(නිමල කොඩිතුවක්කු)
චීනයෙන් ගෙන් වූ ගැන්ටි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් වරාය සේවකයින් තිදෙනෙක් කොළඹ වරාය පරිශ්‍රයේ, ගැන්ට්‍රි දොඹකරයකට නැගී විරෝධතාවක් ආරම්භ කර තිබේ.
වෘත්තීය සමිති ක්‍රියාකරුවන් තුන් දෙනෙකු මීටර 50 ක් උසැති ගැන්ට්‍රි දොඹකරයකට නැඟී අද (01) මෙලෙස විරෝධයේ නිරතවූහ.
ඉකුත් ජූනි මස 20 වන දින මෙම ගැන්ටි දොඹකරය චීනයෙන් ගෙන්වා ඇති අතර ඒවා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කරන තෙක් මෙම විරෝධතාවය අඛණ්ඩව සිදු කරන බව විරෝධතාවයේ නිරත වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම මහතා පැවැසීය.
මෙම ගැන්ට්‍රි දොඹකර නවතා ඇති නැවට එක් දිනකට ඇමරිකානු ඩොලර් හැටදහසක මුදලක් ගෙවීමට සිදුවන බැවින් විශාල මුදල් නාස්තියක් සිදුවන බවද ඔහු සඳහන් කළේය.
දින ගණනක් මේ සම්බන්ධයෙන් විරෝධය පළ කළ බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම විරෝධතාවය ආරම්භ කළ බවත් ඔහු පැවසීය.
වරාය මුදල් කොට්ඨාසයේ ස්වාධීන සේවක සංගමයේ ලේකම් හර්ෂණ මදුරංග සහ ස්වාධීන ටජ් යාත්‍රා සේවක සංගමයේ සභාපති නුවන් රූපසිංහ යන මහත්වරුන්ද මෙම විරෝධතාවයට එක්ව සිටිති.
(ඡායාරූප : ලහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තීය සමිති දන්නේ තමන්ගේ වපසරියේ සිදුවුණු දේවල් පමණයි. ඔවුන්ට රටේ තීරණ ගැනීමට ඉඩදිය නොයුතුයි. දැන් කළ යුත්තේ මේ සේවකයින් තිදෙනාට ගැන්ට්‍රි දොඹකරය උඩ හැකිතාක් කල් සිටින්නට ඉඩ හැරීම පමණයි.
පාඩු විඳගෙන කරනවට වඩා හොඳයි ලාභ ලබන්න ක්‍රමයක් ක්‍රියාත්මක කරන එක... පේන්නේ නැද්ද? පාඩු පිට පාඩු... අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් තමයි ඉතින් ඕවාට යට වෙන්නේ...
ඡන්දෙ ළඟ හින්දා බේරුණා කියලා හිතාගන්න...
අපිට තියෙන එකම වරායත් විදේශ බලපෑම මත පිටරට වලට දෙන්න එපා.
ඔය දොඹකර සකස් කරලා තියෙන්නේ ජෙ සී ටී වලට හරියන විධිහටයි. එව්වා ඊ සී ටී එකට හරියන එව්වා නෙවෙයි. උස අඩු පළල අඩු මෙව්වගෙන් ලොකු නැව් මෙහෙයවන්න බැහැ. මෙව්වා ඊ සී ටී දානවා කියන්නේ ලොකු විහිලුවක්. හරියට එල හරකා නගුලට බදිනවා වගේ. මෙයාලට ඕනේ බොරු ඔටී පගාව ගහගෙන නිකන් කකා ඉන්නයි. ඔය යුනියන් කාරයො තමයි වරායේ ඉන්න ලොකුම හොරු ටික... අහලා බලන්නකෝ වරායේ ඉන්න නිලධාරියෙක්ගෙන්. මමත් තවම වරායේ ඉන්න නිලධාරියෙක්.