(අජන්ත කුමාර අගලකඩ)
සහශ්‍ර අභියෝගිතා ගිවිසුම (එම් .සී.සී) ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (01) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.
කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා කමිටු වාර්තාව ඉදිරිපත් කර ඇත.
කමිටු වාර්තාව සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා එහිදී ඇමැතිවරුන්ට දැනුම් දුන් බවද වාර්තා වේ.
එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත්කරන ලද ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සහභාගිත්වයෙන් යුතු කමිටුව සිය වාර්තාව ජනාධිපතිවරයාට ඉකුත් දා බාරදී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මේක දේශපාලන තුරුම්පුවක් වශයෙන් පාවිච්චි කරලා ඡන්දෙ ඉවර වුණාම සියලු කොන්දේසිවලට එකඟවෙලා සල්ලි ඉල්ලාගන්න හදනවා.
අත්සන් කරලා දාන්න.
ඔය යන විදිහ හරි... නැවත පත්වෙන රජයකට ආපසු ඇදලා ගන්න බැරි විදිහටම ප්‍රතික්ෂේප කර කුණු බක්කියට දමන්න..
ඇමෙරිකාව පුදුම කට්ටක්නේ කන්නේ... අපේ රට දියුණු කරන්න. මල් තියලා වඳින්න ඕනෙ ඇමෙරිකාව තියන පැත්ත බලන්...
ඡන්දෙ ඉවර වුණාම ඕක අත්සන් කරනවා. නැතිනම් මොකටද ඕක කැබිනට්ටුවද දන්නේ...? ඉරලා වීසි කරන්නනේ තියෙන්නේ...
ජනාධිපතිවරනෙට පෙර පොහොට්ටුවේ දේශපාලකයෝ රට වටේ කියා කියා ගියේ මේක හොඳ නැහැ කියලා දැන් ඕක කැබිනෙට් එකට දන්නේ කුමටද.?
ඊයේ චැනල් එකක දැක්කා මේ ගිවිසුම ගැන මුලින්ම කටයුතු කොට ඇත්තේ මහින්ද මහතා ජනපතිව සිටි කාලයේ කියා. මේ හෙළිදරව්ව තිබෙනවායැයි කියන්නේ විකිලීස් වෙබ් අඩවිය බව පැවසෙනවා. ඒ කෙසේ වෙතත්, කොරෝනා වෙනුවෙන් පත්කළ නාමික අගමැති හා අමතිමණ්ඩලය මේ ගැන සාකච්ඡා කොට තීන්දු තීරණ ගන්නේ කෙසේද? මේවා කියන්නේ හොඳ සිහියෙන්ද දන්නේ නැහැ. ඡන්දය දිනුවහොත්, මේ සාකච්ඡා තියන්න. දැන් ඒවා නොවෙයි ඉදිරි ඒවානම්, නීත්‍යානුකූල ඒවා වේවි ..
ඉරලා විසිකරනවා කිව්ව අය මාස 8ක් තිස්සේ ඒ ගැන කමිටු දාගෙන කන කට්ටක්. මෙයාලත් දඟලන්නේ මිනිස්සුන්ව ගොනාට අන්දලා රට පාවාදෙන ගිවිසුම අත්සන් කරන්න..
දේසපාලන උපක්‍රම ...
අැමෙරිකාවේ අයට කන්න නෑ.. අවුරුදු ගාණකට කලින් සුළිසුළං, කුණාටුවලට අහුවෙච්ච අය තාම ඉන්නේ කූඩාරම්වල... අැමෙරිකාවට මාරම අමාරුවක් තියෙන්නේ ලංකාවේ පාරවල්, ඉඩම් හදන්න. අපේ රට කරන අයට තේරෙන්නේ නෑ.. ඕක නොතේරෙන කම නොවෙයි. දන්නෑ වගේ ඉන්නවා...
අවසානයේදී, ශ්‍රී ලංකාව කොලනියක් බවට පත්වේවි...