(ප්‍රදීප් කුමාර)
 
යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට ඊයේ (08) රාත්‍රියේදී නොසන්සුන් තත්වයක් හට ගෙන තිබේ. මෙහි තිබූ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකයක් ඉවත් කිරීම මුල් කර ගෙන මෙම විරෝධතාවය හා නොසන්සුන්තාවය ඇතිව තිබේ.

ඒ අනුව අදාල විරෝධතාකරුවන් විශ්වවිද්‍යාල පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලය ඉදිරිපිට දැඩි නොසන්සුන්තාවයක් ඇති විය.

මෙම තත්වය පාලනය කිරීම සදහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කැඳවා තිබේ.

මෙම විරෝධතාවයේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුහු හා දේශපාලන නියෝජිතයෝ පිරිසක් නිරතව සිටිති.


 
(ඡායාරූප - රොමේෂ් මධුසංඛ)