IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඊටීඅයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් අධිකරණයට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ඊ.ටී.අයි හා ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ  යන අය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම ආයතන වල හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින්  අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට සිදුකර තිබූ නියෝගයක් අනුව අද දිනයේ දී ඔවුන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊ.ටී.අයී ආයතනයේ තැම්පත් කර තිබූ රුපියල් බිලියන 13.7 ක මුදලක් නීති විරෝධී ලෙස ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව ඔවුන්ට එල්ල වී තිබූ චෝදනා වේ. 

 

 

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (6)

ඊටීඅයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් අධිකරණයට

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 06 January 2021 01:04 PM

රජකම් කළත්, කළකම් පළදේ කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට තමයි. මේ අය මහේශාක්‍ය ලීලාවෙන් දිවි ගෙවලා තියෙන්නේ තැන්පත්කරුවන්ගේ සල්ලිවලින්...

:       2       5

RAveendra Wednesday, 06 January 2021 01:08 PM

බිය නොවන්න මේ තක්කඩි හොරුන්ට හෙට දින වෙනකොට අසුහාරදාහේ ලෙඩ මෙන්ම ඔන්න පණ යනවා මෙන්න පණ යනවා... එබැවින් අපගේ දෙවිවරු වන අපගේ සේවාදායකයින්ට "ඇපල්" ලබාදෙන මෙන් ඉල්ලා සිටින්නෙමු. මීට... සුදු කබා ඇඳගත් ගම් කබරයින්...

:       2       7

සෙනෙවිරත්න Wednesday, 06 January 2021 02:43 PM

සුදු කරපටි හොරු, මේක විකට රංගනයක්, මොනවත් වෙන්නේ නැහැ. රාජ්‍ය බැංකුවක නොදා වැඩි පොලිය බලාගෙන වක්කඩේ හකුරු හංගපු අය ගැන දුකයි.

:       0       6

Mahesh Wednesday, 06 January 2021 03:09 PM

බය වෙන්න එපා !!! ටක්ගාලා ඇප ලැබිලා!!! ඔක්කොම නීති පොඩි මිනිහාට විතරයි. බොරු මාධ්‍ය දර්ශන...

:       0       9

chandani Wednesday, 06 January 2021 04:23 PM

හොර රැල......නොදෝමකින් විතරක්.

:       1       0

Nihal Wednesday, 06 January 2021 10:48 PM

ප්‍රවෘත්තියේ රස්නෙ යන්නත් කලින් අන්න එළියේ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site