ආණමඩුව රෝහලේ කාර්ය මණ්ඩල කොටසක් ස්වයං නිරෝධායනයට ආණමඩුව කිවුල ප්‍රදේශයේ කාන්තාවක් කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ විමත් ඇය ප්‍රථිකාර ලබා ගත් ආණමඩුව මුලික රෝහල් කාර්ය මණ්ඩල කොටසක් කිවුල හා 9 බවුම ගම්මාන වල නිවාස 15 ක පිරිස් ස්වයං නිරෝධායනයට යොමු කරන බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි අධිකාරිවෛද්ය ඒ.එච්.එම් .පද්මිනි අබේරත්න මහත්මිය මහත්මිය පවසයි. 06 April 2020
පොළොන්නරුවේ ගොවින් 5000 කට ගොවි විශ්‍රාම වැටුප් ගොවි විශ්‍රාම වැටුපට දායකවී සිටින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 5189 දෙනෙකු සඳහා රුපියල් දෙකෝටි පණස් නව ලක්ෂ හතළිස් පන්දහසක මුදලක් (25,945,000) තැපැල් කාර්යාල 103ක් මගින් අද(06) දිනයේදී ගෙවීමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ප්‍රකාශ කළේය. 06 April 2020
පාපැදි විනිසුරුවරයකු ඝාතනය කළ පිය පුතු අත්අඩංගුවට සමස්ත ලංකා පාපැදි ශූර හා සමස්ත ලංකා පාපැදි සම්මේලනයේ විනිසුරුවරයෙකු වන පයාගල දුවේ බඩත්ගොඩ පදිංචිව සිටි අනිල් රත්නසිරි මහතා (53) තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පිය පුතු දෙදෙනෙක් අද (6) සැකපිට අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය කියයි. 06 April 2020
වැසිකිළි අපද්‍රව්‍ය හේතුවෙන් බියගම – අඹතලේ ජල පවිත්රාගාර දෙකටම බලපෑම් කැලණි ගඟට මීටර් 100 ආසන්නයේ කඩුවෙල වෙලේ හන්දියේ පහත් බිමක දමා ඇති වැසිකිලි අපද්‍රව්‍ය බවුසර් කිහිපයක් නිසා බියගම හා අඹතලේ ජල පවිත්රාගාර දෙකට සැපයෙන ජලය දුෂණය වීමේ අවදානමක් පවතිතැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 06 April 2020
ඩොලරය රුපියල් 200 කඩයිමේ ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (06) ඉතිහාසගත ලෙස පහළ ගියේය. 06 April 2020
කොරෝනා ආසාදිතයින්ට තෙල් ආලේප කරන්න ගිය කොස්තාපල් අත්අඩංගුවට වැලිකන්ද කොවිඞ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට අද(6) උදැසන 09.30 ට පමණ අනවසරයෙන් ඇතුලූ වී එහි ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ හිසෙහි යම් තෙල් වර්ගයක් ආලේපනය කිරිමට උත්සහ ගත් පොලිස් කොස්තාපල්වරයකු එම රෝහලේ වෛද්‍යවරු මැදිහත් විමෙන් අල්ලා වැලිකන්ද පොලිසියට බාර දි ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 06 April 2020
මුලතිව් කඳවුරේ නිරෝධායනය අවසන් කළ 203ක් පිටව යති දඹදිව වන්දනාවෙ ගොස් මෙරටට පැමිණ මුලතිව් ගුවන් හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය අවසන්කළ පුද්ගලයින් 203 දෙනකු අද(06) නිවෙස් වෙත පිටත්ව ගිය බව ගුවන් හමුදාව පවසයි. 06 April 2020
ජනපතිට කොරෝනා යැයි මුහුණු පතේ පළ කළ නර්තන ශිල්පිනිය රිමාන්ඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථීර වශයෙන්ම කොරෝනා වයිරසය වැළැදී ඇතැයි සදහන් කරමින් අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නර්තන ශිල්පිනියක ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්රභාකරන් මහතා අද (06) නියෝග කළේය. 06 April 2020
වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හදිසි පරීක්ෂාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාලන මිලට වැඩියෙන් අලෙවි කරන බවට ලද පාරිභෝගික පැමිණිලි මත වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය පරීක්ෂාවට ලක් කිරීම පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් සිදු කරමින් පාලන මිලට ද්‍රව්‍ය ලබා දීමට පියවර ගෙන ඇත. 06 April 2020
බෝපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට ඇදිරි නිතිය බල පැවත්වු පසුගිය සෙනසුරාදා(04) රාත්‍රියේ ජාඇල බෝපිටිය පොලිස් වසෙමි පිහිටි වත්තල ප්‍රදේශිය සභාවේ මන්තී‍්‍රවරයකුගේ නිවෙසට ඇතුල් වි සොරකමේ යෙදි සිටි 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බෝපිටිය පොලිසිය පවසයි. 06 April 2020
ඇඳිරියේදී වස්ගමුව වනෝද්‍යානයේ කුමාරඇල්ලේ පතල් කැපු 17 ක් අත්අඩංගුවට ඇඳිරිනීතිය පවතින අවස්ථාවේදී වස්ගමුව ජාතික වනෝද්යනයේ කුමාර ඇල්ල ප්‍රදේයේ පතල් හාරමින් සිටි 17 දෙනකු වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 06 April 2020
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට පැමිනෙන ගොවීන් හා වෙළදුන් කොතරම් දැනුවත් කලද සෞඛ්‍යආරක්ෂිත පියවරයන් නොගැනීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානය අද දහවල් වනවිට වසා දැමීමට තිරණය කළ බව තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පැවසීය. 06 April 2020
ඉන්දියාවේ කොරෝනා මරණ 100 ඉක්මවයි කොරෝනා වයිරසය ආසාදනයෙන් ඉන්දියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 109 ක් බවට පත්ව තිබේ. 06 April 2020
ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක මහතා අද (6) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත. 06 April 2020
බූස්ස කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කළ තුන්වන කණ්ඩායම පිටව යයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ බූස්ස කඳවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වී සිටි පිරිසෙන් 11 දෙනෙක් අද (06) දින පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩ ඉසුරු සූරිය බණ්ඩාර මහතා පැවසීය. 06 April 2020
කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ කරාපිටියේ-අකුරැස්සේ 50 ක් දියතලාවට කොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා වයිරසයට ගොදුරු වී ඇතැයි සැක පිට කරාපිටිය හා අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයින් 50 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (6) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව කියයි. 06 April 2020
ගත වු පැය 24 කදී ඇඳිරිනීතිය කැඩු 1327 ක් අත්අඩංගුවට සඳුදා(06) උදෑසන හයෙන් අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1327 ක් අත්අඩංගුවට ගෙන වාහන 312 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.. 06 April 2020
කොරෝනා අසාදිත බ්‍රිතාන්‍ය අගමැති හදිසියේම රෝහලට කොරෝනා වයිරසය ආසාදනය වී ස්වයං නිරෝධානයේ සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්න් හදිසියේම රෝහල්ගත කර ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 06 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 176 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 05 April 2020
කැකිරාව පොලිසියේ නිලධාරීන් 8ක් ස්වයං නිරෝධායනයට කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධීපතිවරයා ඇතුලු එම අංශයේ පොලිස් නිලධාරීන් 08 දෙනෙකු අද සවස ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ. 05 April 2020
බණ්ඩාරවෙල දිසා රෝහලට විසබීජහරණ කුටියක් බණ්ඩාරවෙල දිසා රෝහලට විසබීජහරණ කුටියක් පරිත්‍යාග කිරීම අද (5) සිදු කෙරිණි. 05 April 2020
මුහුණු පොතෙන් බොරු තොරතුරු පැතිරවූ කතක් අත්අඩංගුවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු මුදා හැරූ බව කියන වාද්දුවේ කාන්තාවක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත් බව නීති කොට්ථාස භාර නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා පැවසීය. 05 April 2020
ෂාරුක් ඛාන්ට අයත් සිව් මහල් ගොඩනැගිල්ලක් නිරෝධායන මධ්‍යස්ථානයට ඉන්දියාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් ඔහුට අයත් මහල් හතරකින් යුත් ගොඩනැගිල්ලක් නිරෝධායන කටයුතු සඳහා ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 05 April 2020
පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ දරුවන් තිදෙනෙකුට කොරෝනා පුත්තලම සහිරා ජාතික පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටින දරුවන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට සනාථ වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි. 05 April 2020
දිමුත් - දිනේෂ් - තිසර අභියෝගය බාර ගනිති කොරෝනා (කොවිඞ් - 19) වයිරසය ජාත්‍යන්තර ක්‍රීඩාවට මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවටද අති විශාල බලපෑමක් කර තිබේ. එබැවින් ක්‍රීඩකයින් සිය පුහුණුවීම් ඇතුළු දෛනික කාර්යයන් වලින් වැලකී, ක්‍රීඩාවෙන් ඈත්වී සිය නිවෙස් වලටම වී කල් ගෙවති. 05 April 2020
ශ්‍රී ලංකාවේ උපත ලද අයෙක් ඕස්ට්‍රේලියාවේදී කොරෝනා සෑදී මරුට ශ්‍රී ලංකාවේ ඉපදී ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා සිටි පුද්ගලයකු කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්ව ඇතැයි වාර්තා වේ. 05 April 2020
වැඩිමිලට භාණ්ඩ විකුණන්නන් ගැන දන්වන්න අංකයක් ජංගම රථ මගින් වියළි ආහාර ද්‍රව්‍ය අධික මිල ගණන් යටතේ අලෙවි කිරීම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් පරීක්ෂාවන් කිරීමට පියවර ගෙන ඇති අතර වැඩි මිලට අලෙවි කිරීම් සම්බන්ධයෙන් 1977 අංකයට දැනුම් දෙන ලෙසට පාරිභෝගිකයින්ට දැනුම්දී සිටී. 05 April 2020
ඇඳීරි නීතිය අස්සේ යාච්ඥා මෙහෙයක් පැවැත්වූ 6 කට ඇප ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී යාච්ඥා මෙහෙයකට සහභාගි වූ බව කියන 06 දෙනෙකුව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ බව දංකොටුව පොලීසිය කියයි. 05 April 2020
මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක වෙඩි හුවමාරුවකින් 19 ක් මරුට මෙක්සිකෝවේ උතුරු දිග චිහුවාහුවා ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රාන්ත රජය පවසයි. 05 April 2020
අකුරැස්ස මලිදුව ගම්මානය හුදෙකලා කරයි අකුරැස්ස ,මලිදුව කොහු ගොඩ ග්‍රාම නිලධාරී වසමේ කොවිඩ් -19 ආසාදිතයකු අද (05) හඳුනා ගැනීමත් සමගම එම ප්‍රදේශයට ඇතුළුවන කොහුගොඩ පහළ මලිදුව මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා එම ප්‍රදේශය හුදෙකලා කිරීමට අද (05) අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් පරිදි අකුරැස්ස පොලිසිය කටයුතු කළහ . 05 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026