
(බන්ධුල ඉලේපෙරෙුම)
අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් අතුරලියේ රතන හිමියන් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය.
අතුරලියේ රතන හිමියන් වෙනුවෙන් පාර්ලිමේන්තු සභා ගැබෙහි විපක්ෂයේ පළමු පෙළ අසුනක් වෙන්කර ඇත.
රතන හිමි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වැනි වරට වන අතර ඒ හිමියෝ ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පළමු වරට 2004 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූහ.
මේ අතර මෙවර පැවැති මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 225 වෙනුවෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 224 දෙනකු දිවුරුම් දී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන් මෙතෙක් කිසිවකු පත්කර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට ගිය කලක් .!
ඔය වගේ තැන් වලට හිමිවරුන් වැඩීම නුසුදුසුයි. ඔබ වහන්සේට දේශපාලනය කරන්න ඕනෑ නම් සිවුරු හැර දේශපාලනය කරන්න. සිවුරට නිගා කරන්න එපා අපේ හාමුදුරුවනේ...
මෙන්න නිර්වාණයට මාර්ගය. පාර්ලිමේන්තුව පැවිදි කරයි.
අද මෙතන, හෙට අතන... මම රතන හිමි... පාර්ලිමේන්තු මන්ත්‍රී හිමියන් සාදරයෙන් පිළිගමු.
අනේ මන්දා ... බල තණ්හාව හැරෙන්න මෙයාලගෙන් මොකක්ද රටට වූ සෙතේ...?
තණ්හාය ජායතී සෝකෝ... !!!
අතන, මෙතන, කොතන, රතන....
හාමුදුරුවරු බණ කියන්නේ නිවන් දකින්න, සසර කෙටි කරගන්න නම් සියල්ල අතහරින්න පිනට දෙන්න කියා අහිංසක මිනිසුන් සතු දේවල් පන්සලට ගෙන්වා ගන්නවා. නමුත් මේ ආසනය අතහරින්න බැරිව තිබෙන ගැටුම අපි දැක්කනේ...
තණ්හාව මුහුකුරා ගොස් ඇත. නිර්වාණයට ඉතා සමීපයි.
තවත් අනවශ්‍ය අය පාර්ලිමේන්තුවට...
මේ වගේ අය පාර්ලිමේන්තුවට ගෙනත් මොකටද?