මැයි අවසන් සතියෙත් මැතිවරණය පවත්වන්න බෑ කොරෝනා වයිරසය පැතිරීමත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ මහ මැතිවරණය ලබන මැයි මස අවසන් සතියේ හෝ පැවැත්විය නොහැකි බැවින්, ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟපෙන්වීමක් ලබා ගන්නැයි මැතිවරණ කොමිසන් සභාව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 03 April 2020
‘‘ඉතාලිය මැයි මාසය දක්වා වසා තැබීමට සිදුවේවි‘‘ කොරෝනා වයිරසය දරුණු ලෙස පැතිරුණු ඉතාලිය අගුලු දැමීමේ ක්‍රියාවලිය මැයි මාසය දක්වා පවතිනු ඇතැයි එරට සිවිල් ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානී ඇන්ජෙලෝ බොරෝලි පවසා ඇත. 03 April 2020
දෙවැනි දිනටත් ස්පාඤ්ඤයේ කොරෝනා මරණ ඉහළට අඛණ්ඩව දෙවැනි දිනටත් කොරෝනා වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ ගණන 900 ඉක්මවා ගියේය. 03 April 2020
රුසියාවෙන් ඇමෙරිකාවට වෛද්‍ය ආධාර කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස බැටකන ඇමෙරිකා එක්සත් ජනපදයට මුඛ ආවරණ ඇතුළු වෛද්‍ය ආධාර රැගත් ගුවන් යානයක් යැවීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත. 03 April 2020
ලොව පුරා මිය ගිය කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 53,000 ඉක්මවයි ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව අද (3) පස්වරු වනවිට 53,000 ඉක්මවා ගියේය. 03 April 2020
සන්නිවේදන සේවා විසන්ධි කරන්න එපා කොරෝනා වසංගතයට එරෙහිව කටයුතු කිරීමේ දී පනවා ඇති ඇඳිරිනීතිය හා වසා දැමීම් හේතු කරගෙන ගෙවීම් කිරීම් ප්‍රමාද වෙන බැවින් සන්නිවේදනය කටයුතුවලට අදාළ සම්බන්ධතාවලට බලපෑමක් ඇති නොකරන්නැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියලුම සන්නිවේදන සේවා සපයන සේවා සමාගම් වලින් ඉල්ලා සිටී. 03 April 2020
රත්තොට 4800 කට සහන සලසා අවසන් රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි සහන ණය ලබාදීමේ ප්‍රගතියක් ඇති බවත් ප්‍රතිලාභීන් 4800 කට පමණ ණය නිකුත් කර ඇති බවත් රත්තොට කොරෝනා මර්දන ප්‍රාදේශීය කමිටුවේදී අනාවරණය විය. 03 April 2020
ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 5380 ක් දක්වා ඉහළට ප්‍රංශයේ සාත්තු නිවාස වල පසුගිය දිනවල සිදූවූ මරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රධාන දත්ත පද්ධතියට ඇතුලත් කිරීමෙන් පසු කොරෝනා වයිරසයෙන් එරට සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 5380 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 03 April 2020
උදයංග වීරතුංගට ඇප මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. 03 April 2020
නිරෝධායනය නොවී සිටි තිදෙනෙක්ට පහරදීලා කොළඹ ප්‍රදේශයේ රැකියාවල නියුතුව සිට ඇල්ල , නමුණුකුල පිංආරාව ප්‍රදේශයේ නිවෙස්වලට පැමිණ නිරෝධායනය නොවී සිටි පුද්ගලයින් තිදෙනෙකු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවීම සඳහා නහවිල ප්‍රදේශයට අද (03) පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් මොවුන් තිදෙනාට පහරදී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය. 03 April 2020
බදුල්ලේ සමෘද්ධිලාභීන්ට රුපියල් මිලියන 344ක් කොරෝනා අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සමෘද්ධිලාභී පවුල් සඳහා ලබාදෙන අරුණළු සහන ණය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභී පවුල් 69,013 ක් සඳහා රුපියල් මිලියන 344 ක ගෙවා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය සදහන් කළාය. 03 April 2020
ප්‍රදේශ රැසකට හෙට වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට බලපා ඇති වියළි කාලගුණය නිමා කරමින් ප්‍රදේශ රැසකට හෙට (4) සිට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 April 2020
කොරෝනාවට බියෙන් මැලේසියාවේ ආදිවාසීහු වනාන්තරයට පලා යති කොරෝනා වයිරසය මැලේසියාවේ පැතිරීමත් සමග එහි ජීවත් වන ආදිවාසී ජන කොටස් වනාන්තර වලට පලා යමින් සිටින බව වාර්තා වේ. 03 April 2020
කොරෝනා ගැන පැමිණිලි යොමු කරන්න නව අංකයක් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් 1933 නමින් නව දුරකතන අංකයක් පොලිස් මූලස්ථානය මගින් හඳුනා දී තිබේ. 03 April 2020
මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවෝ දෙදෙනෙක් ගමක් භීතියට පත්කරති කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හමුවූ රෝගියා ප්‍රතිකාර ලැබූ 5 වාට්ටුවේ සිට පිටව ගිය පිළියන්දල කහපොල රෙජිඩෙල් වත්තේ පදිංචි පුද්ගලයකුගේ නිවසේ සිටින මත්ද්‍රව්‍ය ගැනීමට ඇබ්බැහි වූ තරුණයන් දෙදෙනකු නිසා රෙජිඩෙල් වත්තේ බොහෝ දෙනකු භීතියට පත්ව ඇතැයි වාර්තාවේ. මේ හේතුවෙන් කහපොල රෙජිඩෙල්වත්ත සහ අවට ජනතාව භීතියට හා ගැටලු රැසකට මුහුණ පා ඇති බව ද සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග පවසයි. 03 April 2020
හදිසි මරණයකින් හලාවත රෝහල කැළඹෙයි කොවිඞ් 19 රෝග ලක්ෂණ සහිත රෝගී කාන්තාවක හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත්තේ, පිළිකා රෝගය හේතුවෙන් බව අනාවරණය වී තිබේ. 03 April 2020
අකුරණ ආසාදිතයන් ඇසුරු කළ අය සිටී නම් ඉදිරිපත්වෙන්න අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිත රෝගීන් සමඟ මොනම හෝ ආකාරයක සම්බන්ධතාවයක් තිබූ සියලු දෙනා වහාම සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට දන්වන ලෙස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරුඳුගහමඩ මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. 03 April 2020
බහු දින ධීවර යාත්‍රා සඳහා නිරෝධායන සහතිකය අනිවාර්යයි සිය ධීවර මෙහෙයුම් සදහා පිටත් වීමට වෙනත් දිස්ත්‍රිත්කවල ධීවර වරායන් බහු දින ධීවර යාත්‍රා භාවිතා කරන්නේ නම්, එම ධීවරයින් සතුව පදිංචි ප්‍රදේශයේ මහජන සොඛ්‍ය නිලධාරියා විසින් නිකුත් කළ නිරෝධායන සහතිකය අනිවාර්යෙන් තිබිය යුතු බව ධීවර නියෝජ්‍ය අධ්යක්ෂ අනුර ජයසේකර මහතා පවසයි. 03 April 2020
දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරම දැන් හිස් යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දියතලාවේ පැවැති නිරෝධායන මධ්‍යස්ථාන හතරම මේ වන විට හිස්ව පවතින බව දියතලාව යුද හමුදාව පවසයි. දියතලාව හමුදා නිවාඩු නිකේතනය කඳවුරේ සිටි අවසන් 33 දෙනා අද (3) දින සිය ගම්බිම් බලා පිටත්ව යෑමත් සමග කඳවුරු ගතව නිරෝධායනය වූ සියලුම දෙනා පිටත්ව ගොස් තිබේ. 03 April 2020
කටුපොත ආසාදිත කාන්තාව හා සමීපව සිටි 61 හඳුනා ගනී කටුපොත ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදිත කාන්තාව හා සමීපව සිටිමින් කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ගැනීමට ගිය පුද්ගලයන් 61 දෙනෙකු සම්බන්ධ තොරතුරු අද පෙරවරුව වනවිට අනාවරණය කරගෙන ඇති බව කුලියාපිටිය කොටිඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය. 03 April 2020
කොරෝනා මඬින්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128 ක් ලංකාවට කොරෝනා වයිරසයට එරෙහිව හදිසි සෞඛ්‍ය ප්‍රතිචාර දැක්වීමටත් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 128.6 ක මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ අනුමැතිය හිමි ව ඇත. 03 April 2020
තංගල්ල හෝටලයේ සේවකයින් දෙදෙනාට කොරෝනා නෑ තංගල්ල ගොයම් බොක්ක හෝටලයේ සිටි සේවකයින් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වීමෙන් පසු හම්බන්තොට මහ රෝහලින් එම පුද්ගලයින් දෙදෙනා නිවෙස් වලට අද (03) පිටවගොස් ඇති බව තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි මහතා පැවසීය. 03 April 2020
ලෝක බැංකුවෙන් ඉන්දියාවට ඩොලර් බිලියනයක් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ගවලට සහය දීමක් ලෙස ඉන්දියාවට ඇමෙරිකානු ඩොලර් බිලියනයක හදිසි මූල්‍ය සහනයක් ලබාදීමට ලෝක බැංකුව තීරණය කර ඇත. 03 April 2020
නිරෝධායනය අවසන් කළ තවත් 35 ක් දියතලාවෙන් පිටව යති විදේශීය රටවල සිට පැමිණ දියතලාව නිරෝධායන මධස්ථානයේ නිරෝධායනය වූ අවසන් 35 දෙනාද අද (3) සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර සිය නිවෙස් කරා යවා ඇතයි දියතලාව යුද හමුදා කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය. 03 April 2020
නිරෝධායනය වූ තවත් 16 ක් පිටව යති යුද හමුදාවේ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 16 දෙනෙකු අද (03) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාව පවසයි. 03 April 2020
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට දිවයිනේ විවිධ ප්‍රදේශවල කප්පම් ගැනිම්, මංකොල්ලකැම් වලට සම්බන්ද සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකු අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි. 03 April 2020
ලොව පුරා කොරෝනා ආසාදිතයෝ මිලියනය ඉක්මවයි ලොව පුරා කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 52 000කට අධික බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 03 April 2020
කටාර් රාජ්‍යයේ සේවය කළ ලක් කතක් මරුට කටාර් රාජ්‍යයේ රැකියාවේ නිරතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගින්නකට හසුවීමෙන් මියගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 02 April 2020
කැනඩාවේ කොරෝනා ආසාදිතයින් 10,000 පනී කැනඩාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 10132 ක් වාර්තා වී ඇති බව එරට මහජන සෞඛ්‍ය කාර්යාංශය පවසයි. 02 April 2020
වෙළඳ කලාපයෙන් වතුකරයට ආ 2543ක් ස්වයං නිරෝධායනයට මධ්‍යම පළාතේ තේ වතු ආශ්‍රිතව නිදහස් වෙළද කළාපයේ සිට 2543 ක් පැමිණ ඇති බවත් ඔවුන් ස්වයං නිරෝධායනයකට ලක් කිරිමට කටයුතු කරන ලෙස තමන් දිසාපතිවරුන්ගෙන් ඉල්ලා සිටි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත්.යු.ගමගේ මහතා පැවැසිය. 02 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026