අකුරණ ආසාදිතයින් සිටි පෙදෙසේ තවත් 21කගේ සාම්පල් වාර්තා අද අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයේ කොරෝනා වයිරස ආසාදිතයින් පදිංචිව සිටි ප්‍රදේශයේ තවත් අයට මෙම වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ප්‍රදේශයේ 21 දෙනෙකුගෙන් ලබා ගත් රුධිර සහ පරීක්ෂණ සාම්පල්වල පරීක්ෂණ වාර්තා අද (4) ලැබීමට නියමිත බවත් අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 04 April 2020
රැඳවියන් නිපැයූ ආරක්ෂිත කබා 500ක් රාගම රෝහලට මහර බන්ධනාගාර රැඳවියන් විසින් එක් දිනක් තුල නිෂ්පාදනය ලද ආරක්ෂිත කබා 500 ක් උතුරු කොළඔ ශික්ෂණ රෝහල වෙත භාරදීම මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ මූලීකත්වයෙන් මහර බන්ධනාගාරයේදී අද (4) සිදු කෙරිණි. 04 April 2020
ඇඳිරි නීතිය තිබියදී මත්ද්‍රව්‍ය ගෙන ගිය දෙදෙනක් මන්නාරමෙන් අල්ලති ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුල ලොරි රථයකින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65 යි මිලිග්‍රෑම් 930 ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනකු මන්නාරම ජපන් මිත්‍රත්ව පාලම අසලදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි. 04 April 2020
ඇඳිරිය අස්සේ දේවමෙහෙයක් කළ පිරිසක් අත්අඩංගුවට දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ පුත්තලම් දිස්ත්‍රික්කයේ දංකොටුව - මෝරුක්කුලිය ප්‍රදේශයේ අපෝස්තලික දේවසභාවට අයත් දේවස්ථානයක අද (04) දහවල් දේවමෙහෙයක් පවත්වමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය කියයි. 04 April 2020
චීන සමාගම් දෙකකින් මුඛ සහ අත් ආවරණ තොගයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සහ වරාය වල සේවයේ නියුතු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාවිතය සදහා මුඛ සහ අත් ආවරණ තොගයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ඉදිකිරීම් සමාගමක් සහ චීන සංචාරක ප්‍රවර්ධන සමාගමක් විසින් අද(4) ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණ පරිත්‍යාගය කර තිබේ. 04 April 2020
චීනය අද ජාතික ශෝක දිනයක් කරයි කොරෝනා වෛරසයෙන් මියගිය තැනැත්තන් සිහිකිරීම සඳහා චීනය අද එරට ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබේ. 04 April 2020
නිරෝධායන නිවසේදී ගැටුමක් ඇතිකරගත් තරුණයා රෝහලේදී පළා යයි පිලියන්දල කහපොල රෙජිඩෙල්වත්ත ප්‍රදේශයේ නිරෝධායන නිවසක තරුණයින් දෙදෙනෙකු අතර වූ ගැටුමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා රෝහලෙන් පලාවිත් ඇති බවට වාර්තා වේ. 04 April 2020
බූස්සේදී නිරෝධායන වූ තවත් පිරිසක් පිටව යති බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධන මධ්‍යස්ථානයේ නිරෝධන කටයුතු සාර්ථකව අවසන් කළ 6 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායමද පිටව ගිය බව නාවික හමුදාව පවසයි. 04 April 2020
බේරුවල රතු කලාපයේ ගැබිණියක් ව්‍යාජ ලිපිනයකින් රෝහල් ගතවී දරුවකු බිහිකරයි බේරුවල පන්නිල කොරෝනා ආසාදිතයන් සිටි ගම්මානයේ රතු අවදානම් කලාපය සිට ව්‍යාජ ලිපිනයක් ලබා දී අද(04) අලුයම කළුතර නාගොඩ රෝහලට ඇතුළු වී විශේෂ වාට්ටුවකදී දරුවකු බිහිකර ඇති 28 හැවිරිදි මවක් පිළිබඳව වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරයි. 04 April 2020
නිකවැරටිය රෝහලේදී මිය ගිය කාන්තාවට කොරෝනා නෑ හදිසි ශ්වසන රෝග තත්වයකින් නිකවැරටිය රෝහලේදී මියගිය කාන්තාවගේ මරණය කොරෝනා වයිරසය හේතු වූ මරණයක් නොවන බවට වෛද්‍ය පර්යේෂනායතන වාර්තා තහවුරු කර ඇති බව රෝහල් වෛද්‍ය අධිකාරී අමිල මධුරාගොඩ මහතා අද(04) පැවසීය. 04 April 2020
පැය 24 කදී ඇඳිරිනිතීය උල්ලංඝනය කළ 1493 ක් අත්අඩංගුවට ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉකුත් පැය 24 තුළදී අද (04) දින උදෑසන 6.00 දක්වා පුද්ගලයින් 1493 අත්අඩංගුවට ගෙන වාහන 360 පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයට කියයි. 04 April 2020
ශ්‍රී ලංකාවේ පස්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි කොරෝනා වයිරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ සිටි පුද්ගලයකු අද (4) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය. 04 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 03 April 2020
පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් අයෙක් අයි.ඩි.එච් යවයි පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමේන් පසුව (03) රාත්‍රී අයි.ඩී.එච් රෝහල වෙත යැවූ බව පුත්තලම 143 වන බල සේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතා පැවසීය. 03 April 2020
පුද්ගලයන් 100 ක් එකවර විෂබීජහරණය කළ හැකි උපකරණයක් මාතර ඌරුමුත්ත ප්‍රදේශයේ පාසල් සිසුවකු සහ ඔහුගේ අසල්වාසියකු විසින් පුද්ගලයන් 100 දෙනෙකු එකවර තප්පර දහයක් පහළොවක් වැනි කෙටි කාලයක් තුළ දී විෂබීජහරණ දියර ලීටරයකින් ස්වයංක්‍රීයව විෂබීජහරණය කිරීමේ නව නිපයුම් උපකරණ කුටියක් දින දෙකක දී සාදා නිමකර කඹුරුපිටිය මූලික රෝහලට නොමිලේ බාරදීම අද (03) සිදු කෙරුණි . 03 April 2020
ඇඳිරිනීතියේදී ගොවිතැනට දුන් සහනය තවත් ලිහිල් කරයි ඇඳිරි නීතිය කාලසීමාව තුළදී කෘෂිකාර්මික කටයුතු හුදකලාව කරන ලෙස ලබාදී ඇති අවස්ථාව තවදුරටත් ලිහිල් කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද(03) පැවැසීය. 03 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 156 දක්වා ඉහළට අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් පස් දෙනෙකු හමුවී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 03 April 2020
බ්‍රිතාන්‍ය මහ රැජින ජාතිය ඇමතීමේ සූදානමක් බ්‍රිතාන්‍ය මහ රැජින ඉරිදා (05) රාත්‍රී 7.00ට ජාතිය ඇමතීමට නියමිත බව බකිංහැම් මාලිගය නිල වශයෙන් නිවේදනය කර ඇත. 03 April 2020
නිරෝධායනය අවසන් කළ 155ක් හෙට ගෙදර යති හෙට(04) දිනයේදී පුද්ගලයන් 155දෙනෙකු නිරෝධායන කටයුතු අවසන්ව නිවාස බලා පිටත්ව යාමට නියමිත බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(03) පැවැසීය. 03 April 2020
ඇඳිරි නීතිය කඩ කළ 11,000ක් අත්අඩංගුවට ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 11,000කට අධික සංඛ්‍යාවක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද(03) පැවැසීය. 03 April 2020
ඇඳිරිය සමයේ රාති‍්‍රයේ සැරිසරන පිරිස් අත්අඩංගුවට ගන්න බුද්ධි අංශ යොදවයි නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශ වල පිහිටි මහල් නිවාසවල රාති‍්‍රකාලේ සැරිසන පිරිස් හා එක් රැස් වෙමින් කටයුතු කරන පිරිස අත්අඩංගුවට ගැනීමට අද (3) සිට බුද්ධි අංශ යොදවා ඇති බව නියේාජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 03 April 2020
බාහිර රෝගීන්ට තොරතුරු ලබාගත හැකි දුරකථන අංක කිහිපයක් ජාතික රෝහලේ ලියාපදිංචි වී ඇති බාහිර රෝගීන්ට තම සායනවලට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා සම්බන්ධ විය හැකි දුරකථන අංක සහ වට්ස්ඇප් අංක කිහිපයක් ජාතික රෝහල විසින් මහජනයා වෙත නිකුත් කරනු ලැබ තිබේ. 03 April 2020
දීමනා දෙන්න ගිය සමෘද්ධි නියාමකට පහර දෙයි නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්රතිලාභ ලබාදීමට ගිය සමෘද්ධි නියාමකවරයකුට පහරදීමක් සිදුකර ඇතැයි නාඋල පොලිසිය කියයි. 03 April 2020
හදිසි තත්ත්වයකදී භාවිතයට අපේක්ෂා රෝහලේ වාට්ටුවක් සූදානම් කරයි දැනට දිවයින පූරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරස් තතත්වය සමඟ ඇතිවන හදිසි තත්වයකදී භාවිතා කිරීම ස`දහා මහරගම අපේක්ෂා රෝහලේ වාට්ටුවක් පිළිසකර කිරීම සිවිල් ආරක්ෂක බළකායේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. 03 April 2020
කොරෝනා ආසාදනය නොවූ අයෙකුගේ මළසිරුරක් නිරෝධායන නීතියට අනුව ආදාහනය කරයි හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (02) මියගිය කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු නොවූ පුද්ගලයෙකුගේ මළ සිරුර ද නිරෝධායන නීතියට අනුව හෝමාගම නියදගල ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට කටයුතු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා පැවසීය. 03 April 2020
ඊශ්‍රායලයේ බෙනී බ්රැක් නගරය අගුලු දමයි ඊශ්‍රායලයේ කොරෝනා රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වන බෙනී බ්රැක් නම් යුදෙව් නගරය සම්පූර්ණයෙන් අගුලු දැමීමට අද (03) එහි බලධාරීහු කටයුතු කළහ. 03 April 2020
ඇඳිරිනීතියේදී හෙරොයින් ජාවාරම් කළ දෙදෙනකු අත්අඩංගුවට ඇදිරි නිතිය ක්‍රියාත්මකම පැවැති කාළය තුළදි වෙන්නප්පුව මිරිස්සන් කොටුව හා නයිනමඩම ප්‍රදේශවලදි හෙරෝයින් විකිණිමේ යෙදි සිටි දෙදෙනකු හෙරෝයින් සමග අද(03) දහවල් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 April 2020
කොරෝනා සම්බන්ධ ප්‍රකාශයක් කළැයි රාජිතට එරෙහි පරීක්ෂණයක් පාසල් සිසුන් 10 දෙනෙක්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවටත් ප්රවෘත්ති සාකච්ඡා පවත්වමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. 03 April 2020
රුපියලේ අගය තවත් පහළට ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (03) ඉතිහාසගත ලෙස පහළ ගියේය. 03 April 2020
කොරෝනා දෙවැනි රැල්ලෙන් පරෙස්සම් වෙන්න’යි වූහාන් වැසියන්ට අවවාද නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත් චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ වැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි ද ආරක්ෂිත ක්‍රියාමාර්ග ශක්තිමත් කරන්නැයි ද නගර බලධාරීහු නියෝග කර ඇත. 03 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026