හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ඇතුළු විශ්‍රාමිකයින් 95 ක් රීට් පෙත්සමක් ගොනු කරයි
සියලුම රජයේ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරනතුරු තමන්ට ප්රදානය කළ විශ්‍රාම වැටුප් දීමනාව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මඟින් තම අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් , එම තීරණය අඩංගු චක්‍රලේඛය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් , විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ඇතුළු රජයේ විශ්‍රාමිකයින් 95 දෙනෙකු අද (01) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබූහ.