(විනීතා එම් ගමගේ)
පීසීආර් පරීක්ෂණ සිදුකර නිරෝධායනයේ සිටිය දී සේවයට ගෙන්වා උප තැපැල් කාර්යාල හතරකට මහජනාධාර යැවූ බොරැල්ල ප‍්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයෙකු ආසාදිතයෙකු බව පීසීආර් වාර්තාවෙන් හෙළිවී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
බොරැල්ල තැපැල් කාර්යාලයේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා රෝගය වැළ`දී ඇතැයි හෙලිවීමත් සමග ඉකුත් සතියේ එම තැපැල් කාර්යාලය වසා දමනු ලැබූ අතර සියලූ සේවකයන් පීසීආර් පරික්ෂණ සඳහා යොමු කර නිරෝධායනයට ලක්කරනු ලැබීය.
එහෙත් ඉකුත් සදුදා සිට තැපැල් කාර්යාලය යළි විවෘත කිරීමේ අරමුණින් ඉරිදා තැපැල් කාර්යාලය විෂබීජහරණ කටයුතු සිදුකළ අතර සදුදා තැපැල් කාර්යාලයේ සිට කෝපියාවත්ත, වනාතමුල්ල, ගෝතමී පාර යන උප තැපැල් කාර්යාලවලට හා මරදාන තැපැල් කාර්යාලයට මහජනාධාර මුදල් යවනු ලැබ ඇති සේවකයා පීසීආර් පරික්ෂණයට ලක්ව නිරෝධායනයේ සිටි සේවකයෙක් යැයි පැවැසේ.
ඔහු එම තැපැල් කාර්යාලවලට මුදල් ගෙන ගොස් දී ආපසු පැමිණි පසු පීසී ආර් පරික්ෂණ වාර්තා ලැබී ඇති අතර ඔහු ද ආසාදිතයෙකු බව හෙලිවී ඇත.
ඔහු ද ඇතුළුව බොරැල්ල තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයෙන් ආසාදිතයන් 7 දෙනෙකු මේ වනවිට හමු වී ඇතැයි ද තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වෙතත් බොරැල්ල හා මරදාන තැපැල් කාර්යාල කොට්ඨාශයන්හි මහජනාධාර ලබන විශාල පිරිසක් සිටින බවත් මේ වනවිට මරදාන තැපැල් කාර්යාලයේ කවුන්ටර් දෙකකින් ඒවා ගෙවනු ලබන බවත් පැවැසේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිරෝධායනයේ සිටි සේවකයා ගෙන්වා තැපැල් කාර්යාල 4 කට යවලා