දිනක් ඇතුළත ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 55,000ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (3) වාර්තා වූ අතර එම ගණන 55,000 ඉක්මවා ගියේය. 03 July 2020
2011 ලෝක කුසලාන පාවාදීමේ පරීක්ෂණ අවසන් වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 03 July 2020
‘ජුලි 17 ට පෙර එන හැඳුනුම්පත් ඉල්ලුම්පත් ඡන්දෙට පෙර දෙනවා’ මෙම මස 17 දාට පෙර දෙපාර්තමේන්තුව වෙත ලැබෙන ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් සඳහා පමණක් හදිසි අවශ්‍යතාවයන් ලෙස සළකා ලබන මහ මැතිවරණයට පෙර හැඳුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 03 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 192ට බසී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 36දෙනෙක් සුවය ලබා අද(03) පිටව ගියහ. ඒ අනුව, රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත රෝගීන් ගණන 192 දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 03 July 2020
නීතිපති දේශනය ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට පොලීසියෙන් බාධා කුඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවත්වන ලද දේශනය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ඇතුළුවීමට ඉඩ නොදීම හේතුවෙන් එහි කලබලයක් ඇති විය. 03 July 2020
ජින්තුපිටියේ පාසල් වසන්නැයි ගුරු සංගම් ඉල්ලයි ජින්තුපිටිය හා ඒ අවට ඇති පාසල් 11ක් තවදුරටත් වසා තබන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි. 03 July 2020
මරණ දඬුවම් නියම වූ රැඳවියන් සිටින සිර මැදිරියකින් ජංගම දුරකතන-මත්කුඩු වැලිකඩ බන්ධනාගාරයේ චැපැල් වාට්ටුවේ ජී 3 සිර මැදිරියේ මරණ දඬුවම් වින සිව්දෙනකුගෙන් යුත් 96 දරණ සිර කුටියේ පොළොව යට වළලා තිබූ ජංගම දුරකතන තුනක් හා මත්කුඩු මිලි ග්‍රෑම් 400 ක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර බුද්ධි අංශය පවසයි. 03 July 2020
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කෝවිඩ් අරමුදලට ලක්ෂ 82ක් ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කෝවිඩ් අරමුදල සඳහා රුපියල් ලක්ෂ 82ක් පරිත්‍යාග කර තිබේ. 03 July 2020
ජින්තුපිටියෙන් හමු වූ කොරෝනා ආසාදිතයා රෝහලට නිවාස නිරෝධායනයට ලක්කරමින් සිටියදී කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගත් රෝගියා මේවනවිට රෝහල් ගතකර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 03 July 2020
රට රැකියාවල ආදායම් ඉහළ නංවන්න සැලැස්මක් හදන්න සය පුද්ගල කමිටුවක් විදේශ රැකියා ක්ෂෙත්රයේ ආදායම් ඉහළ නැංවීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් සැකසීම සඳහා සය පුද්ගල කමිටුවක් පත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පැවැසීය. 03 July 2020
නිල වාහන ඡන්ද වැඩට ගන්න හිරිකිත වැඩ හිටපු රාජ්‍ය ඇමැතිවරුන් ළඟ තබාගෙන සිටින රජයේ නිලවාහන පහක් වහාම අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම හිටපු රාජ්‍ය ඇමැතිවරුන් නිල වාහන බාර නොදී මැතිවරණ කටයුතුවලට යොදා ගන්නා බවට කොමිසමට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළ බව ද අප පුවත්පත වාර්තා කළේය. 03 July 2020
පොලිසිය එන්න එපා කිව්වාත් මහේල සාක්කි දෙන්න යයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට අද (3) පැමිණියේය. 03 July 2020
ජපානයේ රැඳී සිටි ලාංකිකයන් 261 ක් කටුනායකට කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටි ලාංකිකයන් 261 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් නරීටා සිට අද(03) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. 03 July 2020
පොලිසිය මහේලට අද එන්න එපායි කියයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාගෙන් අද ප්‍රකාශයක් ලබානොගන්නා බව, ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය පවසයි. 03 July 2020
වියට්නාමයේ සිටි ලාංකිකයෝ 65 ක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව වියට්නාමයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු වියට්නාම් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (02) රාත්‍රී 9.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. 02 July 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂ හය ඉක්මවයි අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (2) ලක්ෂ හය ඉක්මවා ගියේය. 02 July 2020
අවි ගබඩාවේ හිමිකරු සතු තවත් ගොඩනැගිල්ලක් පරීක්ෂාවට හෝමාගම පිටිපන අවි ගබඩාවේ හිමිකරු කුලී පදමන මත ලබා ගෙන තිබූ තවත් තෙමහල් ගොඩනැගිල්ලක් අද (02) පස්වරුවේ සොයා ගත් බව හෝමාගම පොලිසිය කියයි. 02 July 2020
සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට පන්නල ඉහළ හුන්දිරාපොල වෙල්පල්ල ප්‍රදේශයේදී අඹු සැමි යුවලක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් අද (02) සැමියා විසින් සිදුකළ පහරදීමකින් බිරිඳ මියගොස් ඇතැයි පොලිසිය පැවසීය. 02 July 2020
කොරෝනාවට මුහුණ දෙන්න විදෙස් රටවලින් කෝටි 7000 ක ආධාර කොවිඞ් 19 වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා විදේශ රටවලින් හා සංවිධානවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 252ක් (රුපියල් කෝටි 7,000) වටිනා ණය හා ආධාර ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ. 02 July 2020
මහේලට හෙට එන්න කියයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට එම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයකු වූ මහේල ජයවර්ධන මහතා හෙට (03 වැනිදා) කැඳවීමට ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය තීරණය කර තිබේ. 02 July 2020
සංගක්කාරත් පැය 9ක් විමර්ශන ඒකකයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා මේ වන විය පැය 9ක පමණ කාලයක් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සාක්ෂි ලබාදී තිබේ. 02 July 2020
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රටවල් 5කින් ලංකාවට චෝදනා පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීම, විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගනිමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් 5ක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කර ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 02 July 2020
කංජිපානී ඉම්රාන්ගේ සිරකුටියෙන් දුරකථන හමුවීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් බූස්ස විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානී ඉම්රාන් නැමැත්තාගේ සිරකුටියේ තිබී ජංගම දුරකථනයක් , චාජරයක් හා සිම්පත් 4 ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය. 02 July 2020
ඉන්දීය බුද්ධි අංශ නිවැරදි තොරතුරු දුන් බව නි.පොලිස්පති ජයසුන්දර තහවුරු කරයි කුමන දේවස්ථානයටදැයි නිශ්චිතව සඳහන් නොවුවද, ලංකාවේ දේවස්ථාන මුල්කරගෙන පුද්ගලයන් 6දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ හැකි බව පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවට පෙර ඉන්දීය බුද්ධි අංශ මගින් මෙරට ජාතික බුද්ධි සේවාවට දැනුම් දුන් බව විශේෂ කාර්යය බලකායේ අණ දෙන නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද(02) ප්‍රකාශ කළේය. 02 July 2020
ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම අනුමත නොකරන බව නවීන් කියයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මහතා සහ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙරටට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කීර්තියක් ගෙනවිත් දුන් බවත්, එවැනි ක්‍රීඩකයන්ගෙන් විමර්ශනයක් සඳහා ප්‍රකාශ ලබාගැනීම තමන් අනුමත නොකරන බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා අද(02) පැවසීය. 02 July 2020
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 12දෙනා රඳවා ප්‍රශ්න කරන්න අවසර කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(02) අත්අඩංගුවට ගත්, කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් 12දෙනා ලබන 8 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන්නාය. 02 July 2020
වරාය සේවකයෝ තාවකාලිකව වර්ජනය අත්හරිති වරාය සේවකයෝ අරඹා තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නවත්වා ඇතැයි වෘත්තීය සමිති එකමුතුව කියයි. 02 July 2020
කොළඹ වරායේ වෘත්තිය සමිති එකමුතුව වර්ජනයක චීනයෙන් ගෙන් වු ගැන්ට්‍රි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් වෘත්තීය සමිති 23කට අයත් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව අද(2) දිනයේ කෑම පැයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළේය. 02 July 2020
කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද තේරීම්භාර නිලධාරීන්ට බෙදා අවසන් කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත බෙදාහැර අවසන් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි. 02 July 2020
දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයෝ 262 ක් කටුනායකට කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව දකුණු කොරියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 262 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(02) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 02 July 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026