( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සියලුම රජයේ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරනතුරු තමන්ට ප්‍රදානය කළ විශ්‍රාම වැටුප් දීමනාව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මඟින් තම අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් , එම තීරණය අඩංගු චක්‍රලේඛය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් , විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ඇතුළු රජයේ විශ්‍රාමිකයින් 95 දෙනෙකු අද (01) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබූහ.
පන්නිපිටිය පදිංචි සරත් ලාල් පෙරේරා , හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ජනරාල කේ.ඒ.තිලකරත්න මහතා විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු විසි දෙනෙකු නම් කර ඇත.
 
නීතීඥ සුනිල් වටගල මහතා මඟින් ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරුවෝ සියලු දෙනාම රජයේ විශ්‍රාම වැටපු ලබන විශ්‍රාමික රජයේ සේවකයෝ වෙති.2016 ජනවාරි 01 වැනිදා සිට 2019 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ විශ්‍රාම ලැබූ පෙත්සම්කරුවන් ඇතුළු සියලුම විශ්‍රාමිකයින්ට නව දීමනාවක් විශ්‍රාම වැටුපට එකතු කරන බවත් පෙත්සම්කරුවන්ට දැන ගන්නට ලැබිණි.එය මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට විශ්‍රාම වැටපුට එක් කරන බවත් එවකට පැවති රජය ප්‍රකාශ කළේය.
නමුත් පෙත්සම්කරුවන් ඉමහත් පුදුමයට පත් කරමින් 2020 ජනාරි 02 වැනිදා ගත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සියලුම විශ්‍රාමිකයින් ගේ වැටුප් වර්ධක අත්හිටුවන බවට 35 /2019 (1) චක්‍රලේඛය අනුව දැනුම් දුන්නේය
මෙම නව චක්‍රලේඛය මඟින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන බවත් , එය අසාධාරණ සහ අයුක්තිසහගත බවත්ය.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , අදාළ චක්‍රලේඛය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් , තමන්ගේ අත්හිටවූ විශ්‍රාම වැටුප් වර්ධක සහිත දීමනා ලබා දීමට නියෝග කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.
 
විශ්‍රාමිකයින් සඳහා වැඩි කරන ලද විශ්‍රාම වැටුප වහාම ගෙවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1964										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ඇතුළු විශ්‍රාමිකයින් 95 ක් රීට් පෙත්සමක් ගොනු කරයි