
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන නියෝගවලට අනුව 2015 සිදු වූ මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෙරෙන විමර්ශන තවදුරටත් කරගෙන යෑමේ අරමුණින් පර්පෙචුවල ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව අද (5) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව 2017 ජූලි මස6 වැනිදා මුල් වරට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කළ අතර එතැනි පටන් අඛණ්ඩව මාස හයෙන් හයට එම අත්හිටුවීම දීර්ඝ කරන ලදි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd