(***සුජිත් හේවාජුලිගේ සහ ***අංජුල මහික වීරරත්න)
වයස අවුරුදු 16ට අඩු දරුවන් රැකියාවන්හි යෙදවීම තහනම් කෙරෙන නව නීති රීති ඇතුළත් පනත් කෙටුම්පත් හතරක් පාර්ලිමේන්තුවේදී ඊයේ (5) සම්මත විය.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම පනත් කෙටුම්පත් හතර මැතිසබයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම පනත් කෙටුම්පත් පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසුවේ මෙරට දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම නව නීති හඳුන්වා දෙන බවයි.
මේ පනත් හතර සම්මත වූ පසුව මේ රටේ අවුරුදු 16ට අඩු කිසිම දරුවකු රැකියාවන්හි යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බවද ඇමැතිවරයා කීය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මුති අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බව කී සිල්වා මහතා ළමා ශ්‍රමය පාවිච්චි කිරීම සියයට බිංදුවක් දක්වා අඩුකර ගැනීම රජයේ ඉලක්කය බවද ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් පාසල් වේලාවට පෙර හා පසුව මවුපියන්ගේ කෘෂිකාර්මික කටයුතුවලට උදව් වීමටත් වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමටත් වයස 16ට අඩු දරුවන්ට මෙම නව නීතිවලින් බාධාවක් ඇති නොවන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
මෙවැනි නීති රීති ක්‍රියාත්මක කිරීම මගින් ජී.එස්.පී. ප්ලස් වැනි සහන ලබාගත හැකිවනු ඇතැයි ද ඔහු කීය.
මේ පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ (5) දවස පුරා පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා පිටරටවල නම් ඉස්කෝලේ යන ගමන් අවුරුදු 13 ඉඳලා ළමයි කීයක් හරි හම්බ කරගන්නවා. ඒකයි ඒ රටවල් දියුණු. අපි හැමදාමත් රිවර්ස් ගහන නීති හදන්නේ. අධ්‍යාපනයට බාධා නොවී සති අන්තයේ ළමයි කීයක් හරි හම්බ කර ගත්තොත් දෙමව්පියන්ට බරක් නැහැ නේද? දියුණු රටවල ළමයි සති අන්ත නිවාඩුවට රැකියා කරලා පොකට් මනී හදාගන්නවා.