
(ඉන්දිකා රාමනායක)
කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කිරීම සදහා දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු පත්කර ඇති බව හමුදාව පවසයි.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිල යුද හමුදාපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අද (01) සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.
පත්වීම් ලද සම්බන්ධිකාරක නිලධාරීන්ට කොවිඩ්-19 වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් සාමන්‍ය කටයුතුවලට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා, කොවිඩ්-19 වෛරස තත්ත්වයන් හා සෘජුවම සම්බන්ධවන රෝග ව්‍යාප්තිය පාලනයල නිරෝධායන කටයුතු කිරිම හා අවශ්‍යතා කළමනාකාරණය පිණිස ජනාධිපති කාර්යාලයල ආර්ථික පුනර්ජිවනය හා දිලිදුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශයල ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ආදී ආයතනයන්හි සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වගකීම් පවරා ඇති බවද හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.
දිවයිනපුරා සියලුම දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර ඇති යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙසේය.
උතුරු පළාත
මේජර් ජෙනරල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර - යාපනය
මේජර් ජෙනරල් කේ එන් එස් කොටුවේගොඩ - කිලිනොච්චිය
මේජර් ජෙනරල් ආර් එම් පී ජි රත්නායක - මුලතිව්
මේජර් ජෙනරල් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරා - වවුනියාව
මේජර් ජෙනරල් ඒ ඒ අයි ජේ බණ්ඩාර - මන්නාරම
මේජර් ජෙනරල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර - යාපනය
මේජර් ජෙනරල් කේ එන් එස් කොටුවේගොඩ - කිලිනොච්චිය
මේජර් ජෙනරල් ආර් එම් පී ජි රත්නායක - මුලතිව්
මේජර් ජෙනරල් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරා - වවුනියාව
මේජර් ජෙනරල් ඒ ඒ අයි ජේ බණ්ඩාර - මන්නාරම
උතුරු මැද පළාත
මේජර් ජෙනරල් ජේ සී ගමගේ - පොළොන්නරුව
මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ - අනුරාධපුර
වයඹ පළාත
මේජර් ජෙනරල් ඒ පී අයි ප්‍රනාන්දු - පුත්තලම
බ්‍රිගේඩියර් පී එම් ආර් එච් එස් කේ හේරත් - කුරුණෑගල
බස්නාහිර පළාත
මේජර් ජෙනරල් කේ ඩබ්ලිව් ආර් ද ආබෲ - කොළඹ
මේජර් ජෙනරල් එන් ආර් ලමාහේවා - ගම්පහ
බ්‍රිගේඩියර් කේ එන් ඩි කරුණාපාල - කළුතර
මධ්‍යම පළාත
මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ - නුවරඑළිය
මේජර් ජෙනරල් එස් එම් එස් පි බි සමරකෝන් - මහනුවර
මේජර් ජෙනරල් එස් යු එම් එන් මානගේ - මාතලේ
සබරගමුව පළාත
බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න - රත්නපුර
බ්‍රිගේඩියර් එල් ඒ ජේ එල් බී උදෝවිය - කෑගල්ල
නැගෙනහිර පළාත
මේජර් ජෙනරල් සී ඩි වීරසුරිය - ත්‍රිකුණාමලය
මේජර් ජෙනරල් ටි ඩි වීරකෝන් - අම්පාර
මේජර් ජෙනරල් සී ඩි රණසිංහ - මඩකලපුව
ඌව පළාත
බ්‍රිගේඩියර් ඊ ඒ පී එදිරිවිර - බදුල්ල
කර්නල් ඩි යු එන් සේරසිංහ - මොණරාගල
දකණු පළාත
මේජර් ජෙනරල් ඩි එම් එච් ඩි බණ්ඩාර - හම්බන්තොට
මේජර් ජෙනරල් ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ - ගාල්ල
කර්නල් කේ ඒ යු කොඩිතුවක්කු - මාතර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලස්සන ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම හමුදා පාලනයකට යටත් වී අවසන්. දැන් ඉතින් උද්ඝෝෂණ කරනවා නම් ප්‍රවේශමෙන්. වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියලා මරපු මිනීමරු, මිත්‍යාදෘෂ්ටිකයින් ඊගාවට මොනවා කරයිද...? ප්‍රවේශමෙන්...!!!
ආණ්ඩුව කරන ලොකු පුටුවල අයට පිස්සුව හොඳටම තදවෙලා වගේ... මට නම් දෙකොනින් හිනා මේවට...
හමුදා පාලනයක පෙර නිමිති. ටාසන්ට වැඩ බැරි වෙන කොට බේර ගන්න පුළුවන්ද මේ අයට? හැබැයි නියම හමුදා නිලධාරියෙක් තියා සෙබලෙක්වත් මේ වගේ ජරා දේශපාලන ඉත්තන් වෙන්නේ නෑ. ඔය හමුදා පාලනයට විරුද්ධව සැබෑ හමුදාවෙන් 75% ක් අවි ඔසවපු දාටයි තේරෙන්නේ දැන් කරන වැරැද්දේ බරපතලකම... එදාට පරක්කු වැඩියි. සොරිම තමයි.
විශිෂ්ඨ අදහසක්... මේ ගැන මා සතුවත් අත්දැකීම් තියෙනවා.
මෙය හොඳ උත්සාහයකි. මීට වඩා හොඳයි හදිසි නීතිය දාල නිරෝධායන නීතිය උල්ලංඝනය කරන අය අල්ලන්න හමුදාව දැම්මොත්... දැනට පොලිසියේ ධාරිතාව මදි.
කිසිකෙනෙක් කලබල වියයුතු නැහැ. හමුදා පාලනයක් එනවා එහෙම නොවේ ඔන්න... මැතිවරණයේදී පොරොන්දු වූ ආකාරයටම "සෞභාග්‍යයේ දැක්ම" නියම ආකාරයට ක්‍රියාත්මක කරගන්න වැඩකරගෙන යන එකයි මේකේ නියම තේරුම. හරියැ?
කෝවිඩ්වලට පමණක් නොවේ.., මුලු දිස්ත්‍රික්ක පරිපාලනයම වංචා නැතිව මෙසේ කළ හැකියි. පළක් නැති පළාත් සභා අහෝසි කරනු.
මේජර් ජෙනරාල්ලාට දිස්ත්‍රික්ක දුන් පමණින් කොරෝනා මර්දනය කල නොහැක.
මෙන්න හමුදා පාලනයක් එනවෝ..
ඉස්සෙල්ලාම PHI ලා ටික නියාමනය කළානන් හොඳයි කියලා හිතෙන්නේ, එයාලා දැන් මේක business එකක් කරන්. එයාලට හම්බවෙන PCR කෝටා එක විකුණනවා. සමහර ආයතන වලින් සංතෝසම් අරන්, ඒවාගේ PCR කරන එක කල් දානවා.. නිරෝධායනය හරියට බලන්නේ නෑ..
ඒක ගොඩක් හොඳයි..
සජිත්ලා සර් ෆේල් කිව්වට අපි හිතුවේ නෑ සර් මේ තරම් ෆේල් ඇති කියලා නම්. දැන් සර්ලම ෆේල් කියලා පිළි අරගෙන නිසා වෙන්න ඇති හමුදාවේ අයට වැඩ බෙදලා දීලා තියෙන්නේ. කොහොමත් හරි ගියොත් සර්ලා නිසා තමයි. වැරදුනොත් හමුදාවේ අයගේ කරපිටින් තියලා සර්ලා අගේට ඉඳියි.
හමුදා පාලනයක් අත ළඟ...