අකුරැස්ස මලිදුව ගම්මානය හුදෙකලා කරයි අකුරැස්ස ,මලිදුව කොහු ගොඩ ග්‍රාම නිලධාරී වසමේ කොවිඩ් -19 ආසාදිතයකු අද (05) හඳුනා ගැනීමත් සමගම එම ප්‍රදේශයට ඇතුළුවන කොහුගොඩ පහළ මලිදුව මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා එම ප්‍රදේශය හුදෙකලා කිරීමට අද (05) අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් පරිදි අකුරැස්ස පොලිසිය කටයුතු කළහ . 05 April 2020
‘‘වයිරසයට එරෙහි සටනේදී විනය - අධිෂ්ඨානය අවශ්‍යයි‘‘ කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ස්වයං - විනය සහ අධිෂ්ඨානය අවශ්‍ය බව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින විශේෂ ප්‍රකාශයක් කරමින් කීවාය. 05 April 2020
කොරෝනා ආසාදිතයින්ට එදිනෙදා කාර්යන් පහසු කරගන්න රෝබෝ යන්ත්‍රයක් පොළොන්නරුව, වැලිකන්ද කෝවිඩ් 19 විශේෂ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්ට අවශ්‍ය ආහාරපානෙ, ඖෂධ ලබාදීම ඇතුළු එදිනෙදා කාර්යයන් රැසක් පහසුවෙන් කිරීම සඳහා උපකාරීවන රොබෝ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද(04) සිදු කෙරිණි. 05 April 2020
අත්‍යාවශ්‍ය සේවා ලේබලය ගහගෙන මංගල උත්සවයක කාඩ් බෙදලා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ලබා දෙන අවසර පත්‍රයක් මෝටර් රථයේ ගසා ගෙන සිය නැඟණියගේ විවාහ උත්සවයේ ආරාධනා පත්‍ර බෙදමින් සිටි පුද්ගලයෙකු අද (05) අත්අඩංගුවට ගත්බව අලවතුගොඩ පොලිසිය පැවසීය. 05 April 2020
ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් නිවසටම ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් හෙට(06) දිනයේදී දිවයින පුරා පිහිටි ග්‍රාමසේවක කොට්ඨාස තුළදී ලබාදීමට රජය කටයුතු යොදා ඇත. 05 April 2020
කෝවිඩ් - 19 අරමුදලට ලොතරැයි මණ්ඩලයෙන් මිලියන 25 ක් පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දක්වමින් ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් ලක්ෂ 250 ක් ‘කොවිඩ්-19’ සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර ඇත. 05 April 2020
“සුළඟකින් පුත්තලම ප්‍රා.ලේ කොට්ඨාස 4ක නිවාස 104 කට හානී’ ආණමඩුව , මහකුඹුක්කඩවල , නවගත්තේගම හා මුන්දලම ප්‍රදේශීය ලේකම් වසම් හරහා හමා ගිය සුළගකින් නිවාස 104 කට හානි සිදුවි ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි. 05 April 2020
කොරෝනා ආසාදිතයින් ගණන 175 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 175දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 05 April 2020
ලංවීම තෙල් සංස්ථාවට ගෙවීමට තිබූ මුදලෙන් කෝටි 4800 ක් පියවයි ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට තිබෙන රුපියල් කෝටි 8000 ක මුදලින් රුපියල් කෝටි 4800 ක් පියවීමට ඛණිජ තෙල් සංස්ථාව මගින් පියවර ගෙන ඇතැයි විදුලි බල සහ බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 April 2020
අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදන්න තැපෑලෙන් තවත් යෝජනාවක් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදාදීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන විශේෂ වැඩපිළිවෙළ සමඟ එක්වන්නැයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සියලු සුපිරිවෙළඳසැල් සහ ආයතන වෙත ඉල්ලීමක් කරයි. 05 April 2020
චීනයෙන් යුරෝපයට මුඛ ආවරණ ලක්ෂ 40 ක් චීනයෙන් යුරෝපයට මුඛ ආවරණ මිලියන හතරක් ගෙනා බව ‘එයාර්බස්’ ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිලෙම් ෆුරි පවසයි 05 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 167 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 167 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 05 April 2020
ස්පාඤ්ඤය තවත් දින 15 වසා දමයි කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර රට වසා දැමීමට ස්පාඤ්ඤ රජය ගත් ක්‍රියාමාර්ගය තවත් දින 15 කින් දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත. 05 April 2020
විශේෂ විධි විධාන මත තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය විවෘතයි ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝග මත තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට උදෑසන 5.30 ට විවෘත කිරීමට රජය කටයුතු කර ඇති බව වෙළඳ සංගමයේ සභාපති සුනිල් සෙනවිරත්න මහතා පැවසීය. 05 April 2020
ඇදිරියෙන් සිරවී සිටින්නන් ගම්බිම් වලට ගෙන යාමේ වැඩපිළිවෙළක් ඇදිරි නිතිය හේතුවෙන් බස්නාහිර පළාත තුළ සිරවී සිටින ශ්‍රමිකයින් ඔවුන්ගේ ගම්බිම් බලා පිටත් කර හැරීම සදහා වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරිම කෙරෙහි අවධානය යොමුව ඇතැයි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අද (05) පැවසීය. 05 April 2020
නරකම තත්ත්වය තියෙන්නේ ඉදිරියට ‘ඉතා නරකම’ තත්ත්වය තවමත් පැමිණ නැතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. 05 April 2020
ග්‍රීසියේ තවත් සංක්‍රමණික කඳවුරක පිරිසක් නිරෝධායනයට ග්‍රීසියේ මලකාසා සරණාගත කඳවුරේ පුද්ගයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු එම කඳවුර සම්පූර්ණයෙන්ම නිරෝධායනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 05 April 2020
කරාපිටියේ ස්නායු රෝග වාට්ටුව තාවකාලිකව වසයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු රෝගින් සඳහා ප්‍රතිකාර කරනු ලබන 37 වාට්ටුවට කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිටවීමට තහනම් කරමින් තාවකාලිකව වසා දමා ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. 05 April 2020
ගෙදර සිටම වැඩ කරන තවත් සතියක් හෙට (06) සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ. 05 April 2020
කලුතර ආසාදිතයා සමග බස් රියේ ආ අකුරැස්සේ අයකුටත් කොරෝනා කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24වනදින සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කොරෝනා වයිරසය ආසාදනය වි ඇති කලුතර ප්‍රදේශයේ පුද්ගලයා පැමිණි බස් රථයේම පැමිණ ඇති අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකුටද කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට අද(05)තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 05 April 2020
නිවසින් බැහැරට යන ඇමෙරිකානුවන්ට මුහුණු ආවරණ පළදින්නැයි ඉල්ලයි කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා නිවසින් බැහැරට යන අවස්ථාවලදී මුඛ ආවරණ පළඳින්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය බලධාරිහු එරට ජනතාවට නිර්දේශ කර ඇත. 05 April 2020
සුඛෝපභෝගී නෞකාවක සිටින ශ්‍රී ලාංකිකයකුගෙක් ආයාචනයක් ලෝක සාවාරියක යෙදෙන MSC Magnifica නෞකාව හෙට (6 වැනිදා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී තමන්ව නැවතත් ශ්‍රී ලංකාවට බාරගන්නා ලෙස එම නෞකාවේ සිටින එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර හේරත් මහතා ආයාචනා කර සිටී. 05 April 2020
ඇඹිලිපිටිය රෝහලට ආරක්ෂිත ඇඳුම් කට්ටල 900ක් ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී භාවිතා කරන ආරක්ෂක ඇඳුම් කට්ටල 900ක් පමණ වෛද්‍ය සහ සෙසු කාර්ය මණ්ඩල ප්‍රයෝජනය සදහා පරිත්‍යාග කිරීම අද (5) සිදුවිය. 05 April 2020
රෝහල් ඖෂධ ගබඩාවේ ගින්න පාලනය කරයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ අද පෙරවරු 11.00 ට පමණ හටගත් ගින්න මේවනවිට නිවා දැමීමට හැකියාව ලැබී ඇත. 05 April 2020
අවමංගල්‍යවලටත් මාර්ග බාධක දාන්න වෙයි අවමංගල්‍යයකට සහභාගී වීමට වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණීම වැළැක්වීම සඳහා මාර්ග බාධක යෙදීමට සිදුව ඇති බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 05 April 2020
මහියංගනයේ සැක 17 දෙනා පූනානි නිරෝධන මධ්‍යස්ථානයට කොරෝනා වයිරසයෙන් මරණයට පත්වූ අකුරණ පුද්ගලයා ඇසුරු කිරීම නිසා කොරෝනා වයිරසයට ගොදුරු වී ඇතැයි සැකපිට සිය නිවෙස් තුළදීම ස්වං නිරෝධානයනයට ලක්කළ මහියංගනයේ පදිංචි පුද්ගලයන් 17 දෙනා අද (5) ඉදිරි නිරෝධන ක්රියාවළිය සදහා පුනානි නිරෝධන මධ්‍යස්ථානයට රැගෙන යන බව යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. 05 April 2020
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන තිබේ. 05 April 2020
කොරෝනා ගැන අසත්‍ය පුවත් ප්‍රචාරය නොකරන්නැයි ට්‍රම්ප් මාධ්‍ය ආයතනවලින් ඉල්ලයි ජාතියක් වශයෙන් අමෙරිකා එක්සත් ජනපදය මාරාන්තික කොරෝනාවට එරෙහිව සටන්වදිමින් සිටින මේ මොහොතේ වයිරසය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින්නැයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි. 05 April 2020
කොරෝනා ආසාදිත මව බිහි කළ බිලිඳා යහපත් සෞඛ්‍ය තත්වයෙන් බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිණි කාන්තාවට උපන් බිලිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පසුවන බවත් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (05) පැවසීය. 05 April 2020
අකුරණ 144 ක් පූනානි නීරෝධායන මධ්‍යස්ථානයට යවති අකුරණ ප්‍රදේශයෙන් හමුවු නව කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සමඟ වවිධ ආකාරයෙන් සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයින් 144 දෙනෙකු අද (5)පූනානි නීරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ කියයි. 05 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026