා හොඳ හදක් ඇති මිනිසෙක්... සත්‍ය සත්‍යම ලෙස පෙන්වා දුන් ඔබතුමාට පින්..
හරි හරි දැන් මට තේරුණා.. ඔය පිනුම ගහන්න නේද හදන්නේ..?
මොහුගේ දේශපාලන අරමුණ අවුල් සහගතය. නමුත් මේ ප්රශ්නයේදී මොහුගේ අදහස හරි. 20 මේ විදිහට සම්මත කරගත්තොත් ඉදිරියට තිබෙන පළාත් සභා, පළාත් පාලන, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණවලින් පොහොට්ටුව පරදිනු ඇත.
මෙයට අධිකරණ ඇමැතිකම නොලැබුණු නිසා මේ තරහා කියලා කියනවා. මෙයාගේ අතීත කෙරුවාවල් එක්ක ඒක ඇත්තද කියලා මටත් හිතෙනවා.
එදා පතෝල සිරිසේනගේ සහ රනිල් බෑනාගේ යහපාලන ආණ්ඩුව කාලේ අධිකරණ ඇමති. එදා රජය ගෝඨාගේ නඩුවලට එයාව අධිකරණයට ගෙනියන්න උත්සාහ කරපු වෙලාවේ කිවේ මෙහෙමයි. " මම අධිකරණ ඇමැතිවෙලා ඉන්නකම් ගෝඨාභයව අධිකරණය ඉදිරියට ගෙනියන්න දෙන්නේ නැහැ" කියලා. ඊට පස්සේ ටික කලකින් ඇමතිකමෙන් අස්වෙලා "මැද" ට වෙලා හිටියා. පස්සේ මැදමුලන බයියෝ එක්ක එකතුවුණා. ඡන්දෙන් පස්සේ හිතාගෙන හිටියේ අධිකරණ ඇමති කමයි. නමුත් "මුකුත්ම" ලැබුනේ නැහැ. මේවගේ වවුලන්ට මිනිස්සු ගල් ගහලා එළවන්නේ නැත්තේ ඇයි..? ගල් නැතිද..? මිනිස්සු නැතිද..?
"සේද මාවත දිගේ ලිස්සා ආ ඒකාධිපතියා." චිත්‍රපටයකට හොඳ තේමාවක්! පළවෙනි ප්‍රහාරය තමන් ආ මාවතටමයි. හේතුව අනෙකෙකුට, විශේෂයෙන් සේද මාවත අයිනේ ඇන තියාගෙන සිටි සුන්දර මිනිසාට ඉඩ නොදීමයි. දෙවෙනි ප්‍රහාරය තමන්වත් නොදන්නා චරිත සහතික දෙමින් තමන්ව සේද මාවතට ඇරලවූවන්ටයි. තුන්වෙනි ප්‍රහාරය ඡන්දය දුන් මෝඩ වහලුන්ටයි.
අවංක මිනිසුන්ගේ ප්රජාතන්ත්රවාදය ඉතිරි කරන්න නීති සම්පාදකවරුන් උත්සාහ ගනිමින් ඉන්නවා.
මේ අවස්ථාවේදී ඔහු සත්‍යය වටහාගෙන ඇත.
20න් රට බේරා ගන්න පුළුවන් අගමැතිතුමාට විතරයි. නමුත් මුකුත් නොකර ඉන්නේ මොකක් හරි කොස්සක් තියෙනවද?
විජයදාස රාජපක්ෂ මැතිඳුනි මට සිහිවෙනවා 78 ව්‍යවස්ථාව ගේනකොට ඇන් ඇම් පෙරේරා මැතිතුමා කී කතාව.
ඇමතිකමක් ලැබුනේ නැති නිසා මෙයා මේ කතා කියමින් කඩාකප්පල් වැඩවල යෙදෙන්න හදනවා.
රටට වැදගත් වන මත නොබියව ප්‍රකාශ කිරීම අගය කරනවා.
ඔබ හරි මුවුන් තමන්වම විනාශ කර ගන්නවා.
අවස්ථාවාදයම තමා!
මෙම කථාව පිළිබඳව අප වටහා ගත යුතු දෙය නම්, ඔහු ඉල්ලා ඇති දේ ලබා නොදුන් සෑම අවස්ථාවකදීම ඔහු මහජන පාර්ශවයේ සිටගෙන පාලක පක්ෂ නොමඟ යන විට දැඩි ලෙස පහර දීමයි. ඔහුට හොඳින් සලකන විට සහ පාලක පක්ෂයෙන් ඔටුනු පළඳින විට, පක්ෂය වැරදි කරන විට ඔහු ඕනෑම දෙයක් සාධාරණීකරණය කරයි ඒ සඳහා ඔහු 'කබරගෝයා තලගෝයා' න්‍යාය භාවිතා කරයි.
කැබිනට් ඇමතිකමක් නොලැබීමේ වේදනාව පිටකරන අයුරක් පේනවා. රටේ බහුතර ජනතාව ඡන්දෙ දුන්නෙ 19 අහෝසි කරල පෙර තිබූ ආකාරයේ විධායක බලතල ඇති ජනපතිවරයෙක් බිහි කරන්න. ඒක මේ කවුරු මොනා කිව්වත් ඇත්ත ඒකයි. පාර්ලිමේන්තුවට බලය යෑමේ අනිටු විපාක මම මේකෙ පැහැදිලි කරන්න ඕන නෑ, ආර්ථික පරිහානියෙ ඉදන් හම්බන්තොට වරාය විකුණමින් සහරාන් බෝම්බය දක්වා හැමදේටම වගකියන්න ඕන. ජනපතිට බලය නොමැතිවීම.
මෙයාට අධිකරණ ඇමතිකම ලැබුනේ නැති නිසා
මෙයාට අධිකරණ ඇමතිකම නොදීම
අද සේදමාවත කොච්චර පහසු වුණාද කියලා කියනවා නම් නඩුවකිනුත් දිනලා තමයි අපේක්ෂක වෙන්න වුණේ..
මොහුගේ අතීත ක්‍රියා ගැන ප්‍රශ්න තිබුණත්, දැන් මේ කියන දේවල් ඇත්ත.
මෙයාව දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි..
මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට දේශපාලනයේ සහ රාජ්‍ය පරිපාලනයේ විශාල පලපුරුද්දක් සහ දක්ෂතාවයක් තිබෙනවා. එමනිසා මේ බාරදූර අවස්ථාවේ ඔහුට පාර්ලිමේන්තුවේ බලතලවලින් කොටසක් තිබීම ඉතා වැදගත්. ගෝඨාභය මහත්තයා අතිදක්ෂ ආරක්ෂක ලේකම්වරයෙක් වුණත් දේශපාලනයට ඔහු අලුත්... ඒ නිසා 20 ගෙනත් විශාල දේශපාලන බලයක් ඔහුට දුන්නොත් ඒක පරිපාලනය කරගන්නට ඔහුට පලපුරුද්ද මදිවීමෙන් විශාල විනාශයක් වෙන්න පුළුවන්. එම නිසා මෙම අවස්ථාවේ 20 ගෙන ඒම තාවකාලිකව නවතා දමා.. මේ අගාධයෙන් රට ගොඩගෙන එන්න කටයුතු කළ යුතුය.
දුකට කියන කතා... ඇමතිකමක් දුන්නොත් ඕනම වැඩක් කරයි...