
(ලක්ෂ්මි ජයකොඩි)
එළැඹෙන මාර්තු මාසයේදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගන්නා තීරණය අලුත් තීරණයක් විය යුතු බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතා සඳහන් කරයි.
එම තීරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අධීක්ෂණය යටතේ පැවැතිය යුතු බවද ඒ මහතා අවධාරණය කරයි.
එළැඹෙන මාර් තු මාසයේදි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ඒමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබදව සිය ස්ථාවරය දැනුම්දීම වෙනුවෙන් යාපනයේදි පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සුමන්තිරන් මහතා මෙසේද කීය.
ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ජීනීවා මානව හිමිකම් කවුන්සල සැසිවාරයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වු 40/1 යන යෝජනාව ක්‍රියාත්මකවීමේ කාලය අවසන් වෙනවා. නමුත් මේ වසර ආරම්භවීමටත් පෙර ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා තම සහයෝගය ලබා නොදෙන බව ප්‍රකාශ කළා. එම යෝජනාව සඳහා වන සමඅනුග්‍රහකත්වයෙන්ද ඉවත්වීමට කටයුතු කරන බවද කියා සිටියා.
ඒ අනුව එළැඹෙන මාර්තු මාසයේදි පැවැත්වෙන ජීනීවා මානව හිමිකම් කවුන්සලයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙරට දෙමළ දේශපාලන පක්ෂ හා වෙනත් පාර්ශවයන් සාමුහික ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය යන්න අපගේ ස්ථාවරයයි. ඒ පිළිබදව දෙමළ දේශපාලන පක්ෂ එක්ව සාකච්ඡා කරනු ලැබුවා. එම ඉල්ලීම කවරක් විය යුතුද එය ඉදිරිපත් කිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට කමිටුවක්ද පත් කරනු ලැබුවා. ඒ අනුව එම කමිටුව නුදුරු දිනෙක රැස්ව මේ පිළිබද අවසන් තීරණ ගැනීමට නියමිතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හිඟන්නන්ගේ තුවාලෙ වගේ.., රාජපක්ෂලාගේ පස්සෙන් පන්නගෙන එනවා.
යුද්ධයට පෙර යාපනයේ සිටි මුස්ලිම් ජනයාට ඉඩම් ලබා දී නැවත පදිංචි කරවන්න. දෙමළ නිජබිම් සංකල්පයට එය මරු පහරක් වනු ඇත...
සජිත් ඇතුලු නඩය සංධානගත වන්නේ මේ දේශද්‍රෝහීන් සමගයි.
හරි, හරි... අප්පුහාමි මේ ලංකාව කියන්නේ, තමුන්නාන්සේලාගේ තමිල්නාඩු කියලා හිතන්න එපා. ඒක හොඳට මතක තියාගත්තොත් හොඳයි.
මම දන්නා අන්දමට මෙම පුද්ගලයන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකම ගන්නා විට, දෙන දිවුරුම් දීමේදී ලංකාව තුල හෝ පිටත වෙනත් රාජ්‍යයක් සෑදීම හෝ අනුබල නොදෙනවාය යනුවෙන් ප්‍රකාශ කරනවා. ඔවුන් දැන් මෙවැනි ප්‍රකාශ හා ක්‍රියාකාරකම් වල යෙදෙන විට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න ගැටළුවකි. සමහර වෙලාවට දැන් එම නීතිය බල රහිත කර හෝ ඉවත් කර ඇති දැයි සිතේ. සමහරු ආයුධ රැගෙන මෙවැනි ක්‍රියා කරති. සමහරු නීතිවල අඩුපාඩු කම් උපයෝගී කරගෙන එම ක්‍රියාවන් කරති. මේ දෙගොල්ලම අන්තවාදීන්ය. මොවුන්ට මේ රටතුළ නිදැල්ලේ හැසිරීමට ඉඩ නොතියා සිරභාරයට ගත යුතුය. සාමාන්‍ය පාලනයක් පවතින ලෝකයේ කිසිම රටක මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් රජයේ වරප්‍රසාද භුක්ති විඳීමට ඉඩ දී නැත.
ඔයාගේ රටට යන්න.. මෙහෙ නුඹලාට තැනක් නැහැ...ත්‍රස්තවාදියා..
මේක සිංහල, දෙමළ, ඉස්ලාම් ගැන තීරණ ගන්න කාලයක් නෙමෙයි. රට අල්ලගෙන ඉන්න මහ හොර රැළෙන් අපේ රට බේරගන්න වැඩ කළයුතු කාලයක්. නන්දසේන සහ මේ රජය 20 සම්මත කරගත් නිසා දැන් කිසි කරදරයක් නැතිව පිටරැටියන්ටත් අපේ රටේ හවුල් කරුවන් විය හැකියි. මේ අමන රැළගෙන රට බේරගමු.