( රංජිත් රාජපක්ෂ )
නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා භාණ්ඩ ප්‍රවාහන කළ 1059 දුම්රිය හැටන් දුම්රිය ස්ථානය අසලදි පිලි පැනිමට ලක් වු බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.
හැටන් දුම්රිය ස්ථානය අසලදි 1059 දුම්රිය අද (01) දින පස්වරු 5.30 ට පමණ පිලි පැන ඇති බවත් , එම දුම්රියේ සෙසු මැදිරි පිලි පැන ඇති දුම්රිය මැදිරියෙන් ගලවා ඉවත් කර හැටන් දුම්රිය ස්ථානය දක්වා ධාවනය කළ බවත් දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය.
(01)දින උදෑසනද මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ඉන්ධන ප්‍රවාහන ටැංකියක් අඹේවෙල සහ පට්ටපොල දුම්රිය ස්ථාන දෙක අතර පිලි පැනිමට ලක් විය.
පිලි පැන ඇති දුම්රියන් දෙකම කඩිනමින් පිලිගත කිරිමේ කටයුතු ආරම්භ කරන බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දුම්රියවල රෝද ගෙවිලා, පීලි ගෙවිලා අලුත්වැඩියා කරන්න ආදායමකුත් නැහැ..