IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


‍සෙනට්සභා ගොඩනැගිල්ලේ වෙඩිතැබීමෙන් මියගිය ගණන 5 දක්වා ඉහළට

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිසක් වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට ඊයේ කඩාවැදීම හේතුවෙන් එහි සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියකු මරණයට පත්ව ඇත.

 ඒ අනුව ගැටුම්වලින් මියගිය ගණන 5ක් දක්වා ඉහළ ගියේය.

මියගොස් ඇත්තේ, එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලේ පොලිස් නිලධාරී බ්‍රයන් සික්නික් මහතාය.

‘‘පොලිස් නිලධාරී සික්නික් කලහකාරී පිරිස් විසුරුවා හැරීමට උත්සාහ කළ අවස්ථාවේදී තුවාල ලැබුවා’’ කැපිටල් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කලහකාරී පිරිස් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් සිවුදෙනක් මියගියහ.

කලහකාරී පිරිස් කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදුණේ ඇමෙරිකානු කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාව රැස්ව සිටියදී ය. තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන්ගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීම සඳහා කොංග්‍රස් සාමාජිකයෝ එලෙස රැස්ව සිටියහ.

පොලිස් නිලධාරී බ්‍රයන් සික්නික් තුවාල ලැබීමෙන් පසු රෝහල් ගත කර ඇති අතර ඔහු මරණයට පත්ව ඇත්තේ ඉන් අනතුරුවය.මෙට්‍රොපොලිටන් නිලධාරීන් පොලිස් නිලධාරී සික්නික්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් කැපිටල් පොලිසිය සඳහන් කළේය.

බ්‍රයන් සික්නික් ඇමෙරිකා එක්සත් ජනපද කැපිටල් පොලිසියට එක්වී ඇත්තේ 2008 වසරේ දී ය.

මුලදී සිය ආධාරකරුවන් ඇගයූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුව ප්‍රචණ්ඩත්වය හෙළා දැක්කේ ය. කලහකරුවන් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය අපවිත්‍ර කළ බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පසුගිය වසරේ නොවැම්බර් මස 3 වැනිදා පැවැත්විණි. ඉන් ජය ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සමත් විය. ඉකුත් දෙසැම්බර් මාසයේ පැවැති ඡන්ද ගණ, ඡන්ද විමසීමේදී ද ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ස්ථීර විය. ඒ අනුව තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා කොංග්‍රසය ඉකුත් දා (6) රැස්විය.

කලහකාරී පිරිස් කොංග්‍රසය පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණේ එම ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ අරමුණෙනි.


රොයිටර්
055



අදහස් (0)

‍සෙනට්සභා ගොඩනැගිල්ලේ වෙඩිතැබීමෙන් මියගිය ගණන 5 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31534 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13879 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 158 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1078 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 302 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site