
(විනීතා එම් ගමගේ)
ස්ථාන මාරු ලබා පැමිණි ගුරුවරයෙකුට බැන තර්ජනය කර සේවයෙන් නිදහස් කිරීමේ ලිපිය විසිකර දැමූ විශාඛා විදුහල්පතිනියගේ අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව අධ්‍යාපන බලධාරින් නිසි පියවර නොගතහොත් සියලු ගුරු වෘත්තිය සමිති එක්ව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද (08) පැවසීය.
ස්ථාන මාරුවක් ලබා කොළඹ ශාන්ත පාවුළු බාලිකාවේ සිට විශාඛා විදුහලට ඉකුත් හතරවැනිදා පැමිණි ගුරුවරයෙකුට ශාන්ත පාවුළු බාලිකාවේ විදුහල්පතිනියගේ නම සඳහන් කරමින් ඇයගේ ගෝලයන්ට වැඩ භාර නොදෙන බව පවසා ලිපිය විසිකර ඇති බවත් ආරක්ෂක නිලධාරින් ගෙන්වා එම ගුරුවරයා එළියට දමා ඇති බවත් පවසන ජෝෂප් මහතා එය ගුරුවරයෙකුගේ ආත්ම ගෞරවයට හානි කළ අපහාසාත්මක සිද්ධියක් බවත් පෙන්වා දෙයි.
විශාඛා විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු අධ්‍යක්ෂවරියට ද බැනවැදී ඇති බවත් සිද්ධියට බඳුන් වූ ගුරුවරයා මේ සම්බන්ධව බම්බලපිටිය පොලිසියේ පැමිණිල්ලක් ද සටහන් කර ඇති බවත් ගුරු සංගම් ලේකම්වරයා පෙන්වා දෙයි.
මේ වනවිටත් චෝදනා 15 කට ලක්ව සිටින මෙම විදුහල්පතිවරිය අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ලෙස පත්කිරීමට රජයේ බලධාරින් කටයුතු කිරීම පිළිබඳව ද ඔහු චෝදනා කරයි.
එකී ගුරුවරයාට එල්ල කරන ලද අපහාස පිළිබඳව විනය ක්‍රියාමාර්ග නොගතහොත් ගුරු වෘත්තිය සමිති හා සාකච්ඡා කොට වෘත්තිය ක්‍රියාමාර්ගයකට අනිවාර්යයෙන්ම යන බව ද ස්ටාලින් මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි දඬුවම් ලබාදිය යුතුයි.
මෙම සිද්ධිය දුටු විට, 2013 වසරේදී මට වූ සිද්ධියක් සිහිපත් විය. එම වසරේ මා සේවය කළ පාසැලේ සිට බොරැල්ල සුප්‍රසිද්ධ බාලිකා පාසැලකට රජයේ ගුරුමාරු ප්‍රතිපත්තිය යටතේ මාව ස්ථාන මාරුකරන ලදී. තවමත් එම පාසැලේ විදුහල්පතිකම දරණ විදුහල්පතිනිය එදා මගේ මාරුවීම් ලිපිය විසිකර දමා මට තර්ජනය කරන ලදී. මෙවැන්නියන් මේ තරම් බල පුළුවන් කාරකම් කරන්නේ කුමන බලයකින්දැයි සැකයකි. රාජ්‍ය සේවය පිරිසිදු කරන්නට නම්, කුමන තරාතිරමක සිටියත් මෙවැනි පුද්ගලයන් රාජ්‍ය සේවයෙන් ඉවත් කළ යුතුයි.
කොහෙවත් යන කුණු මොකටද ගෙදරට වැද්ද ගන්නේ...?
ගැහැණු ළමයින්ට හිරිහැර කරන පෝරිසාදයෙකු ගැන කැක්කුමක් තියෙන මේ ලේකම් තුමාත් ඒවායින්ම පෝරිසාදයෙක් බවයි අපිට පෙනෙන්නේ... මෙයාව යවන්නේ හඳට... ළමයි නැති තැනකට...
රටේ රජයේ පාසල් ප්‍රසිද්ධ ළමුන්ට නිසි අාකාරයෙන් උගන්වන්නේ නැති, ගුරුවරුන් අරගලවල යෙදෙනවා විනා අධ්‍යාපනය වෙනුවෙන් නිසි කැපකිරීමක් නොකරන.., හිතුමතේ නිවාඩු ගන්නා විද්‍යාල ලෙසයි... නමුත් කොළඹ විශාඛා ගම්පහ රත්නාවලී වගේ පාසල් අතළොස්සක් එහි විදුහල්පතිවරුන්ගේද නොමද කැපවීමෙන් රටේ ජනතාවගේ ඉතාම හොඳ ආකල්පයක්.., ආදරයක් දිනාගෙන තිබෙනවා. විදුහල්පතිනිය ඒ ගුරුවරයාට ඒ කීර්තිමත් පාසලේ තැනක් නොදෙන්න ඇත්තේ හේතුවක් ඇතුව වෙන්න ඕනෑ. මේ වෘත්තිය සමිති කාරයින්ට කොන්ත්‍රාත් කාරයින්ට පිස්සු නටලා මේ ඉස්කෝල ටිකත් කාලා දාන්න දෙන්න එපා.
ස්ටාලින් ගොයියා කියන "කතාව සත්‍ය නම්" (වෘත්තීය සමිති ලොක්කෝ කියන්නේ බොරදියේ අලි පැටව්, හැලකිඹුල්ලු අල්ලන්න අති දක්ෂ රට ඇම්ඩන්ලනේ) මේ ගුරු උන්දෑ පාසලකට කෙසේ වෙතත් අපායේ ගුරු පත්වීමකටවත් කොහෙත්ම සුදුසු නැත යන්න අපගේ හැඟීමයි.
කාන්තා පාසලකට සාහිත්‍ය උගන්වන්න පිරිමි ගුරුවරයකුම යවන්න තරම් නොසැලකිලිමත් වීම පරිපාලනය ගත් වැරදි තීරණයකි. ලංකාවේ සාහිත්‍ය ගුරුවරියන් නැත්නම්ද, සිටියත් විශාඛා විද්‍යාලයට යාමට ඔවුන් අකමැති වූයේ නම්ද මෙම තත්වය ගැටළුවක් නොවේ. විදුහල්පතිනිය ප්‍රශ්නයකට පටලවාගැනීම සඳහාම ගත් ක්‍රියාමාර්ගයක්ද විය හැකිය. ගෞරවණීය ගුරුවෘත්තිය මෙවැනි අගක් මුලක් නොමැතිව කට මැත දොඩන සංගම්කාරයන් නිසා අපකීර්තියට පත්වේ...
මේ පාසල් ටිකත් නැති කරලා ඉන්ටර්නැෂනල් පාසල් වලට තැන දෙන්න බලනවා. විදුහල් පතිනි දරුවන් වෙනුවෙන් කැපවූ කෙනෙක්. විනය පළමු තැන මෙම විදුහල. අපෙ සම්ප්‍රධාය රැකිය යුතුය.