IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැනිං වෙළෙඳපොලේ කඩ බෙදාගැනීමට ආරවුල් 60 ක්

 
 
(දයාසීලි ලියනගේ)

පිටකොටුවේ තිබූ මැනිං වෙළෙඳපොල පෑලියගොඩට ගෙන ඒමෙන් පසු අලුතෙන් කඩකාමර බාරදීම සම්බන්ධයෙන් ආරවුල් 60 ක් පමණ ඇතිවී තිබේ. මෙම ආරවුල් විසඳීමට කමිටුවක් පත්කර ඇතැයි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා පැවසීය.

මැනිං වෙළෙඳපොලේ කඩ හිමියන් සහ ඔවුන්ට අයත් කඩ කාමර වල ව්‍යාපාර පවත්වාගෙන ගිය අය අතර යම් යම් ආරවුල්කාරී තත්ත්වයක් පවතින බවද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

මේ අතර දැනගන්නට ඇති පරිදි මැනිං වෙළෙඳපොළේ කඩ කාමර වලට හිමිකම් නොමැති බාහිර පිරිසකටද පෑළියගොඩ නව වෙළෙඳපොලේ කඩ කාමර ලබා දී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් වසර 15 ක - 20 ක කාලයක් මැනිං වෙළෙඳපොළේ වෙළෙඳාම් කළ පිරිසකට කඩ කාමර අහිමි වී ඇතැයිද දැනගන්නට ඇත.



අදහස් (0)

මැනිං වෙළෙඳපොලේ කඩ බෙදාගැනීමට ආරවුල් 60 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site