
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අයිස් මත්ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කිරීමෙන් සිද්ධියක් සම්බන්ධයෙන් (02)දා විමර්ශනයක් ආරම්භ කළ බව බොරැල්ල පොලිසිය පවසයි .
පාර්සලය විසි කරන අවස්ථාවේදී එහි සේවය කල ජේලර් වරයකු ඒ බව දැක ක්ෂණිකව ක්‍රියාත්මක වී පාර්සලය අහුලාගෙන බන්ධනාගාරයේ ඉහල නිලධාරින් ලබාදී ඇතැයි පැවසේ .
පසුව එය පරික්ෂා කිරීමේදී ජංගම දුරකථන දෙකක් ,දුරකථන චාජරයක් ,සිම් පතක් , ජංගම දුරකථන බැටරි දෙකක් , ලයිටර් දෙකක් , අයිස් මත්ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් දෙකක් , ගංජා පාර්සලයක් , දුම්කොළ දහයක් තිබී ඇති බව පොලිසිය කියයි .
පසුව මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අදාළ පාර්සලය බොරැල්ල පොලීසියට ලබා දී ඇති බව පැවසේ .
ඒ අනුව පොලිසිය පවසන්නේ මෙම පාර්සලය බන්ධනාගාරය තුළට විසි කළේ කවුරුන්ද යන්න මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව සොයා විමර්ශනක් ආරම්භ කර ඇති බවයි. .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයින් තේරෙන එක දෙයක් නම් තවමත් ආරක්ෂක පද්ධතියේ හිදැසක් තිබෙන බවයි.
හැබැයි කතාව කොහොමද? " මීට පස්සෙ, මගේ කාලේ මත්ද්‍රව්‍ය විසිකිරිලි නැහැ " .
බන්ධනාගාර සීමාවේ සිට මීටර් 200ක් දුරට සියළුම නිවාස ඉවත් කර ආරක්ෂාව තරකරන්න..
ලැජ්ජයි, නේද? බන්ධනාගාර වටේට ආරක්ෂක නිලධාරීන් කීප දෙනෙක් යොදන්න. පාර්සල් දමා පැන යන කොටම වෙඩි තියන්න පුළුවන් නේද? එක්කෙනෙකුට, දෙන්නෙකුට වෙඩි තැබුවාම නැවත පාර්සල් දැමීම නතරවෙයි.
බන්ධනාගාර කොළඹින් පිටතට ගෙන යන්න.
අඟහරුවලින් ආපු එකක්..!!!
ඇයි මේ වගේ අපරාධ වෙන තැන්වලට තාක්ෂණයේ සහයෝගය විදිහට සීසීටීවී කැමරා වගේ දේවල් භාවිතා කරන්නේ නැත්තේ? මෙතන පැහැදිලිවම අපරාධවලට උඩගෙඩි දෙන තැනක්...