(දයාසීලි ලියනගේ)
පොදු ප්‍රවාහන සේවාවේ යොදවා තිබූ බස් රථ 10,000ක් ධාවනය නොවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි.
බස් රථ ධාවනය කිරීමට හෝ විකිණීමට නොහැකි වීමත්, කල්බදු(ෆිනෑන්ස්) ගෙවීමට නොහැකිවීමත් නිසා එම බස් හිමියන් හා ඒවායේ සේවය කළ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
මීට අමතරව, බස් රථවලින් කප්පම් ගැනීම තවමත් සිදුවන බවද ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
පෞද්ගලික බස් රථ 10,000ක් පමණ ප්‍රමාණයක් රට පුරාම මේ වනවිට ධාවනය වන අතර, එම බස් රථවලට ද නිසි ආදායමක් නොලැබෙන තත්වයක් උදා වී තිබේ.
මොරටුව-කොළඹ බස්රථ 160ක් ධාවනය කළ නමුත් දැනට ධාවනය වන්නේ එයින් බස් රථ 50ක් බවද විජේරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd