
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වීදුරු ආවරණය ට අලාභානි කිරීම සම්බන්ධයෙන් කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය
එම සැකකරු වයස අවුරුදු තිහක පුද්ගලයෙකි .
ඉකුත් මස 28 වැනි දින මෙම සිද්ධිය සිදු කර ඇති අතර එදින ඔහු පේරාදෙනිය රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් යළි රාත්‍රී කෑගල්ල දෙසට එන අතර තුළ මෙම සිද්ධිය සිදු කර ඇතැයි පොලිසිය කියයි.
එම බුදු කුටිය තුළ තිබූ රුපියල් 60ක පමණ මුදලක් ඔහු විසින් සොරාගෙන ඇති බවට විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
මෙම සැකකරු මීට පෙරද පිං කැට ආදිය බිඳ මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සු කොයි තරම් නම් වයිරයක් වැපුරුවාද මේ සිද්ධිය සම්බන්ධයෙන්...?
සත්‍ය කවදා හෝ ජයගනීවී...
ජාතිවාදය වපුරන කාල සටහනට වැඩ කරන කෙනෙක් වෙන්න ඕනෑ...
අනිවාර්යයෙන්ම නම ප්‍රසිද්ද කරන්න ...
මුස්ලිම් කෙනෙක්ද දන්නේ නැහැ.... සහරාන්ගේ කට්ටියද කියලා හොයලා බලන්නද?
ප්‍රියන්ත කුමාර මුස්ලිම්ද?
සැකකරු කෑගල්ල පදිංචි 30 හැවිරිදි අයෙකි.
මොහු සිංහල මිනිහෙක්... හැබැයි සැකය ඇතිකළේ මුස්ලිම් මිනිස්සු වෙතයි. මේවා පිටුපස පොහොට්ටුවෝ අනිවාර්යයෙන්ම ඉන්නවා. මේ බුදු කුටිය ආරක්ෂා කරන්න මුස්ලිම් මිනිස්සුන්ට පැවරුවා නම් හොඳයි. එතකොට අායෙත් වතාවක් කවුරු හරි විනාශයක් කළොත් ඒ පිස්සාව අල්ලලා ඇට කටු කඩාවී.
දැන් බුදුපිළිම ආරක්ෂා කරන්න මුස්ලිම් මිනිස්සුන්ට පවරන්න. නැත්නම් මේ පොහොට්ටු පිළිම ටික කුඩුකරලා රටේ ජාතිවාදේ ඇති කරලා ආයේ ගොඩ යන්න බලාවි. දැන් අනාගෙන ඉන්නේ. සිරිසේන හොඳයි කියලා හිතෙනවා. පව් අප්පා රටට කරපු හානියක්.. ඒ අය විතරක් පරිප්පු කනවා නම් කමක් නැහැ. අපිටත් කන්න වෙලා තියෙන්නේ. ආපු දවසේ ඉඳලම රට ඉවරයි.
මේකත් තවත් එක නාට්‍යයක් විතරයි... ප්‍රේක්ෂක ඔබට ස්තුතියි.