(ඩයනා උදයංගනී)
කොවැක්ස් පහසුකම යටතේ කොවිඞ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගත වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
කොවිඞ් වයිරසයට එරෙහි ඵලදායී එන්නතක් නිෂ්පාදනය කිරීමෙන් පසු එය සමාන වශයෙන් රටවල් අතර බෙදාහැරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් රජයන් සහ අදාළ නිෂ්පාදකයන් ඒකාබද්ධ කරනු ලබන ගෝලීය ප්‍රවේශය වන කොවැක්ස් ක්‍රියාවලියට ශ්‍රී ලංකාව මේ වන විටත් ඇතුළත් වී සිටී.
ඒ මගින් කොවිඞ් -19 එන්නත් මාත්‍රා ලබා ගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇතුළත් එන්නත් හා ප්‍රතිශක්තීකරණය සඳහා ගෝලීය සන්ධානය විසින් ද තහවුරු කර ඇති නිසා ඒ වෙනුවෙන් ගිවිසුම්ගතවීමට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අදාළ එන්නත් පහසුකම් ලබාගැනීම සඳහා අදියර දෙකක් යටතේ එන්නත් ඉල්ලුම් අයදුම්පත්‍ර ඉදිරිපත් කරන්නැයි රටවල් වෙත දැනුම් දී ඇති අතර එන්නත් ලබාදීමේ ඉලක්කගත කණ්ඩායම සහ එන්නත් ගබඩා කිරීමේ ධාරිතාව පිළිබඳ තාක්‍ෂණික තොරතුරු ඇතුළත් එන්නත් අයදුම්පතේ පළමු කොටස ඉකුත් දෙසැම්බර් 7 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතුව තිබූ බවත් එය නිසි වේලාවට ඉදිරිපත් කළ බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.
මෙහි දෙවැනි අදියර වන එන්නත් ලබාගැනීම සහ ඊට අදාළ වන්දිපූරණ ගිවිසුමට එළඹීම සඳහා ලබන 8 වැනිදාට පෙර අයදුම් කළ යුතු අතර නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව දෙවැනි ඉදිරිපත් කිරීමට අමාත්‍යවරිය යෝජනා කර තිබේ.
ඒ අනුව කොවැක්ස් පහසුකම මගින් එන්නත් වෙන්කර දෙනු ලබන අවස්ථාවේදී අදාළ නිෂ්පාදකයා සමඟ ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නතේ කොලිටිය හෙණගැහුවත් කමක් නැහැ.. කොමිස් මුදල ගැන බලන එක වැදගත් නේද? අපේ හාමුදුරුවනේ?
කෝවිඩ් 19 එන්නත කොමිස් වැඩියෙන්ම දෙන එක ගනීවි මෙයාලා...
එන්නතද? කොවිඩ්ද? කොමිස්ද? හොඳ එක දෙන්න සර්...?
කොමිස් එක වැඩියෙන් දෙනවා නම් වතුර පුරවපු කුප්පි හරි ගමු.
මෙන්න හොඳට කොමිස් කන්න වැඩපටන් අරගෙනෝ...!!!
එතකොට අර පැණි මහත්තයාව රට වටේ යවලා පොඩි ප්‍රදර්ශනයක් කළේ. කාව සතුටු කරන්නද? මේවා ජාතික අපරාද නෙමෙයිද? ඒ නටපු නාඩගමට දහස් ගණන් මිනිස්සු කෑගල්ලේ ගිහින් පොර කාලා තුවාල කරගත්තා. එතැන හරි කෝවිඩ් ලෙඩෙක් හිටියා නම් ධම්මික පොකුරක් නිර්මාණය වන හැටි අපිට නරඹන්න තිබුණා.
මේවා වලට කියන්නේ කොවිඩ් කොමිස් කියලයි දරුවනේ...
එතකොට පැණිය හොඳ නැද්ද?
කෝවිඩ් 19 ආණ්ඩුවට සුවිප් එකක් වෙලා.