
(ක.ග. කරුණාරත්න)
පොලොන්නරුව, පුලස්තිගම ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවය කරන සේවිකාවන් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් අද (09) පුලස්තිගම කෑගලුගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි ඇලකට පෙරලී යාම නිසා සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් ගත් 22දෙනෙකු තුවාල ලබා ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි.
එම තුවාලකරුවන් සියළුම දෙනා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත්කර ඇත. ඔවුන්ගේ තත්වය එතරම් බරපතල නොවන බව ප්‍රතිකාර කරන වෛද්‍යවරු පැවසූහ.
දවසේ සේවා මුරය සඳහා කැඳවාගෙන එමින් සිටි සේවක පිරිසක් මෙසේ අනතුරට ලක්ව සිටින බව පොලීසිය පැවැසීය.
පුලස්තිපුර පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇළ පිරෙන්න වතුර නොතිබුණු නිසා ලොකු අනතුරකින් බේරුණා.