(සිරංගිකා ලොකුකරවිට)
කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ඒකකයේ වාට්ටු අංක 02 හි සිටි මවක කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් වාට්ටුව තාවකාලිකව වසා දමා ඇත. නේවාසිකව සිටින දරුවාගේ සාත්තුවට පැමිණ සිටිය දී සෙම් ගෙඩි ඇති බව පැවසීම හේතුවෙන් ඊයේ (04) මෙම කාන්තාව පීසීආර් පරීක්ෂණයකට යොමු කර ඇති අතර මවත් දරුවාත් වාට්ටුවේ වෙනම ස්ථානයක රඳවා තබා තිබිණි.
අද (05) ලැබුණු වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ මවට කොරෝනා වයිරසය ආසාදිත බවයි. මෙම කාන්තාව ගාල්ල, ගිංතොට පදිංචි අයෙකි.
මේ පිළිබඳ විමසූ විට රෝහල් නිලධාරිනියක් කියා සිටියේ එම මව මීට පෙර කොරෝනා ආසාදනය වී සුවය ලැබූ අයකු ද විය හැකි බවයි. කෙසේ වෙතත් මව, දරුවා සහ දරුවාගේ මිත්තණිය මේ වනවිට කොරෝනා සැක රෝගීන් ඇතුළත්කරන 36 වාට්ටුවට යොමුකර සිටින අතර දරුවා සහ මිත්තණියගෙන් ද පීසීආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබාගෙන ඇත.
මෙම රෝහල් නිලධාරිනිය වැඩිදුරටත් කියා සිටියේ ළමා ඒකකයට පිටතින් පැමිණීම සහ පිටවීම වළක්වා වාට්ටුව තාවකාලිකව වසා දමා ඇති බවයි. මෙම මව සමඟ වාට්ටුවේ කාර්ය මණ්ඩලය ආශ්‍රිත වූ ආකාරය පිළිබඳ කරන ලද තක්සේරුවේ දී වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය අවදානම් තත්ත්වයක නොවන බව ද තහවුරු වී තිබේ.
ආසාදිත මවගේ අනෙකුත් පරීක්ෂණ සහ දරුවාගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතය.
වාට්ටු අංක 02හි සාමාන්‍ය කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට, අවශ්‍ය පියවර ගෙන තිබෙන බවද වෛද්‍යවරු කියති. කරාපිටිය රෝහලේ ළමා වාට්ටු 03ක් ඇති අතර අනික් වාට්ටු දෙකෙහි රෝගී සත්කාරක සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද වෛද්‍යවරු පවසති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කරාපිටිය රොහලේ ළමා ඒකකයේ වාට්ටුවක් වහයි