කොරෝනාවෙන් සුවය ලබා තවත් 3 ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා තවත් තිදෙනකු අද (1) සුවය ලබා පිටත්ව ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 01 April 2020
කොරෝනා ආසාදිතව මියගිය බවට සැකයක් කොරොනා ආසාදිතව මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද ( 1 ) සොයා ගත් බව කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි. මෙම පුද්ගලයා ඉකුත් පෙබරවාරි මස 20 වනදා මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර අද (1) අලුයම මරණයට පත්වී තිබේ. 01 April 2020
නිරෝධායනය නොවී සැඟව සිටි අයෙක් අත්අඩංගුවට ඩුබායි සිට පැමිණ, සෞඛ්‍ය උපදෙස් නොතකා, කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සැඟව සිටි පුද්ගලයකු දින 16 කට පසුව අද (01) සොයා ගත් බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක බව දෙනියාය මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. එස් . වසන්ත කුමාර මහතා පැවසීය. 01 April 2020
එකවර 4 දෙනකුට භාවිතා කළ හැකි ස්වසනාධාර යන්ත්‍රයක් විවිධ කර්මාන්ත සඳහාවූ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යනු ලබන යාන්ත්‍රික ඉංජිනේරුවකු විසින් අඩු මිලකට නිෂ්පාදනය කළ හැකි ස්වසනාධාර යන්ත්‍රයක් (VENTILATOR) නිෂ්පාදනය කර තිබේ. 01 April 2020
ඇමරිකාවේ මියයන සංඛ්‍යාව ලක්ෂ දෙක හමාරකට ආසන්න විය හැකියි දැනට නිකුත් කර තිබෙන නියෝග පිළිපඳිමින් කටයුතු කළ ද කොරෝනා වසංගතයෙන් 100,000ත් 240,000ත් අතර පිරිසකට ජීවිත අහිමි වනු ඇතැයි ඇමෙරිකානු බලධාරීහු අනතුරු අඟවති. 01 April 2020
චැනල් අයි-නේත්‍රා නාලිකා අධ්‍යාපන නාලිකා කරයි රූපවාහිනි සංස්ථාවට අයත් ‘අයි‘ නාලිකාව සහ ‘නේත්‍රා‘ නාලිකාව අධ්‍යාපන නාලිකාවන් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව මේ මස 20 වැනිදා සිට එම නාලිකාවන් දෙක පාසල් දරුවන් ගේ පාඩම් මාලා වෙනුවෙන් වෙන්වනු ඇතැයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. 01 April 2020
ලොවපුරා ආහාර හිඟයක් ගැන බලධරයෝ අනතුරු අඟවති බලධාරීන් කොරෝනා අර්බුදය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අසමත් වුවහොත් ලොවපුරා ‘‘ආහාර හිඟයක්’’ ඇතිවනු ඇතැයි ගෝලීය ආයතන තුනක ප්‍රධානීහු අද (01) අනතුරු ඇඟවූහ. 01 April 2020
’සියලුම ඔසුසල් 2,3 සහ 6 වැනිදා විවෘත කළ යුතුයි’ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හෙට (2) අනිද්දා (3) හා සදුදා (6) යන දින තුන තුළ දිවයිනේ සියලූ ඔසුසල් විවෘතව තැබීමට රජය උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි. 01 April 2020
ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් නෞකාව දික්ඕවිට වරායට ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවක් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 463 (දළ වශයෙන් 835km පමණ) පමණ දුරක සිදුකළ සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව අද (01) උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන ආවේය. 01 April 2020
උසස් පෙළ විභාගය කල් දමන්නේ නෑ උසස් පෙළ විභාගය කිසිසේත්ම කල් නොදමන බවත් එවැනි තීන්දුවක් රජය මේ වනතුරු රැගෙන නැති බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (1) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. 01 April 2020
කොරෝනා ආසාදිත කතක් කුරුණෑගලින් හමුවෙයි කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද වාරියපොළ කටුපොත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මුස්ලිම් කාන්තාවකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය . 01 April 2020
කුඩාවැල්ලේ ධීවරයෝ විරෝධතාවයක කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් තිබියදී ඇතැම් වෙළඳුන් මසුන් රැගෙන යාමට පිට පළාත්වල සිට කුඩාවැල්ල ධීවර වරායට පැමිණීමට එරෙහිව අද (01) ධීවරයෝ පිරිසක් කුඩාවැල්ල ධීවරවරාය ඉදිරිපිටදී විරෝධාතාවක නිරතවූහ. 01 April 2020
හජ් වන්දනා ප්‍රමාද කරන්නැයි සෞදි අරාබිය ඉල්ලයි කොරෝනා වෛරස වසංගතය පැතිරීම හේතුවෙන් වන්දනා ගමන් ප්‍රමාද කරන ලෙස හජ් වන්දනාවට සහභාගී වීමට සැලසුම් කරන මුස්ලිම්වරුන්ගෙන් සෞදි අරාබිය ඉල්ලා තිබේ. 01 April 2020
කොරෝනා නිසා ලොව පුරා ගැටුම් උග්‍ර විය හැකියි දරුණු ගෝලීය අර්බුදයක් බවට තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා පවතින ගැටුම් උග්‍ර වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අනතුරු ඇඟවීය. 01 April 2020
ඉන්දියාවේ 93 හැවිරිදි පුද්ගයෙකු කොරෝනා වයිරසයෙන් සුවය ලබයි ඉන්දියාවේ 93 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු සුවය ලබා ඇතැයි එරට වෛද්‍යවරු පවසති. 01 April 2020
දින 15 ක් රට පුරා අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටින් ආසාදිතයින් 143 කු අද (1) වනවිට හමු වීම සහ පුද්ගලයින් දෙදෙනෙකු මිය යාම හේතුවෙන් දින 15 ක් රට පුරා අඛණ්ඩව ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ගම්පහ ප්‍රධාන විහාරාධිපති නාහිමිවරුන් සිව් නමක් රජයට යෝජනා කර සිටිති. 01 April 2020
රට සිට පැමිණි 2913 ක් අද ලියාපදිංචි වෙලා විදේශ ගතව සිට ඉකුත් මස 16 වැනිදාන් පසු මෙරටට පැමිණි පුද්ගලයන් 2913 දෙනෙක් අද (01) දහවල් 12.00 වන විට දිවයින පුරා පොලිස් ස්ථාන වල ලියාපදිංචි වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 01 April 2020
අදත් කොරෝනා ආසාදිතයන් තිදෙනකු හමුවෙයි කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද(1) හමු වූ බව සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. 01 April 2020
ගාල්ලේ තේ කම්හල් 66 ම සුපුරුදු පරිදි වැඩ ඇදිරි නිතිය පැවතියද ගාල්ල දිස්ත්‍රික්කයේ තේ කම්හල් 66ම විවෘත කර නිෂ්පාදන කටයුතු කරගෙන යන බැව් ගාල්ල දිස්ත්‍රික් තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති චානක සේනෙවිරත්න මහතා පවසයි. 01 April 2020
පන්නිල ගම්මානයම ස්වයංනිරෝධායනයේ බේරුවල පොලිස් වසමට අයත් පන්නිල ප්‍රදේශයෙන් එකම පවුලේ පස්දෙනෙකු කොරෝනා ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන අය්.ඩී.එච් උණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එම ආසාදිතයන් පදිංචිව සිටි පන්නිල ග්‍රාමයේ පවුල් 51 පුද්ගලයන් 140 දෙනෙකු නිරෝධායන කටයුතු වලට සිය කැමැත්තෙන් එක්වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යවරුණ සෙනෙවිරත්න මහතා අද (01) පැවසීය. 01 April 2020
ඉන්දියාවේ මිලියන ගණනක් කොරෝනා අවදානමට ඉන්දියාවේ මිලියන ගණනකට කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානමක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 01 April 2020
ඉන්දියාවේ කොරෝනා මරණ 50 ඉක්මවයි කොරෝනා වෛරසය ආසාදනයෙන් ඉන්දියාවේ මේ වන විට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 54 ක් බවට පත්ව තිබේ. 01 April 2020
දියතලාව ෆොක්ස් හිල් තරගාවලිය කල් දැමේ දියතලාව යුද හමුදා විද්‍යාපීඨය වාර්ෂිකව සංවිධානය කරන ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් යතුරුපැදි හා මෝටර් රථ ධාවන තරගාවලිය රටේ පවතින වාතාවරණය අනුව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ බ්‍රිගේඩියර් රෝහන් පොන්නම්පෙරුම මහතා අද (1) පැවසීය. 01 April 2020
නිල්වැල්ල ධීවර වරායට පැමිණි බහුදින යාත්‍රාවක සිටි 4 ක් ස්වයං නිරෝධායනයට ධීවර කටයුතු අතරතුරදි යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ ධීවර වරායකට ගොස් අද (1) දික්වැල්ල නිල්වැල්ල ධීවර වරායට පැමිණි බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු තම නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කිරීමට දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්්‍යාලය කටයුතු කළේය. 01 April 2020
හයිලන්ඩ් ඔන් ලයින් මිල දී ගත හැකියි කලූතර හා කොළඹ දිස්ත්‍රික් දෙකෙහි පාරිභෝගිකයන්ට පිටිකිරි , යෝගට් ඇතුළු නිෂ්පාදන අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් කළ විට නිවසටම ගෙනැවිත් දීම මේ වනවිට ක්‍රියාත්මක යැයි මිල්කෝ සමාගම කියයි. 01 April 2020
ශ්‍රී ලාංකික කාන්තාවක් කොරෝනා වැළදීමෙන් ඇමරිකාවේදී මරුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ විසූ ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 01 April 2020
වැඩිහිටි දීමනාව - සමෘද්ධි සහන මල්ල ගන්න පැමිණි පිරිසක් හිස් අතින් හැරී යති රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දීමනාව සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යංශයෙන් ලබාදෙන සහන මල්ල ලබා ගැනීමට අද (01) පැමිණි විශාල පිරිසක් පැය 8 ක කාලයක් බගවන්තලාව ග්‍රාමසේවා කාර්යාලය ඉදිරිපිට රැඳීසිට ආපසු හිස් අතින් පිටව ගොස් තිබේ. 01 April 2020
පුත්තලම රෝහලට තවත් කොරෝනා ආරක්ෂිත ඇදුම් තොගයක් පුත්තලම මුලික රෝහලේ කාර්ය මණ්ඩලයේ පරිහරණය සඳහා කොරෝනා ආරක්ෂීත ඇදුම් කට්ටල 100 ක් මින්රා ගාමන් ආයතනය අද ( 1 ) ලබා දි තිබේ . 01 April 2020
කොල්ලුපිටිය හැටන් නැෂනල් බැංකු ශාඛාව සති දෙකකට වසා දමයි සිය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ දෙමව්පියන්ගෙන් එක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම කාර්ය මණ්ඩල සාමාජිකයා සේවය කළ හැටන් නැෂනල් බැංකුවේ කොල්ලුපිටිය ශාඛාව සති දෙකකට වසා තැබීම සඳහා කටයුතු කරනු ලැබු බව හැටන් නැෂනල් බැංකුව නිවේදනය කර සිටී. 01 April 2020
මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1067 ක් නිරෝධායනයේ කෙරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1 067 දෙනෙකු ස්වංය නිරෝධායනය සිදු කර ඇති බව ඉන් 814 දෙනෙකු දින 14ක් ඉක්මවා ගොස් ඇති බව මාතලේ දිස්ත්‍රික් වංසගත රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අද(1) දා පැවසිය. 01 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026