(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රටවල් 03 රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 91 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානා 04 ක් අද (02)  උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
 
මෙයින් පළමු ගුවන් යානය කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරණ  ගුවන් යානය  අද (02 ) දින අලුයම 1.45 ට එරට රැදී සිටි  ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
 
කටුනායක ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලාංකික ගුවන් මගීන් රැගෙන ආ දෙවන ගුවන් යානය වූයේ අද 02 අබුඩාබි නුවර සිට එක් ගුවන් මගියෙකු රැගෙන විත් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන විශේෂ ගුවන් යානයයි.
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානය අද  උදෑසන 9.45 ට මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 61 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ සිව් වැනි ගුවන් යානය වූයේ මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු රැගෙන අද  උදෑසන 10.45 ට මාලදිවයින් ගුවන් සේවයේ කිව්.- 26940 දරන විශේෂ ගුවන් යානයයි.

මෙම ගුවන් මගීන් සියලු දෙනාම කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා භාජනය කෙරුණි