කොරෝනා යැයි සැක කටුපොත 30 ක් නිරෝධායනයට කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවේදී කටුපොත කැකුණගොල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත කාන්තාව සමග සමීපව සිටි බව කියන පුද්ගලයන් 30 දෙනෙකු මේවනවිට හඳුනාගෙන සිටින බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය . 05 April 2020
අකුරණ ආසාදිතයින් දෙදෙනා ඇසුරු කළ සියලුදෙනා දැනුම් දෙන්න අකුරණ ප්‍රදේශයෙන් හමු වූ නව කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනා ඇසුරු කළ පුද්ගලයින් වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ පොලිසියට දන්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි. 05 April 2020
පැය 24 කදී ඇඳිරිනීතිය උල්ලංඝණය කළ 1245 ක් අත්අඩංගුවට අද උදෑසන 6න් අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1245 ක් අත්අඩංගුවට ගෙන වාහන තුන්සිය තිස් හයක් (336)ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 05 April 2020
හිරු මුදුන්වීම අද සිට 14 වැනිදා තෙක් ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද (5) සිට මෙම මස 14 වැනිදා දක්වා සිදු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 April 2020
හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට පොලිස් ඇඳිරි නීතිය තිබියදී මාරවිල පොලිස් වසමේ මරද සහ මාවිල යන ප්‍රදේශවලදී හෙරොයින් මත්කුඩු විකිණිම සඳහා ළඟ තබාගෙන සිටි කාන්තාවක් හා පුද්ගලයෙකු අද (04) රාත්‍රී අත්අඩංගුවට ගත්බව මාරවිල පොලිසිය පැවසීය 04 April 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම ගැන තක්සේරුව අලුත් අවුරුද්දෙන් පසු කොරෝනා ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතර දිස්ත්‍රික්කයන්හි කොරෝනා ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නැති බව රජය පවසයි. 04 April 2020
සෞඛ්‍ය පරික්ෂකවරුන්ට බලතල නොතිබිමෙන් ගැටලු රැසක් නිරෝධායන පනතේ පවතින බලතල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මෙතෙක් පවරා නොතිබීම ඔවුන්ගේ රාජකාරිවලට බාධාවක් වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි. 04 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 166 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 04 April 2020
ජෝර්ජියාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි ජෝර්ජියාවේ ප්‍රථම කොරෝනා මරණය අද(04) වාර්තා වී තිබේ. 04 April 2020
නිවසට ආ මහජන සෞඛ්‍ය පරීක්ෂකට පිහියෙන් අනී රඹුක්කන කඩිගමුව කැබැල්ලවත්ත ප්‍රදේශයේදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට අද (4) පස්වරුවේ තියුණු ආයුධයකින් ඇනීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව රඹුක්කන පොලිසිය පවසයි. 04 April 2020
මැයි අවසානය දක්වා බ්‍රිතාන්‍යය වසා දැමීමට සිදුවේවි බ්‍රිතාන්‍යයේ මේ වනවිට ක්‍රියාත්මක වන දැඩි අගුලු දැමීමේ නීති මැයි මස අවසානය දක්වා ඉවත් කිරීමට අපහසු බව රජයේ බලධාරීහු පවසති. 04 April 2020
සාදයකට කඩා වැදී වෙඩි තැබුවැයි නීතීඥවරයා රිමාන්ඞ් මොරගහහේන කුඹුක නිවසකදී පැවත්වූ සාදයකින් පසුව නිවසට කඩා වැදී වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් නීතීඥවරයා අද (4) හොරණ අධිකරණයේ මහේස්ත්‍රාත් නිල නිවස වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය. 04 April 2020
’ලංකාවම ලොක්ඩවුන් කරන කතාව බොරුවක්’ මෙම මස 10 වෙනිදා සිට 15 වෙනිදා දක්වා ශ්‍රී ලංකාව වසා දැමීමට කටයුතු කරන බවත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරක් සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. 04 April 2020
කොරෝනා මඬින්න සහය දෙන්නැයි බ්‍රිතාන්‍යය අගමැති විපක්ෂයෙන් ඉල්ලයි ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසට එරෙහි සටන් වැදීම සඳහා තමන් සමඟ එක්වන්නැයි බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා එරට විපක්ෂයට ආරාධනා කර ඇත. 04 April 2020
රැඳවියන් 2,961 දෙනෙකු ඇප මත මුදා හරිති බන්ධනාගාර ගතව සිටි රැඳවියන් 2,961 දෙනෙකු මාර්තු මස 17 වනදා සිට අද (04) දක්වා ඇප මත මුදාහැර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. 04 April 2020
ඉරානයේ කොරෝනා මරණ 3,452 දක්වා ඉහළට කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයේ මියගිය සමස්ත ගණන 3,452 දක්වා ඉහළ ගොස් ඇත. 04 April 2020
අටුළුගමට ගඟෙනුත් ආරක්ෂාව හුදෙකලා කර ඇති අටුලුගම ගම්මානයේ ඇතැම් පිරිස් බොල්ගොඩ ගග හරහා අනෙකුත් ගම්මාන වලට හොර රහසේ යන බවට ලද බුද්ධි තොරතුරු අනුව බොල්ගොඩ ගඟ හරහා විශේෂ බෝට්ටු සේවාවක් අද ආරම්භ කර ආරක්ෂාව තව දුරටත් තර කල බව බණ්ඩාරගම පොලිසිය කියයි. 04 April 2020
නිරෝධායනය අවසන් කළ අයෙක් කොරෝනා ආසාදනය වී රෝහලේ කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24 වැනදා සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කලුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට අනාවරණයවිමෙන් පසු එම පුද්ගලයා සමග බස් රථයේ පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ හය දෙනෙකු ද පරික්ෂණ සඳහා අද (04)දින රෝහල් ගත කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 04 April 2020
ඇඳිරිනීතියේදී ජල-විදුලි පාරිභෝගිකයින්ගේ ගැටලු විසඳීමට කඩිනම් සේවයක් ඇඳිරිනීතිය කාලයේදී විදුලි හා ජල පාරිභෝගිකයනගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා විශේෂ සේවාවක් හෙට (04) සිට ක්‍රියාවට නැංවෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. 04 April 2020
කොරෝනා පාලනයට ආධාර ලබාදීමේදී දේශපාලන ප්‍රචාරණ එපා කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනයාට ආධාර ලබාදෙන ඇතැම් දේශපාලනඥයින්, එම ආධාර දීම් ඡායාරූප ගතකරමින් ජනමාධ්‍ය හා සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම යෝග්‍ය නොවන බවද, එලෙස කටයුතු නොකරන ලෙසද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද(04) ඉල්ලීමක් කළේය. 04 April 2020
කොරෝනා රෝග තත්ත්වය පරීක්ෂා කරන්න ගම්පහ රෝහලේ වෙනම ඒකකයක් කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ සහිත රෝගීන් පරීක්ෂා කර කඩිනමින් අවශ්‍ය පියවර ගැනීම සඳහා නව ඒකකයක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අද (04) ස්ථාපනය කෙරිණි. 04 April 2020
කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 162 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 162 ක දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 04 April 2020
ඩුබායි සිට පැමිණ සැඟව සිටි අයෙක් නිරෝධායනයට දෙනියාය ,පල්ලෙගම ප්‍රදේශයේ ඩුබායි සිට පැමිණ නීරෝධානය මග හැර දින 16 ක් සැගව සිටි පුද්ගලයෙකු කොටපොළ සෞඛ්‍යය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිතුනා ආරච්චි මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර දින 11 ක් නිවසේ සිට ස්වයං නිරෝධානයට ලක් වෙන ලෙස උපදෙස් ලබාදුන් බව කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 04 April 2020
ආසාදිත පස්වැනියාගේ අවසන් කටයතු අරලගංවිලදී සිදු කරයි කොවිඞ් 19 හෙවත් කොරෝනා වයිරසය හේතුවෙන් සිදු වු පස්වැනි පුද්ගලයාගේ සිරුරෙහි අදාහන කටයුතු හමුදා හා පොලිස් අරක්ෂාව යටතේ අරලංගවිල විජයබාපුර පිහිටි දිඹුලාගල ප්‍රාදේශිය සභාවට අයත් ආදාහනාගාරයෙදි සෞඛ්‍ය අංශ වල සහභාගිත්වයෙන් සිදු කෙරිණි. 04 April 2020
නාවික හමුදා බස් රථයක් පෙරළී 13 ක් රෝහලේ තණමල්විල මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර රණවරණාව ප්‍රදේශයේදී නාවික හමුදා සෙබළුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (04) මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් සෙබළුන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි. 04 April 2020
මව - බිළිඳා කොළඹ යවා වෛද්‍ය කණ්ඩායම නිරෝධනයට බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිනි මව අද (04) අලුයම කළුතර නාගොඩ රෝහලේදී බිහි කළ බිළිඳා සමග කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යොමු කර ඇත. 04 April 2020
සමෘද්ධි නිලධාරියාගේ රාජකාරියට බාධා කළ දෙදෙනා රිමාන්ඩ් නාඋල , අඹන සමෘද්ධි බැංකුවට අනුයුක්තව,අඹන - මොරගහමඩ වසමේ රාජකාරි කළ සමෘද්ධි නිළධාරිවරයෙකුට පහරදිමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ලබන 08 වෙනිදා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරිමට නාඋල ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව වීරසිංහ මහතා අද (04) නියෝග කළේය. 04 April 2020
දඹුලු ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට දිනතුනක් වහයි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අප්‍රේල් මස 5, 6 සහ 7 යන දිනයන් තුනේ වසා තැබීමට තීරණය කළ බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න ඇරැවුල මහතා අද(04) පැවසීය. 04 April 2020
කොරෝනා ගැන දැනුම් දෙන්න මධ්‍යම පළාතේ මෙහෙයුම් මැදිරියක් මධ්‍යම පළාත තුළ කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම ලෙස පහසුකම් සැලසීමේ අරමුණින් විශේෂ මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර ඇත. 04 April 2020
බලන්ගොඩ රක්ෂිතයක මැණික් ගරමින් සිටි සිව්දෙනකු නිරෝධායනයට බලන්ගොඩ රජවක බෝවත්ත රජයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වි පතල් කපමින් සිටි පුද්ගලයන් හතරදෙනෙකු අද (04) අත්අඩංගුවට ගෙන පසුව බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක පරික්ෂක නිළධාරීන් මාර්ගයෙන් ස්වයං නිරෝධනයට ලක් කල බව බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා පැවැසිය. 04 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026