(ජේ.කේ.එල් චාමින්ද සහ ප්‍රේමතිලක ද සිල්වා)
ලංකා විදුලිබල මණ්ඩලය විශාල මුල්‍ය අර්බුදයකට ලක්ව තිබෙනවා යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (09) ගාල්ලේ දි පැවසීය.
ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය රුපියල් බිලියන 80ත් 85ත් අතර පැවති බවත් 2020 වර්ෂයේ දි එම අලාභය රුපියල් බිලියන 45 දක්වා අඩුකරගැනීමට හැකිවු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ ජාතික වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික් ග්‍රාමිය යටිතල පහසුකම් කමිටුවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. මෙම රැස්වීම ගාල්ල හොල්ඩිගොල් ශාලාවේදී පැවැත්විණි. එහිදි ඇමතිවරයා මෙසේද කිවේය.
‘විදුලිබල මණ්ඩලයේ මුල්‍ය අර්බුදයක් තියෙනවා. 2020 වර්ෂයේ දි විදුලිබල මණ්ඩලයේ අලාභය රුපියල් බිලියන 45 දක්වා අඩුකරගැනිමට හැකිවුණා. ඒ සඳහා කෝවිඩ් තත්වය වර්ෂාපතනය මෙන්ම කළමණාකරණය බලපෑවා. ලංකාවේ විදුලිය ජනනය කිරීම සඳහා එක් ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 23.87ක් වැයවෙනවා. නමුත් විදුලි ඒකකයක් ලබාදෙන්නේ. රුපියල් 16.60කට. ඒ අනුව එක් විදුලි ඒකකයකින් රුපියල් 07ක අලාභයක් ලබනවා. වාර්ෂික බිලියන 16ක් විතර අලාභයක් සිදුවෙනවා.
විශේෂයෙන් කර්මාන්තකරුවන් සඳහා රුපියල් 23ට නිපදවන විදුලි ඒකකයක් ලබා දෙන්නේ රුපියල් 12.50ක මුදලකට. ලංකාවේ වීථිපහන් 4.74000ක් විතර තියෙනවා. ඒ සඳහා මිලියන 02ක් විතර වැයවෙනවා. අඩුආදායම්ලාභී පවුල් ලක්ෂ 27ක් සඳහා විදුලි ඒකක 01 සිට 30 දක්වා අය කරන්නේ රුපියල් 3.50ක්... විදුලි ඒකක 30 සිට අයකරන්නේ රුපියල් 5.50ක මුදලක්. මේ නිසා විදුලිබලමණ්ඩලයට වාර්ෂිකව රුපියල් මිලියන 20ක අලාභයක් සිදුවෙනවා. සාම්ප්‍රදායික පොසිල ඉන්ධනවලින් බැහැරව පුනර්ජනනීය බලයෙන් රට සන්නද්ධ කිරීම තමයි අපේ අරමුණ..‘ යැයිද ඇමතිවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් "ග්‍රීක් බොන්ඩ්" එකක් ආයෝජනයක් කරා නම්, විශාල ලාබයක් ලබා ගන්න පුළුවන්...
ඔය ප්‍රශ්න තියෙන නිසා තමයි 69 ලක්ෂයක් ඔබලට වෝට් කළේ. ඔබලා ගැන විශ්වාසය තියලා.... දැන් ඉතින් නම් පටන් ගන්න එපා. කොහොමහරි වැඩ කරන්න. ජනතාවට බරක් නොවන විදිහට...
මේ කියන විදිහට තව අවුරුදු 02කින් මණ්ඩලය ලාභ ලබන ආයතනයක් කරගන්න පුළුවන්...
මෙයට වගකිව යුත්තේ යහපාලන රජයලු.
ඔච්චර අලාභ වෙලා තියෙන්නේ පාරිභෝගික බිල් ගෙවලා නැතිවද? එහෙම කවුරුවත් කරලා නැහැ. එදා ඉඳලා මේක හොරකම් කරලා නැත්තටම නැති කරලයි තියෙන්නේ.
අපි නොදන්න ලං.වි.ම. දූෂිතයින් ඉන්න තැනක තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
මෙතුමා මේ අමාත්‍යාංශය බාරගන්න වෙලාවේදී ආපහු කිසිම දවසක .., විදුලි බලය අර්බුදයකට මුහුණපාන්නේ නැහැ කියලා. ඒත් දැන් දාලා තියෙනවද? නැත්නම් දාලා දුවනවද?
බැරි නම් දාලා යන්න ... රට තවත් කන්නේ නැතිව...
හොරාකන එක නතර කරන්න මුලින්ම... නාස්තිය, දූෂණය නතර කළා නම් ගොඩ... කොච්චර ලාබ ගන්න පුළුවන් තැනක්ද?
චීනෙට විකුණමු...
පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන ඒවා කරනවා කිව්වා නේද? කරලා පෙන්නන්න දැන්.
පාඩුවක් වෙන්නේ කොහොමද? හැම ඒකකයක්ම ඩිස්කවුන්ට් එකක් එක්ක දෙන්නේ ජනතාවගේ බදුමුදලින්. එහෙම නොවුණොත් විදුලිය නැතිව අහිංසක ළමයි කීදෙනෙක්ට පාඩම් වැඩ කරන්න, මිනිස්සුන්ට රැකියා දෙන කර්මාන්ත කරන්න බැරිව ගියොත්? මෙන්න ප්‍රශ්නය: මණ්ඩලය වෙන දූෂණ නාස්තිය නැති කරන එකෙන් ඒකකයක මිල කීයක් අඩු කරන්න පුළුවන්ද? පුද්ගලික අංශයට ඒකකයක් කීයකට අපිට දෙන්න පුළුවන්ද?
මම ගිය මාසේ බිල ගෙව්වේ නෑ. ඒක වෙන්න ඇති මණ්ඩලේ පාඩුවෙලා තියෙන්නේ. ඔය ඇමතිතුමාලා ඔක්කොම වෙලාවටම බිල් ගෙවන නිසා තමයි ඔහොමවත් පාඩුව අවම කරන් පවත්වගෙන යන්නේ...
තියෙන කම්බි සහ කණු ගලවමින් තරගයට සිටවන විදිහට අපි හිතුවේ සල්ලි වැඩිවෙලා කියලා... දිවුලපිටිය පැත්තට ඇවිල්ලා බලන්නකෝ ඇමතිතුමා. ලයිට් කණුවක එල්ලන එක පෙට්ටියක් රුපියල් 30000/-. මීරිගම පාරේ මාස තුනකට පාරක් කණු මාරුකරනවා බැලිය හැකියි. දැන් අධිවේගී මාර්ගයට පලල්වන මාර්ගය තුළ, නැවත ගැලවීමට සිදුවන බව දැනදැනම අලුතින් කණු සිටවනවා. මේ දේවල් සිද්ද කරන්නේ කොන්ත්‍රාත්කරුවන් සතුටුකර පිදේනිය ලබාගැනීමට බව පැහැදිලියි. මේ විදිහට මහජන මුදල් විනාශ කිරීම නවතා ගැනීමෙන් පාඩුව අවම කළහැකි නොවේද..?