(අජන්ත කුමාර අගලකඩ)
කෝවිඩ් 19 වයිරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ පියවරක් ලෙස ඇඳිරිනීතිය පනවා තිබූ මාස කිහිපයේ වැඩි වී ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.
එම සහනය ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට කමිටුවක් හෙට (02) දිනයේදී පත් කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ මාර්තු , අප්‍රේල් සහ මැයි යන මාසවල විදුලිය බිල්පත් ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් විසින් විදුලි බල මණ්ඩලයට පැමිණිලි ලැබී තිබිණි.
ඒ සම්බන්ධයෙන් තමා අද (01) කැබිනට් රැස්වීමේදී කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මේ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම කාල සීමාව වෙනුවෙන් විදුලි පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීමට යෝජනා කළ බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් ප්‍රතිපලයක්.
ඒ හිඟමුදල මාස 12කින් ගෙවෙන විදිහට වර්තමාන විදුලි බිල්පත් වලට මාස 12ක කොටස් වශයෙන් ඇතුළත් කරන්න කියා යෝජනා කරමි...
ඡන්දෙන් පස්සේ පොළියත් එක්කම ගෙවහල්ලකෝ...
කිව්වේ නම් කොහොමද තෙල් මිල අඩු නොකර විදුලි බිල අඩු කරනවා කියලා. සේරම එකයි දේශපාලුවෝ. දෙන්න ඡන්දේ සේරටම කතිරේ ගහලා.
සහනයක් දෙන්න දෙයක් නෑ. හරියට බිල හැදුවා නම් ඉවරයි. මාස දෙකේම ඒකක ගාන, තනි මාසයක් විදිහට සලකලා බිල හදලා තියෙන්නේ... මාස 2ට මම ඒකක 230 පාවිච්චි කළා. ඒකට බිල 6500ක් විතර එවලා තියෙන්නේ... මේක තනිකර ගොන් පාට් එකක්. ඒකක 230 තනි මාසයක් පාවිච්චි කළාම එන බිල එවලා තියෙන්නේ...
අපි හැමවිටම සාධාරණ විය යුතු වෙනවා. 2020 පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි මාසවලට අපි පාවිච්චි කළ විදුලිය වෙනුවෙන් මණ්ඩලයට බිල්පත් දෙන්නට බැරි වී තිබෙනවා. ඒත් අපි විදුලිය භාවිතා කළා.. එයට අපි ගෙවිය යුතු වෙනවා. අපි සාධාරණව හිතමු. ඒ බිල්පත් සකසන අන්දමත් සාධාරණ වියයුතුයි. ජනතාවට එය ගෙවන්න සහනයක්ද සැලසිය යුතුයි. ජනතාවත්, ආණ්ඩුවත් එකිනෙකාට සාධාරණ අන්දමින් මෙය සලකා බැලිය යුතු වෙනවා.
මනු කියවීමට නොහැකිවුණු මාසවල එ්කක ගණන එකතු කොට එ් එ්කක ගණන බිල් නිකුත් කිරීමට නොහැකි වූ මාස ගණනට බෙදලා වෙනවෙනම බිල් නිකුත් කළා නම් කිසිම ගැටලුවක් නෑ...