(බිඟුන් මේනක ගමගේ)
නෛතික හා ආගමික ප්‍රශ්න හේතුවෙන් මෙවර මහමැතිවරණයේදීත් භික්ෂුණින් වහන්සේලාට ජන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි විය හැකි යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ(CMEV) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’යට අද(1) පැවැසීය.
මෙරට පිහිටුවා ඇති මෙහෙණි ආරාම 346ක, 8,000කට ආසන්න භික්ෂූනින් වහන්සේලා වාසය කළත් උන්වහන්සේලාගෙන් ජාතික හැඳුනුම්පත් හිමිව ඇත්තේ, 300 ක් වැනි සුළු පිරිසකට යැයි ද ඡන්දය ප්‍රකාශය කිරීමේදී මෙය සෘජුවම බාධාවක් වී ඇතැයි ගජනායක මහතා අවධාරණය කළේය.
මෙම ගැටලුව මැතිවරණ කොමිෂන් සභාවට පමණක් විසඳිය නොහැකි යැයි කී හෙතෙම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙන්ම මහානායක ස්වාමීන්වහන්සේලාගේ මැදිහත්වීමෙන් සිදුවිය යුතු ජාතික කර්තව්‍යයක් බවට එය පත්ව ඇතැයි කීවේය.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පසුගිය වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයට අදාළ තම අවසන් වාර්තාවේ ද මේ කරුණ පැහැදිලිව සඳහන් කළ නමුත් මේ වනතුරුත් ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමුව නැතැයි ගජනායක මහතා කීය.
සසුන්ගත කරුණු පිළිබඳ විවාදය දිගුකලක් පැවතිය හැකි බැවින් භික්ෂුණින් වහන්සේලා වෙත ජන්ද භාවිතයට අදාළ පහසුකම් සැපයීම නොපමාව සිදුවිය යුතු හදිසි කාර්යයක්ය යන්න මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මතය යැයි ද ගජනායක මහතා සඳහන් කළේය.
මෙම කරුණ ගැන කඩිනම් අවධානය යොමු නොකළහොත් ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම මෙවර මහමැතිවරණයේදී ද භික්ෂූනින් වහන්සේලා අපහසුතාවයට පත්වීම නොවැළැක්විය හැකි වනු ඇතැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවදත්ත භික්ෂු සංඝයා පාලනයට තමන්ට බාර දෙන්න කියලා ඉල්ලුවා. බුදුහාමුදුරුවෝ දුන්නේ නෑ. සැරියුත්, මුගලන් අගසව්වන්ටවත් දෙන්නේ නැතැයි පැවසුවා. මෙකල මහානායකලා දේවදත්තලා වගේ...
මේ රටේ මෙහෙණි සස්නක් දැන් නැහැ.. සිටින්නේ දසසිල් මාතාවන් හෙවත් සිල් මෑණිවරුන් පමණයි. මේ බව දවසක් බෞද්ධයා චැනල් එකේ සුධර්මා සිල් මාතාව හොඳහැටි පහදා දුන්නා. අද සමහර දෙනා බුද්ධ චීවරයට මුවාවී මෙය විවිධ ශාසනික පරිහානි කටයුතු සඳහා යොදාගන්නවා. මා කියනා දේ හැකිනම්, ශාසනික උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරන අංශ සොයාබලා සත්‍ය අවබෝධ කරගන්න. සෙල්ල කතරගම පැත්තේ ගම්මාන වලට වැටී තිබෙන මාර්ගවල සැරිසැරූ මා සිවුරු වනා තිබුණු පුංචි ගෙවල් ගැන අසල සිටි අයගෙන් විමසීමක් කළා. සමහර සිල්මාතාවන් කලක් තිස්සේ මුදල් එකතුකරගෙන චීවරය වසර එක හමාරක් පමණ විවේකදී, එමකාලයේ මිනිසුන් සමග පවුල් කන බව හෙළිවුණා. මේ ක්‍රියාදාමය ඔවුන් රිසිසේ රහසිගතව කරගෙන යන අතර, වගකිවයුතු අංශ නිහඬයි. තවත්, කාලයක් ගොස් මේ අයද, දේශපාලනයට නාවොත් තමා පුදුමේ..!!!
ඡන්දය අයිතියක් ඒක ඇත්ත.. නඩු මගට ගිහින් හරි ඡන්ද අයිතිය ලබා ගත්තත් ඡන්ද දෙන්න වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ට නම් ඒ ඡන්ද අයිතිය නැති එක හොදයි මම හිත්න්නනේ..