කාබනික පොහොර රාජ්‍ය ආයතනවලට නොමිලේ රත්ගම මොන්රෝවියා වත්ත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය මගින් නිපදවන කාබනික පොහොර රාජ්‍ය ආයතන වෙත තොග වශයෙන් නොමිලේ ලබාදිමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ විශේෂ අනුමැතිය හිමිවි ඇති බව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලිය ගුරුගේ මහතා පවසයි. 02 April 2020
කොරෝනා ආසාදිත සිව් වැනි මරණයත් වාර්තා වෙයි කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ තවත් ආසාදිතයකු අද(02) මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. 02 April 2020
එකම ඔසු ඇනවුම් ෆාමසි කිහිපයකට යොමු කිරීමෙන් ගැටලු රැසක් වට්සැප් සහ වයිබර් ඔස්සේ ඔසු ඇණවුම් කිරිමේ ක්‍රමවේදයේදි සමහර පාරිභෝගිකයින් ෆාමසී කිපයකට ඇණවුම් යොමු කිරිමෙන් ගැටළුවක් මතුවි ඇතැයි සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පැවසිය. 02 April 2020
කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංග රෝග විද්‍යා අංශය කියයි. 02 April 2020
ගාල්ලේ රෝහල් කිහිපයකම ඉන්සියුලින් නෑ ගාල්ල දිස්ත්‍රික්කයේ රජයේ රෝහල් කිහිපයකම දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඉන්සියුලින් ප්‍රතිකාරකය ප්‍රතිකාර කටයුතු සඳහා නොමැති බව අද (02) පැවැති දකුණු පළාතේ කොරෝනා වයිරස තත්ත්වය මර්ධනය සහ අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී අනාවරණය විය. 02 April 2020
ආහාර හිඟයට ගෙවතු වගා දස ලක්ෂයක් ගෝලීය වසංගතයක් වශයෙන් ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වයිරසය හමුවේ ඉදිරියේදී ඇතිවන ආහාර හිඟයට පිළියමක් වශයෙන් රටේ ජනතාවට රට තුළම ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ වැඩ පිළිවෙලක් ලෙසින් ‘‘සෞභාග්‍යා ගෙවත්ත’’ නමින් ගෙවතු දස ලක්ෂයක් වගාකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. 02 April 2020
රිජ්වේ රෝහල ගැන බොරු තොරතුරු පැතිරවීමේ සිද්ධිය ගැන පරීක්ෂණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ප්‍රතිකාර ලබන බවට අන්තර්ජාලයේ හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වු අසත්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 02 April 2020
ඛනිජ බලපත් වලංගු කාලය දීර්ඝ කරයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් නිකුත් කළ මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන් වන සියලුම ඛනිජ බලපත්‍රවල වලංගු කාලය අප්‍රේල් 30 වැනිදා තෙක් දීර්ෂකර තිබේ. 02 April 2020
කොරෝනා ආසාදිතව මියගිය අය ඇසුරු කළ 300 ක් නිරෝධායනයට කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය මරදානේ පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයන් 300 දෙනකු නිරෝධායනය සඳහා අද (2) පස්වරුවේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමට නියමිත බව හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 02 April 2020
එක්සත් ජාතීන්ගේ පරමාණුක ඒජන්සියෙන් කොරෝනා පරීක්ෂණ සඳහා උපකරණ කොරෝනා වයිරසය සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා රටවල් 40කට උපකරණ යැවීමට එක්සත් ජාතීන්ගේ පරමාණුක ඒජන්සිය කටයුතු කර තිබේ. 02 April 2020
බ්‍රිතාන්‍ය ගුවන් සේවය රැකියා 36,000 ක් අත්හිටුවීමට යයි සේවකයන් 36,000 කගේ සේවය අත්හිටුවීමට බ්‍රිතාන්‍ය ගුවන් සේවය (බ්‍රිටිෂ් එයාර්වේස්) සූදානම් වෙයි. මේ සඳහා බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ පරිපාලනයත් සේවක සංගමයත් අතර සති ගණනක් තිස්සේ සාකච්ඡා කරමින් සිටී. 02 April 2020
පිලිපීනයේ කොරෝනා නීතී කඩ කරන්නන්ට වෙඩි තබන්නැයි නියෝගයක් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනයට පනවා තිබෙන නියෝග නොතකා කටයුතු කරන පිරිස්වලට වෙඩි තබන්නැයි පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාර්ටේ එරට ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත. 02 April 2020
පාස්කුදා ප්‍රහාරයට සම්බන්ධ තවත් දෙදෙනක් අත්අඩංගුවට පාස්කු ප්‍රහාරයේ කොච්චිකඩේ දේවස්ථානයට හා සිනමන් ග්රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනාට සහයදුන් සැකකරුවන් දෙදෙනකු මට්ටක්කුලියේ දී හා ගොතටුවේ දී අද (2) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. 02 April 2020
කොරෝනා ආසාදිතයින් 150 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 150 ක් වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. 02 April 2020
ශ්‍රී ලන්කන් ගුවන් සේවය කාර්ය මණ්ඩලයේ වැටුප් කප්පාදු කරන්න යයි කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් ගුවන් සේවා කර්මාන්තය ගෝලීය වශයෙන් බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බැවින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට අනිවාර්ය වැටුප් රහිත නිවාඩු ලබා දීමට සහ වැටුප් කප්පාදු කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. 02 April 2020
මුහුණුපොතේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය සරසවි සිසුවෙක් රිමාන්ඩ් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල කොරෝනා යැයි සැක සහිත ප්‍රභූ ප්‍රද්ගලයින් සඳහා වෙන් කර ඇතැයි කියමින් මුහුණු පොතේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කළැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයකු ලබන 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරන්ජලාද සිල්වා මහත්මිය අද නියෝග කළාය. 02 April 2020
පැය 24 කදී ස්පාඤ්ඤයෙන් මරණ 950 කොරෝනා වයිරසය හේතුවෙන් අද (2) පස්වරු 3න් අවසන් වූ පැය 24ක කාලයේදී ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ ගණන 950ක් යැයි එරට රජය ප්‍රකාශ කළේය. 02 April 2020
ඇඳිරිනීතියේදී බූරු ගැසූ 9 ක් අත්අඩංගුවට නවගත්තේගම ඉගිනිමිටිය දෙවන ගම්මානයේ ඇදිරි නීති අවස්ථාවේ නිවසක් තුළ සූදු පිටියක් ( බුරු පොළක්) වටලා එහි සිටි පුද්ගලයින් 09 දෙනකු අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පවසයි. 02 April 2020
‘‘එළවළු ප්‍රවාහනය කරන ලොරි වලින් නුවරඑළියට කොරෝනා එන්න පුළුවන්‘‘ කොළඹට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථවලින් නුවරඑළිය දිස්ත්‍රික්කයට කොරෝනා වයිරසය පැමිණීමේ අවදානමක් ඉදිරි සති කිහිපයේදී ඇතිවිය හැකි බව තලවකැලේ - ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය. 02 April 2020
සුනඛ - බළල් මස් චීනයේ සෙන්ෂෙන් නගරය තහනම් කරයි චීනයේ සෙන්ෂෙන් නගරය සුනඛයින්ගේ හා බළලුන්ගේ මස් විකිණීම සහ පරිභෝජනය තහනම් කර තිබේ 02 April 2020
කොරෝනා වැඩිම අවදානමක් ඇත්තේ කොළඹට කොරෝනා වයිරසය ආසාදිතයින් වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය බවත් කොළඹ දිස්ත්‍රික්කයේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 33 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 02 April 2020
ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා - බිරිඳ ස්වයං නිරෝධායනයට ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද ඔවුන් ස්වයං-නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (2) ප්‍රකාශ කළේය. 02 April 2020
ඇඳිරිනීතියේදී වැලි ජාවාරම් කළ තිදෙනකු අත්අඩංගුවට ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ ආරච්චිකට්ටුව - රතඹලාඔයේ වැලි කැනීම් වල නිරත වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු සහ ඔවුන් සදහා ඔත්තු සැපයූ අයෙකුව අත්අඩංගුවට ගෙන ඇතැයි ආරච්චිකට්ටුව පොලීසිය කියයි. 02 April 2020
තලවාකැලේ තවත් දෙදෙනක් ස්වයං නිරෝධායනයට කොරෝනා වයිරසය පැතිරීයාමේ අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශවලින් පැමිණ තලවකැලේ, හේමචන්ද්‍ර මාවතේ සැඟව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (02) ඔවුන් රැඳී සිටි නිවාසයේම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට මහජනසෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තේය. 02 April 2020
රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇදන් 20 ක පරිත්‍යාගයක් කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන් වෙන්කළ රත්නපුර ශික්ෂණ රෝහලේ ඒකකය සදහා දැඩි සත්කාර ඇදන් 20 ක් සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංසදය අද (2) පරිත්‍යාග කළේය. 02 April 2020
කොරෝනා මාරයාගේ නරකම දවස අප්‍රේල් 1 කොරෝනා වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ස්පාඤ්ඤය රටවලින් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ඊයේ (1) වාර්තා විය. 02 April 2020
කැකුණගොල්ල බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ගත් අයගේ විස්තර ඉල්ලයි කොරෝනා වයිරසය ආසාදිනය වූ කටුපොත කැකුණගොල්ල පදිංචි කාන්තාව ප්‍රතිකාර ගත් බව කියන කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබෙන එම ප්‍රදේශයේ පදිංචි 125 දෙනෙකුට ආසන්න පිරිසකට හැකි ඉක්මනින් පැමිණ තමන්ගේ විස්තර පොලිසියට ලබා දෙන ලෙස කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 02 April 2020
ඇඟලුම් සේවකයින්ගේ අප්‍රේල් වැටුප ගෙවීමට එකඟ වෙයි ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන්ට අප්‍රේල් මස වැටුප හා උත්සව අත්තිකාරම් ගෙවීමට ඇඟලුම් නිෂ්පාදන සංගමය එකඟ වූ බව රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. 02 April 2020
කොරෝනා එන්නත් දෙකක් පරීක්ෂා කිරීම ඕස්ට්‍රේලියාවේදී ඇරඹෙයි කොරෝනා වයිරසයට එරෙහිව භාවිතා කළහැකි එන්නත් දෙකක් සම්බන්දව විද්‍යාගාර මට්ටමින් පරීක්ෂා කිරීම ආරම්භ කළ බව ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සිය පවසයි. 02 April 2020
කැලණි ගඟේ ජලයේ ගුණාත්මකභාවය ඉහළට කැළණී ගගේ ජලයේ ගුණාත්මක භාවය ඉහළ ගොස් ඇතැයි කරන ලද පරීක්ෂණයකදී තහවුරු වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා අද (2) පැවසීය. 02 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026