(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ සඟවා තිබී ජංගම දුරකථනයක්, සිම්පත් හතරක් හා චාජරයක් බන්ධනාගාර බුද්ධි අංශ හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් අද (01) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
විශේෂ ගනයේ සිරකරුවන් රඳවා සිටින කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියෙන් ජංගම දුරකථන ඇතුලු ආම්පන්න අත්අඩංගුවට පත්ව ඇති හතරවන අවස්ථාව මෙය බවද එහි නිලධාරියෙක් පැවසීය.
පසුගිය සෙනසුරාදා මෙම සැකකරු ඇතුලු විශේෂ ගනයේ සැකකරුවන් 14 දෙනෙක් තමන්ට හිරිහැර සිදුවන බවට ආහාර වර්ජනයක යෙදී සිටි අතර මෙම බන්ධනාගාරයට ජෑමර් යන්ත්‍ර සවි කිරීම මීට ප්‍රධාන හේතුව බවද වාර්ථා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්! කන්ජිපානිට හිරිහැර කිරීම නවතමු.
මොන ලැජ්ජා නැති කමක්ද? දැන් හතරවතාවක් මොබයිල් හොයාගෙන තියෙනවා. ගෙනත් දීපු මනුස්සයා හොයාගෙන නැහැ... මට හිතෙන්නේ පාර්ලිමේන්තුව ඇරෙන කොට අපේ රටේ ඉන්න වැඩිම දූෂිතයින් ඉන්නේ හිරගෙදර නිලධාරීන් අතරේ...
මේ සඳහා සහාය ලැබෙන බන්ධනාගාර නිලධාරීන් මෙල්ල කිරීමට අධිකරණ අමාත්‍යාංශය හා අධිකරණ කොමිෂන් සභාව කිසියම් බුද්ධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි නේද? මන්දයත්.. මේ සිරකරුවන්ට දඬුවම් නියම කොට ඇත්තේ විනිසුරුවරුන් වීමයි. මෙසේ සිරදඬුවම හිමිවූවන් හට විනිසුරු තීරණයට පිටින් ක්‍රියාකරන කවුරුන් හෝ සිදුකරන්නේ අධිකරණයට අපහාස කිරීමක් නේද? මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිරිසිදු කොට දූෂිතයන් එලවා කිසියම් ක්‍රියාමාර්ගයක් වහාම ගතයුතුයි නේද..? මේ තරම් බන්ධනාගාර නිලධාරීන් හුරතල් කළයුතුද..?
ඔය මුළු බූස්සම වහන්න තියෙන්නේ එකම ක්‍රමයයි ... කට්ටියම අරන් ගියා නම් ආයුධ පෙන්නන්නයි, හංගපු කුඩු පෙන්නන්නයි වැඩේ ඉවරයි. කාටවත් කරදරයක් නෑ ... මොකද මෙයාලා ඇතුලේ හිටියත්, එළියේ හිටියත් වදේ මිනිස්සුන්ට..
අනේ ඔය අහාර වර්ජනය දිගටම කරගෙන යන්නට ඉඩ දෙන්න...
කුඩු මුදලාලිලා එල්ලන්නේ නැති එකේ විපාකෙ මේ...
මෙයාලා හිතාගන්න බැරි ප්‍රමානයේ අපරාද කරන තිරිසනුන්ටත් එහා ගිය මිනිස්සු. ඒ වගේ මිනිස්සු නවත්තන්න ටිකක් වියදම් කරලා, විශේශ ක්‍රමයක් එන්න දැනටත් ගොඩක් ප්‍රමාදයි. එක වචනයක්වත් රහසේ කතා කරන්න බැරි වෙන විදිහට, පැය 24ම කැමරා, මයික්‍රපෝන් දාලා මොනිටර් කරපු විශේශ සෙල් දෙන්න ඕනෙ.
බරපතල වැඩ සහිතව.... ජීවිතාන්තය දක්වා සිරගෙට කිව්වට මේව අද නමට පමණක් සිමා වූ දේවල් නේද කියලා හිතෙනව... එහෙම නෙමේ මට නම් හිතෙන්නෙ මේ බරපතල වැරදි කරපු අපරාධකරුවන් පවා රටේ යම් කිසි සංවර්ධන වැඩකටයුතු වලට යොදාගැනිම සුදුසුයි කියලා. මොකද සිර ගෙවල් නඩත්තුවට පවා වියදම් වනුයේ අහිංසක ජනතාවගෙන් උපයන මුදල්... ඇත්තටම අපරාධකරුවන් නඩත්තු කරන්න එවැනි මුදල් වියදම් කිරීම මට හිතෙන්නෙ මේ අපරාධකරුවන් සිදු කල වැරදි වලටත් වඩා බරපතල වරදක් කියා.... ඒක නිසා බන්ධනාගාර ගතවුවන් ඔවුන්ගෙ වරදේ ස්වභාවය අනුව දහඩිය මහන්සියෙන් මේ රටට වැඩක් වෙන සංවර්ධිත වැඩ වලට යොදා ගැනිම මම නම් කිසිම වරදක් කියා දකින්නෙ නෑ... මොකද ඔය සිර කුටිවලට වෙලා වෙලාවට (කාල...නාල..ව්‍යායාම කරල) ඔහේ හිටියොත්නෙ මේ හැම දේම සිද්ද වෙන්නෙ... මම නම් කියන්නෙ ඔවුන්ගෙන් මේ රටට සේවයක් ගත යුතුයි කියා...
මෙයා සඟවපු ආයුද තිබෙනවාලු පෙන්වන්න එක්ක යන්න.