(නිමල කොඩිතුවක්කු)
මේ දිනවල රට පුරා ගවයින්ට වැළදෙන වයිරසයක් පිළිබදව සොයා බැලීම සදහා ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා විසින් අද(08) සත් පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.සේනානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය රංජනී හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් වෛද්‍ය නිරෝෂන් ගමගේ සත්ව වසංගත රෝග පිළිබද වෛද්‍ය ප්‍රදීප් කුමාරසහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයඹ, උතුරු මැද සහ උතුරු පළාත් අධ්‍යක්ෂකවරු ඇතුලත්ය.
මෙම රෝගයේ ව්‍යාප්තිය, එය පාලනය කිරීම සදහා ක්ෂණිකව ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම නැවත මෙම රෝගය වැළදීම නතර කිරීම සදහා පළාත්මට්ටමින් කිරි ගොවියන් දැනුවත් කල යුතු ආකාරය පිලිබදව වූ නිර්දේශ හා එම නිර්දේශ ක්‍රියාත්මක කල යුතු ආකාරය පිළිබද උපදෙස් ඇතුලත් වාර්තාවක් සතියක් ඇතුලත තමා වෙත ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙම කමිටුවට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් මස් කන අය ඌරු මස් කන්න පටන් ගන්න දැන්... !!!
එහෙනම් පාර්ලිමේන්තුවේ අය පරිස්සම් වෙලා ඉන්න වෙයි.
හරක් මස් කන අයට වඩා වයිරසයක් කොහේද? දැක්කනේ පහුගිය කාලේ කෙළ ගහලා බෝ කරපු හැටි...
කිරි, බිත්තර ඇමැතිතුමනි, වැඩේ බ්‍රැන්ඩික්ස් පොකුරක් වෙන්න කළින් කරන දෙයක් කරන්න.
මේක මට නිකමට හිතුණා විජේසිරි ඇමැතිතුමාටත් කොරෝනා කියපුවාම..