IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගාල්ලේ වෛද්‍යවරු 12වැනිදා වර්ජනයකට සැරසෙති

(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 12වැනිදා සිට රාජකාරී කටයුතුවලින් ඉවත් වී අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර තිබේ.

ගාල්ල මහ නගර සභාවෙන් පිටත දංගෙදර ප්‍රදේශයේ ස්ථාපිත කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අවශ්‍ය කරන මානව ,භෞතික, තාක්ෂණික සම්පත් මෙතෙක් ලබා නොදීම හේතුවෙන් කෝවිඩ් මර්දන කටයුතු අඩාල වීම හේතුවෙන්ඊට විරෝධය දැක්වීම සඳහා මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ.

ගාල්ල මහ නගර සභාවේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය බර්ට්මන් ද සිල්වා මහතාට එහි උප නගරාධිපති ෆවුස්නියාස් මහතා විසින්ඉකුත් මස23වැනි දින බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව මතඑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමට ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මහ නගර සභාවෙන් පිටත දංගෙදර ප්‍රදේශයේ ස්ථාපිත කෙරිණි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතට සහ අදාල වගකිවයුත්තන් වෙත ද පිටපත් එම ලිපියේ යොමුකර ඇත.

මෙම ලිපියේ තවදුරටත් සඳහන් වන්නේමුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවල පීසීආර් පරීක්ෂණ අඩාල වීම හේතුවෙන් ඔවුන් රෝග වාහකයන් බව සලකා සෙසු ජනයා මොවුන්ගේ ව්‍යාපාරවලින් භාණ්ඩ ලබාගැනීම ප්‍රතික්ෂේප කරන බවත්, ඒ හේතුවෙන් එය ජාතිවාදීතත්ත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව ත්ය.



අදහස් (2)

ගාල්ලේ වෛද්‍යවරු 12වැනිදා වර්ජනයකට සැරසෙති

Dimali Sunday, 10 January 2021 08:36 AM

හොඳ වැඩක්.

:       2       3

Rata Perata Sunday, 10 January 2021 08:48 AM

ගාල්ල විතරක් නොවෙයි මුළු රටේම හැම අංශයක්ම වර්ජනය කරන්න ඕන, මේ රට පාලනය කරන අමන විදිය දැක්කම.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site