( තිළිණි ද සිල්වා )
දෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා හෙට(05) දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශිවික සබදතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට නිල සංචාරයක නිරතවේ.
මෙම සංචාරය තුළ දී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අගමැති මහින්ද රාජපක්ෂ , විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව එම අමාත්‍යාංශය කියා සිටී.
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරය නව වසර ආරම්භයත් සමග මෙරට පැමිණෙන ප්‍රථම ඉහළ පෙලේ රාජ්‍යතාන්ත්‍රික නිල සංචාරය මෙය වන අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි සංචරණ සීමා යටතේ සිදු කෙරෙන බව විදේශ අමාත්‍යාංශය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"....වරායේ නැගෙනහිර පර්යන්තය ඉක්මනටම අපිට ලියලා දුන්නේ නැතිනම් බලාගන්න පුළුවන්.." කියන තර්ජනාංගුලිය දමලා ගහන්නයි මේ එන්නේ. අනේ ඉතින් අපේ අයට කොහෙන්ද කොන්දක්..? හැම එකාගෙන්ම හිඟාකාලානේ ඉන්නේ... හැබැයි අපේ හොර දේශපාලුවන් ඔක්කොම මැරෙන්නේ විඳවලා.. අපේ රටට කළ අපරාධයට.."
නැගෙනහිර පර්යන්තය!!!
ඉතා ලස්සනට එක රට එක නීතිය ක්‍රයාත්මක වෙනවා. මේ රට වැසියෝ විදේශ රටවලින් අාවොත් දින 14ක් නිරෝධානය වියයුතුයි. නමුත් විදේශිකයින්ට කෝ නිරෝධායන නීති රීති? අර යුක්රේන් සංචාරකයින් සමග සිටින මිග් උදයංගටත් ඔය නිරෝධායන නීතිය වලංගු නැහැ. මහා ලොකුවට කිව්වනේ මේ ජනාධිපති විදේශ බලපෑම්වලට බය නැහැ... කෙලින් වැඩ කරන කෙනා කියලත්... කෝ ඉතින්?
ඇමැති තියා අගමැති වුණත් කොරෝනා බලලා මිසක් ඇතුළට ගන්න එපා. නැතිනම් බ්‍රැන්ඩික්ස් 02 තමයි බලන්න වෙන්නේ අපිට...
එතකොට මෙතුමාත් පීසීආර් කරලා දවස් 14ක් ඉන්නවද?