
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්ම දින සැමරුම එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අසල දී අද (8) පැවැත්විණි.
මෙම උත්සවය ආරම්භවීමට පෙර එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීන් ඇතුළු කිහිපදෙනෙක් ද එහි පැමිණ පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වූහ.
එම දෙපල තබාගොස් තිබූ මල් කළඹ ප්‍රධාන උත්සවය ආරම්භවීමට පෙර ඉවත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතළු පිරිසක් කටයුතු කිරීම නිසා එම ස්ථානයේ යම් මත ගැටුමක් ද ඇති විය.
එහි සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තවත් පිරිසක් බණ්ඩාරනායක මහතාගේ දියණියන් තැබූ මල් කළඹ ඉවත් කිරීම වරදක් බවට මෙහිදී අදහස් දැක්වීම හේතුවෙන් මෙම මත ගැටුම ඇති වූ අතර අවසානයේ එම මල් කළඹ දෙක යළිත් ගෙනැවිත් එහි තැබීමට කටයුතු කෙරිණි.
හිටපු ජනාධිපතිවරයා ද එම මල් කළඹ තිබියදීම බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.
මෙහිදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට මල්දම් පළඳවනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසිනි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පැවසුවේ ජාතික ආර්ථිකයට හා අපේ කමට ප්‍රමුඛත්වයක් දුන් විශිෂ්ටතම මානව හිතවාදී නායකයා එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා බවයි.
වසර තුනක් වැනි කෙටි කාලසීමාවක් රටේ රාජ්‍ය නායකයා ලෙස සිටි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 122 වැනි ජන්ම දිනය සමරන විටත් ජනතාව එතුමාට ගරුකරන්නේ, රටට ගැළපෙන දේශපාලන දර්ශනයක් ඉදිරිපත් කළ නායකයා නිසා යැයි ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂාන් විජයලාල් ද සිල්වා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් ඇතුළු පක්‍ෂ සාමාජිකවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දෙවෙනි වතාවට මල්මාලා දාපු උදවිය බණ්ඩාරනායක මහත්තය කියන්නේ කවුද කියලවත් දන්නවද දන්නේ නැහැ.
බණ්ඩා රට අවුල් කළා. ජාති, ආගම් ඇවිස්සුවාම, අධ්‍යාපනය සහමුලින්ම කාබාසිනියා කෙරුවා ... රටේ විනය නැතිකෙරුවා.
එදා පැය 24න් සිංහල රාජ්‍ය භාෂාව කරපු බණ්ඩාරනායක මහතාගේ එකම මුණුබුරාටයි, මිණිබිරියටයි, අද සිංහල කතාකරගන්නවත් බැහැ. රටේ සාමාන්‍ය මිනිස්සු ඉංග්‍රීසි ඉගෙනගන්න නොවිඳින දුකක් නැහැ.
ගරු සංඝරත්නය දේශපාලනේට ගෙන්නවලා කරපු විප්ලවයේ ප්‍රතිඵල අද අපි යහතින් විඳවනවා.
විනය කියන වචනෙ තේරුමවත් බිණ්කුණ්ඩෝ දන්නවද?
මෙයා නමින් විතරයි... ක්‍රියාවෙන් චෙල්වනායක...
හානේ තිලංග මෙහෙටත් රිංගලා... හැබැයි ක්‍රිකට්වලින් වගේ සල්ලි නම් හම්බවෙන්නේ නැහැ රජෝ...
මේවා තමයි දැන් රටේ තියෙන දැවෙන ප්‍රශ්න..
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලා සිංහල අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න තිබුණු අවස්ථාව නැතිකළා.
මල් විතරක් නොවේ මේ පිළිමත් ගලවලා විසි කරන්න ඕනෑ.