(බන්ධුල ඉලේපෙරුම)
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව මෙම ජනවාරි මාසයේදී රාජ්‍ය ආයතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම් ඇරැඹෙන මෙම සතියේ 06, 08 සහ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දෙවැනි සතියේ 19, 21 සහ 22 යන යොදාගත් දිනවල කෝප් කමිටුව රැස්වීමට නියමිත අතර එහිදී මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල, ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව, පොල් සංවර්ධන අධිකාරිය යන ආයතනවල විගණන කටයුතු පිළිබඳ වාර්තා කිරීම සිදුකිරීමට නියමිතය.
කෝවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කරයි.
මේ අනුව ජනවාරි 06 දින ස්වාධීන රූපවාහිනී සේවයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය. එසේම ජනවාරි 08 දින මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලේ ආයෝජන කළමනාකරණය පිළිබඳ විශේෂ විගණන වාර්තාවත්, ජනවාරි 19 දින ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් ගබඩා කිරීම සහ බෙදාහැරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවත්, ජනවාරි 21 දින පොල් සංවර්ධන අධිකාරිය පිළිබඳවත්, ජනවාරි 22 දින විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවත් කෝප් කමිටුවේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර වගේ මේවා ලයිව් දුන්නොත් නරකද? මිනිස්සු දැනගන්න ඕන වෙන්නේ මොනවද කියලා මේවා ඇතුලේ...
දැන් ඕවා තිබ්බා කියලා මේ ක්‍රමේ වෙනස් වෙනවද?