ටෝනි කරුණානායක
මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ දි පොලිසිය සමඟ වු වෙඩි හුවමාරුවේ දී මියගිය 'ගොනා කෝවිලේ රාජා' නැමැති සැකකරු සන්තකයේ තිබූ ගිනි අවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර .සි.ඒ.සමරදිවාකර මහතා අද(01)මිනුවන්ගොඩ පොලිසියට නියම කළේය.
මියගිය පාතාල සාමාජික සැකකරු සන්තකයේ තිබූ බී 7736 අංකය සදහන් පිස්තෝලය සහ එම පිස්තෝලයට යොදන උණ්ඩ 05 ක් මිනුවන්ගොඩ පොලිසිය මගින් අද (01) අධිකරණ යට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එසේ පොලිසියට නියම කළේය.
එම පිස්තෝලය මෙරටට නීත්‍යානුකූලව ගෙන්වන ලද එකක්ද යන්නත් මෙම  පිස්තෝලය කිසියම් අපරාධක් සදහා උපයෝගී කර ඇත්දැයි යන්න වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාට වැඩිදුරටත් නියම කළේය.
රාජා විමලධර්ම හෙවත් ගොනා කෝවිලේ රාජා නැමැති පාතාල සාමාජික සැකකරු රත්මලාන සහ මොරටුව ප්‍රදේශයේ සිදු වු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවත් මිනුවන්ගොඩ පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
ඉකුත් 06 වෙනිදා මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ නිවසක සැගවී සිටි සැකකරුව කැලණිය කොට්ඨාසයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු සහ පොලිසිය අතර ඇති වු වෙඩි හුවමාරුවේ දී පාතාල සාමාජික
ගොනා කෝවිලේ රාජා නැමැති පාතාල සාමාජිකයා මියගොස් තිබුණි.
එම මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය ලබන 29 වෙනිදාට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියම කෙරුණි.
 
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1964										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
’ගොනා කෝවිලේ රාජා’ගේ ගිනි අවිය රජයේ රස පරීක්ෂකට ලබාදීමට නියෝග