(ලසන්ත නිරෝෂණ පෙරේරා )
සිංගප්පුරුවේ රතුකුරුස සංගමය විසින් රුපියල් ලක්ෂ 14ක් වටිනා මුඛ ආවරණ තොගයක් ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල ළමා සහ ගැබිණි වාට්ටුවල නේවාසිකයින්ට සහ රෝහල් කාර්ය මණ්ඩල වෙත අද(01) රත්නපුර ශික්ෂණ රෝහලට පරිත්‍යාග කරන ලදී.
මුඛ ආවරණ මෙරටට පරිත්‍යාග කර ඇත්තේ රත්නපුර ගෝණකුඹුර ශ්‍රී විමලකීර්තිරාමාධිපති සහ ජාතික ළදරු අධ්‍යාපන හා පොදු සේවා පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් කැලණියේ කාස්‍යප නාහිමියන්ගේ ඉල්ලීමක් අනුවය.
කොළඹ රිජ්වේ ආර්යා රෝහල ඇතුළු සෙසු රෝහල් රැසකටද ඉදිරියේදී මුඛ ආවරණ පරිත්‍යාග කෙරෙන බවත් කැලණියේ කාස්‍යප නාහිමියෝ පැවසුහ.
මෙම මුඛ ආවරණ රෝහල්වල ප්‍රතිකාර ලබන අය මෙන්ම රෝහල් කාර්ය මණ්ඩල වෙත ලබාදී අගය කරන බවද රොහල් අධිකාරිවරයා කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd