IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නාවලපිටිය මූල්‍ය රක්ෂණ ආයතනයක් වසාදමයි


(රංජිත් රාජපක්ෂ)

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන මූල්‍ය රක්ෂණ ආයතනයක ශාඛාවක් අද(10) වසා දැමූ බව පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.එස්.කේ.වික්‍රමගේ මහතා පැවසීය.
 
එම ආයතනයේ 5දෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබිණි. එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 50 දෙනෙකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කළ බව සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.
 
ආසාදිතයන් නාවලපිටිය, කැටබුලාව, රඹුක්පිටිය, වැලිගම්පල කොළපතන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ. එක් ආසාදිතයෙකු නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ප්‍රතිකාර ලබාගැනීමට ගොස් ඇති නිසා එම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය වෛද්‍යවරයා සහ එම කාර්යය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කර එම වෛද්‍ය මධ්‍යස්ථානයද තාවකාලිකව වසා දැමු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.
 
ආසාදිතයන් 5දෙනාගෙන් දෙදෙනෙකු දින කිහිපයකට ප්‍රථම නාවලපිටිය නගරයේ ආසන්නයේ පිහිටි උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ඇති බවටද තහවුරු වී ඇති බවත්, එම ආශ්‍රිතයන්ද සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.
 
එම මුල්‍ය රක්ෂණ ශාඛාවේ සේවකයන් 20 දෙනෙකුගෙන් සමන්විත බවත්, එම මුල්‍ය රක්ෂණ ශාඛාව අයත් ආයතනය කළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව 5දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.



අදහස් (0)

නාවලපිටිය මූල්‍ය රක්ෂණ ආයතනයක් වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31534 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13879 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 158 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1078 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 302 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site